මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් කරන්නේ නෑ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් කරන්නේ නෑ

    ස්ථිරවම මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් කරන්නේ නෑ

    රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානSන් අතර හමුවක් අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී ඔහු මේ බව පැවැසීය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවත් දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

    එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ජනපතිවරයා පැවැසීය.

    ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් බවත් එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

    ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ඒවා නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

    නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීම පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

    රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    source
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,965
    35,898
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය

    :yes::yes::yes::love::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,965
    35,898
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීම පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

    රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    :yes::yes::yes::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීම පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

    රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    :yes::yes::yes::love::love:

    හ්ම්... නැගීඑන තාරුණ්‍යයේ ගැම්ම වැදගත් දේකට යොදාගන්න බලවේගයක් කරගන්න හොඳම අවස්ථාවක් මේක. කීප දෙනෙක් ඇරුනම කවුරුත් මේ දේවල් අගය කරන්නෙ ඒකයි. අඳිනදේ මොනව වුනත් අඳින අයගෙ ඇතිවෙන මානශික ශක්තිය තමයි ගොඩාක් වැදගත් රටක අනාගතය ශක්තිමත් වෙන්න...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,965
    35,898
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හ්ම්... නැගීඑන තාරුණ්‍යයේ ගැම්ම වැදගත් දේකට යොදාගන්න බලවේගයක් කරගන්න හොඳම අවස්ථාවක් මේක. කීප දෙනෙක් ඇරුනම කවුරුත් මේ දේවල් අගය කරන්නෙ ඒකයි. අඳිනදේ මොනව වුනත් අඳින අයගෙ ඇතිවෙන මානශික ශක්තිය තමයි ගොඩාක් වැදගත් රටක අනාගතය ශක්තිමත් වෙන්න...

    :love::love::love::love::yes::yes::yes:

    ගෝශ
    චින්තන ගීතදේව සින්දු කියනව දැක්ක
    වෝල් ආට් ගහන තැන්වල

    සුපිරිම සතුටුය් ලේ අය්යේ
     
    Similar threads