මේ කියන්නෙ වෙනස්ම කතාවක්...

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මේ කියන්නෙ වෙනස්ම කතාවක්...

    මියැදෙන ජීවිතයක් බේරෙන එකත් කවුරු හරි ඒක බේරගන්න එකත් බොහොම දුර්ලභ දෙයක්....

    හැබැයි ඔය අවස්ථා දෙකටම පත් වෙන කෙනෙක් බොහොම සතුටු වෙනවා....මරණයෙන් ගැලවුණ කෙනා වගේම එයාව බේර ගත්තු කෙනාත්....

    ගිලෙන්න යන කෙනෙක්ව බේරගන්න පුලුවන් හොඳට පීනන්න දන්න කෙනෙක්ට...අනතුරකට ලක්වුණු කෙනෙක්ව බේරගන්න පුලුවන් හොඳින් වාහන පදවන්න පුලුවන් කෙනෙක්ට...පහර කන කෙනෙක්ව බේරගන්න පුලුවන් හොඳින් පහර දෙන්න පුලුවන් කෙනෙකුට....

    ඔය වගේ හැම හැකියාවක්ම තියෙන අයට වගේම කිසිම හැකියාවක් නැති අයට වුනත් වසරකට සියදහස් ගණනකගෙ ජීවිත බේරගන්න දායක වෙන්න ක්‍රමයක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද ???

    ඔව්..ඇත්තටම එහෙම ක්‍රමයක් තියෙනවා...ඒ තමයි අවුරුද්දකට වතාවක් හරි තමන්ගෙ ඇගේ දුවන ලේ බිංදු කීපයක් ජාතික රුධිර බැංකුවට පරිත්‍යාග කරන එක...

    සමහරවිට ඔබ පරිත්‍යාග කරන ලේ බිංදු ටිකකින් හෙට උපදින්න ඉන්න දරුවෙක් ජීවිතේ බේරෙන්න පුලුවන්...අනතුරකට පත් වෙච්ච කාගෙම හරි අම්මෙක් තාත්තෙක් බේරෙන්න පුලුවන්...මොකක් හරි දරුණු අසනීපයකින් ඉන්න සිංහල විතරක් නෙමෙයි මුස්ලිම්,දෙමළ,බර්ගර් වගේ ඕනෑම ශ්‍රී ලාංකික සහොදරයෙක්ව සහෝදරියෙක්ව එකෙන් ගොඩ ගන්න පුලුවන්...

    ඒ විතරක් නෙමේ...මහරගම ජාතික පිළිකා රෝහලේ, කොළඹ Little Hearts වාට්ටුවල ඉන්න අපේ පුංචි මල් කැකුළු වල ලස්සන ඇස් වලට පුංචි බලාපොරොත්තුවක් දෙන්න පුලුවන්...

    ඔබ දන්නවද...ලංකාවේ බැංකු අතරින් සිය තැන්පතු කරුවන්ට පොලී නොගෙවන කරපු තැන්පතු වත් නැවත ලබා නොදෙන ඒ වගෙම තැන්පත්කරුවනුත් පොලිය හෝ තම තැන්පතුව නැවත නොඉල්ලන එකම එක බැංකුවක් තියෙනවා...හැබැයි කොච්චර තැන්පතු ගත්තත් මේ බැංකුවෙ ශේෂය හැමදාම හිස්...ඒ තමයි අපේ ලේ බැංකුව...හැබැයි ලේ බැංකුවත් තමන් ප්‍රදානය කරන ණය හෝ ඊට අදාළ පොලී කවදාවත්ම තමන්ගෙ ගණුදෙනුකරුවන්ගෙන් නැවත අය කරන්නෙ නැහැ...

    ඔව් මේ දේවල් හරිම වෙනස්...ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කරන තරුණ පිරිස් ඒකෙන් ලබන අමුතු වින්දනයක් තියෙනවා...ඒ තමයි පුලුවන් තරම් ලේ දන්දෙන පිරිසක් සහභාගි කරවා ගැනීම...ඔවුන් ඒ සඳහා විවිධ ප්‍රචාරක කටයුතු සිදු කරනවා...ඔවුන්ගේම වචන වලින් කියනවනම් "ඒකත් මහ අමුතුම ආතල් එකක්"...

    හැබැයි මේ දිනවල රටේ ඇතිවෙලා තියෙන පාරිසරික ප්‍රබෝධය නිසා ඔවුන්ගෙ සමහරක් ප්‍රචාරක වැඩ කටයුතු නම් ටිකක් නැවතිලා...මේ වෙලාවෙදි Facebook, Viber, Whatsp හා Twitter වගේ සමාජ මාධ්‍ය තමයි ඔවුන්ගේ උදව්වට ඉන්නෙ...

    ඒ හින්දම ලේ දන්දීමේ වැඩසටහනක් ගැන තොරතුරක් ලද සැනින්ම ඒ පිලිබඳව අපි අනිත් අයව පුලුවන් උපරිමයෙන් දැන්වත් කරමු....අපිත් සහභාගි වෙමු....ඔව් ඔබ ඇත්තටම මේ කරන්නෙ ජාතික සේවයකට එහා ගිය මානුෂිය සත්කාරයක්....

    මේ කතාව ලියන අපි ජා-ඇල උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසලේ ආදි ශිෂ්‍ය එකමුතුව...අපි නොකඩවා 6 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන දෙසැම්බර් 15 වනදා එනම් හෙට දවස පුරාම පන්සලේ පැවැත්වෙනවා...

    අපිත් එක්ක සතුට වගේම සහෝදරත්වය බෙදා ගෙන ජීවිතයක් බේරගන්න ඔබත් හෙට එන්න...

    ඔව්...ඇත්තටම මේක හරි වෙනස් කතාවක්...

    පුලුවන් තරම් Share කරලා චිත්‍ර වලින් රට අලංකාර කරන, පැල හිටවල රට සුන්දර කරන කොල්ලො කෙල්ලො ගැන වගේම මේ සමාජ කුලකය ගැනත් රටේ කතිකාවතක් ඇති කරමු....

    ජය වේවා !!!

    දහම් පාසල් ආදිශිෂ්‍ය එකමුතුව
    ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල උත්තමාරාම පුරාණ විහාරය
    ජා-ඇල
    ( 0773116553)