පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි.. ලංකාදීපේ පුවත ගැන මට ඇතිවුනේ සිනාවකි. රනිල් නම් මරුය. මරු නම් රනිල්ය. මට මතක්වුනේ ජනපතිවරණය ලන්වීමත් සමග රනිල් වහ වහා කලබලයෙන් විධායක ජනපතිදුරය අහෝසි කිරීමට හදිසියේ තීරනය කිරීමය. ඒ සදහා වහාම ක්‍රියාත්මක වීමයි. හේතුව ඉතා පැහැදිලිය. තමුන්ට මේ පාර ජනපති වෙන්න බැරි බව දන්නා නිසා විධායක ජනපතිදුරය අහෝසිකිරිම තුලින්ර නිල්ට ලැබෙන වාසි රාශියකි.
(1) ගොටාබයට අවාසියක් කිරීම. ජනපති ධුරය නාමික නම්, ගෝට දිනවා ඇති වැඩක්දැයි ජනතාව කල්පනා කිරීම.
(2) සජිත් දිනුවත් නාමික දුරය නිසා සජිත් පබයෙක් වීම හරහා රනිල් පක්ෂයේ තම අදිපත්‍ය තහවුරු කිරීම.
(3) රනිල් අගමැති වූ පසු රටේ ප්‍රධානියා රනිල් වීම.
MY3 ත් ඉන්නේ රනිල්ගේ බෝට්ටුවේ නිසා ඔහුගේ සහයද ගත හැකිය. JVP එකද එක පයින් කැමතිය. එහෙත් ජාතියේ වාසනාවට එය ඉටු නොවිය.
(MY3 හෝ වේවා රනිල් හෝ වේවා සජිත් හෝ වේවා දන්ඩියාගේ මහේෂ්
හෝ වේවා අනුර කුමාර හෝ වේවා මේ සියලු ගෙනාගේම බිහිසුණු සහ සහාසික සතුරා ගෝටබයයි. සාමාන්‍යයෙන් මැතිවරණයකදී විපක්ෂයේ තරග කරන පිරිස් ආණ්ඩු බලයේ අපේක්ෂකයා පැරදවීමට ක්‍රියාකිරීම අරමුණු කරත් පහුගිය ජනපතිවරණය ඊට වඩා වෙනස්ය)
සජිත් කෝපයෙන් විධායක ජනපති අහෝසිවීම ගැන කතා කළේය. ඒ "සජිත් භීතිකාව" කියන වචනයද පාවිච්චි කරමිනි.
අවුරුදු 4 වැඩි කාලයක් තිස්සේ අවශ්‍යනම් විදායක ජනපති අහෝසි කිරීමට අවස්ථාව තිබියදී, මෙසේ හදිසියේ දනී පනී ගා කිරීම අහෝසි කිරීමට උත්සාහ කිරීම විහිළුවකි.
අවරුදු 25 විතර පසු දැන් රනිල් පක්ෂ නායකත්වයෙනුත් විසිවෙන්න යන අවස්ථාවයි. රනිල්ගේ මොලය කාර්යක්ෂමව වේගයෙන් යලිත් වැඩ කරන්න පටන් ගෙන තිබේ. දැන් මට අමුතුවෙන් මේ කතාවේ ඉතිරි ටික ලියන්න උවමනා නැත. පහලින් ලංකාදීපේ පුවත බලන්න. රනිල් නම් මරුය. මරු නම් රනිල්ය.
...................................................................................................
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.
copyright :Lankadeepa newspaper
.........................................
(1) ගොටාබයට අවාසියක් කිරීම. ජනපති ධුරය නාමික නම්, ගෝට දිනවා ඇති වැඩක්දැයි ජනතාව කල්පනා කිරීම.
(2) සජිත් දිනුවත් නාමික දුරය නිසා සජිත් පබයෙක් වීම හරහා රනිල් පක්ෂයේ තම අදිපත්‍ය තහවුරු කිරීම.
(3) රනිල් අගමැති වූ පසු රටේ ප්‍රධානියා රනිල් වීම.
MY3 ත් ඉන්නේ රනිල්ගේ බෝට්ටුවේ නිසා ඔහුගේ සහයද ගත හැකිය. JVP එකද එක පයින් කැමතිය. එහෙත් ජාතියේ වාසනාවට එය ඉටු නොවිය.
(MY3 හෝ වේවා රනිල් හෝ වේවා සජිත් හෝ වේවා දන්ඩියාගේ මහේෂ්
හෝ වේවා අනුර කුමාර හෝ වේවා මේ සියලු ගෙනාගේම බිහිසුණු සහ සහාසික සතුරා ගෝටබයයි. සාමාන්‍යයෙන් මැතිවරණයකදී විපක්ෂයේ තරග කරන පිරිස් ආණ්ඩු බලයේ අපේක්ෂකයා පැරදවීමට ක්‍රියාකිරීම අරමුණු කරත් පහුගිය ජනපතිවරණය ඊට වඩා වෙනස්ය)සජිත් කෝපයෙන් විධායක ජනපති අහෝසිවීම ගැන කතා කළේය. ඒ "සජිත් භීතිකාව" කියන වචනයද පාවිච්චි කරමිනි.
අවුරුදු 4 වැඩි කාලයක් තිස්සේ අවශ්‍යනම් විදායක ජනපති අහෝසි කිරීමට අවස්ථාව තිබියදී, මෙසේ හදිසියේ දනී පනී ගා කිරීම අහෝසි කිරීමට උත්සාහ කිරීම විහිළුවකි.
අවරුදු 25 විතර පසු දැන් රනිල් පක්ෂ නායකත්වයෙනුත් විසිවෙන්න යන අවස්ථාවයි. රනිල්ගේ මොලය කාර්යක්ෂමව වේගයෙන් යලිත් වැඩ කරන්න පටන් ගෙන තිබේ. දැන් මට අමුතුවෙන් මේ කතාවේ ඉතිරි ටික ලියන්න උවමනා නැත. පහලින් ලංකාදීපේ පුවත බලන්න. රනිල් නම් මරුය. මරු නම් රනිල්ය.
...................................................................................................
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.
copyright :Lankadeepa newspaper
.........................................
Last edited:

. එක හරි හමන් පිරිමියෙක් නැද්ද ඔය පක්ෂේ 