ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දි
ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දින සටහන...
...
...
...
.
7. 00ඇහැරීම
7.30 බයිසිකලයේ නැගී පාසැල් යෑම .. මඟ නැවතී බයිසිකල් වල බලාසිටින කෙල්ලො රොත්ත සමඟ
8 - 2 පාසැල (සතියටම ගණිතය පීරියඩ් 3කි . සඳුදා උදයවරුව ක්‍රීඩා .. බදදා උදයවරුව පිහිනුම්.. අඟහරුවාදා හවස්වරුව අත්කම් සහ නිර්මාණ/design ..සිකුරාදා හවස්වරුව චිත්‍ර )
2- 6 දක්වා කැමති වෙලාවක් පාසැලෙන් පසු පාසැල් club එකේ යහළුවන් සමඟ සෙල්ලම් /අත්වැඩ/ කැරෝකේ/ ක්‍රීඩා
හවස ගෙදර පැමිණීම 2න් පසු හිතුන විටෙක. ( පාසැලට ඇතුළුවන විට සහ පිටවන විට sms පණිවිඩයක් පාසැලෙන් ලැබේ.)
හවස ගෙදර -කතා පොත් කියවීම , චිත්‍ර ඇදීම , TV බැලීම. තොර තෝංචියක් නැති පාසැල් විස්තර. යාළුකම්.. තරහමරහ විස්තර
8.30 නිදාගැනීම
ටියුෂන් ගෙදරවැඩ වාරවිභාග නැත.
ගිය අවුරුද්දේ මාස 6 ක් පාසැල් නොගියද (ලංකාවේ සිටි බැවින්) විශේෂ වෙනසකුත් නැත..
(නමුත් ඇයට භාෂාව අමතක වේ යැයි ඇගේ ගුරුවරිය සතියකට හෝ දෙකකට වරක් පාසැල් වෙලාව අතරතුර පැය එකහමාරක් අනිත් දරුවන් සමඟ වීඩියෝ සංවාද පැවැත්වූ බව නොකියාම බැරිය.. එනම් ඇය උගන්වන අතරම වරකට දරුවන් 3න් දෙනා බැගින් දුව සමඟ කතාවට එවන්නීය. ඒ කිසිවක් මගේ ඉල්ලීම් නොවුනි..එසේම නිතරම පහනි ට ගෙදරදී කතා කරන්න කියා දරුවන්ට ඇය කියා තිබිණි. ඒ සඳහා මගේ දුරකථන අංකය දෙමව්පියන්ට දුන්නාට කමක් නැද්දැයි වරෙක ඇය මගෙන් විමසුවාය.. තවද දියණියට චොකලට් පාර්සලයක්, ඊලඟ පාසැල් පොත සහ සියළුම දරුවන් දියණියට ලියූ ලිපි ඇතුලත් පාර්සලයක්ද ඇය ලංකාවට එව්වාය.. සැබවින්ම ඇයද මගේ දියණියට මවකි )
ගුරු දෙගුරු රැස්වීම්වල හවස කළු කෝපි බොමින් මහා බරපතල ලෙස සාකාච්ඡා කරනුයේ දරුවන්ට තව තවත් නිවාඩු දිනවලදීද සෙල්ලම් කිරීමට සෙල්ලම් group සැදීම , යහළුවන් කල්ලි ගැසීම එනම් එකම යහළුවන් කොටසක් ඇසුරු කිරීම වැලැක්වීම වැනි කාරණාය.. පාසැලට එවන් කිසියම් කටයුත්තක් සඳහා එන හැමවිටම makeup නොදා සරල සාමාන්‍ය ඇඳුමකින් සැරසී එන ලෙසද දියණිය මගෙන් උදක්ම ඉල්ලයි .
(අන් බොහෝ දෙමව්පියන් එසේ ඉතාම සරලව පැම්ණෙන බැවින් )
හවස කෑම පාසැලෙන් සැපයෙන අතර හවස පාසැල් club එක සඳහා ගෙවීම දෙමව්පියන්ගේ ආදායම් මට්ටම අනුව විචල්‍ය වේ.. ඇතැම් විට එය ඉතා සුළු ගනනකි.. පාසැල් අධ්‍යාපනය , පෙලපොත් විශ්වවිද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය නොමිලේ.. ඒ හැර මාස 3කට වරක් සෑම දරුවෙකු සඳහාම රු 90000/=ආසන්න මුදලක් දරුවාගේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් මවගේ හෝ පියාගේ ගිණුමට රජයෙන් ලැබේ)
මේ සියල්ල අතරේ ඉඳහිට ඇගේ ගනන් පොතේ විස්තර අසන ලංකාවේ ගණිතය ගුරුවරයෙකු වූ මගේ අයියා සමහරවිට කියනුයේ නංගි අපි ඔය සිද්ධාන්තය touch කරන්නෙ 9 වසරේදි /10 වසරේදී කියාය.. ඇතැම් විට එය ලංකාවෙ 6 වසරේදීය..
මෙය කියවන මගේ හිතවත් වියත්මග උගත් ඔබ ලංකාවේ නව රජය යටතේ දරුවන්ට මේ නිදහස , මේ හුරතල් ලමාවිය ඔවුනට නැවත ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට නව රජයට යෝජනා ඉදිරිපත් කරන්න..මගේ ලිපියේ සැබෑම අරමුණ එයයි.
විශේෂයෙන්ම ලමාරෝග මහාචාර්ය රස්නායක මුදියන්සේ සර් ඔබට මේ සඳහා පෙරමුණ ගත හැකිමයි.
taken from : here

+ 