ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම&

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම&

    Kamal Wanniarachchi





    හොයන්නෙ බලන්නෙ නැතුව ලංකාවෙ car sale වලින් වාහන ගන්න එපා.....
    ( ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් මේක කියවන්න)

    ලංකාවෙ car sale වලින් සිදු කරණ මගඩි වැඩ ගැන පහුගිය කාලෙ මම ලොකු අධ්‍යයනයක් කරා, මොකද අපි අලුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටි නිසා. එහිදී මට දැන ගන්නට ලැබුණු තිත්ත ඇත්තනම් 95% sale වල මේ දේවල් වෙනවා, අඩුම තරමේ mileage එක වෙනස් කිරීමවත් කරණවා. මෙහි භයානකම තත්වය, ජපානයේ recycle සඳහා ඉවත් කල වාහන පවා මෙහි ගෙනවිත් විකුණන එක. නමුත් වාසනාවට මෙවන් මගඩි වැඩ සොයා ගැනීමට අපට පහසුකම් තිබුනත්, අවාසනාවට අපි මේ පිළිබඳ දැනුවත් නෑ. මම මේ පිලිබඳ දැනුවත් වී ගිය නිසා අහුවෙන්න ගිහිපු ලොකු උගුලකින් ගැලවුන හැටිත්, ඒ පිලිබඳ ඔබව දැනුවත් කිරීමටත් තමයි පහත උත්සාහය.....
    (JAAI , JEVIC certificates, Auction grades ගැන විස්තර කරන්න ගියොත් ලිපිය දිගුවන නිසා; ඉල්ලීමක් ලැබුනොත්, ඉඩක් ලැබුණු වෙලාවට ඒ පිලිබඳවත් ලියන්නම්)
    පසු ගිය දිනක අපි නුගේගොඩට ගියේ ප්‍රසිද්ධ web site එකක පලවුණු වාහනයක් බැලීමට. Car sale එකට ගිය පසු අපි බලන්න ආපු වාහනයට වඩා අපිට හිත ගියේ එතන තිබුණු wagon R වර්ගයේ වාහනයකට. එය සාමාන්‍ය Wagon R වාහනයකට වඩා option වැඩි ,තරමක් මිලෙන්ද වැඩි වාහනයක්. (පළමු හා දෙවන ජායාරූප) හොඳට වාහනය පරීක්ෂා කර අපි වාහනය මිලදී ගැනීමට තීරණය කලේ bargain කර මිලෙහි යම් වෙනස් කමක් කල පසුයි. ඉන්පසු එයට අදාල auction sheets, JAAI documents අපි ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අපට document එකක් ලබා දුන්නා, නමුත් මගේ අත්දැකීමෙන් එය preshipment document එක පමණක් බව අවබෝධ උනා. අනෙකුත් ලියකියවිලි පිලිබඳ විමසූ විට ,ඔවුන් කියා සිටියේ එදින ඉරිදා බැවින් ඊලඟ දිනයේදී ඒවා ලබා දිය හැකි බවත්, එදින අත්තිකාරමක් ගෙවන ලෙසත්ය. වාහනයේ chasis number එක ආධාරයෙන් වාහනය පිලිබඳ වාර්තාවක් www.jpcenter.ru/report යන web site එකෙන් අපිට ලබා ගත හැකි අතර මේ සඳහා $10 මුදලක් අය කරනවා. ඔවුන් ලබාදුන් document එකේ තිබූ chasis අංකය ආධාරයෙන් මම එම reports එවෙලේම ලබා ගත්තා. එහිදී ලැබුනු වාර්තාව දුටු අප විශ්මයට පත් උනා. එය දරුණු අනතුරකට ලක්වී recycle කිරීම සඳහා වෙන් කල වාහනයක්....!!!! (තුන්වන ජායාරූපය) එම ජායාරූපය ඔවුන්ට පෙන්වූ විට බිම බලා ගැනීම හැර කලහැකි දෙයක් ඔවුනට තිබුනේ නෑ. $10 මුදලකින්, සිදුවීමට ගිය ලක්ශ ගණනක පාඩුවක් වැලකුනා.
    ඉන් පසු තව car sale රැසකට ගියත්, නිවැරදි documents ඉදිරිපත් කිරීමට එක sale එකක හැර අනිත් කිසිම තැනකට බැරි උනා. සියලුම තැන් වලින් කියන දෙයක් තමයි "ඕනනම් company දාල check කරගන්න කියන එක, එහෙම නැත්නම් අපි sterlin,kobe වගේ warranty දෙනවා කියන එක. මේවා අපිව අල්ලගන්න කියන කතා. නමුත් ඔවුන් අවශ්‍ය JAAI/JEVIC inspection report හෝ Auction sheet වෙනුවට ඉදිරිපත් කරන්නේ , shipment document වැනි දේවල්. Original document දුන් එකම ආයතනයේ documents නුත් අපි original documents බව verify කර ගත්තා. මොකද මේ documents පවා හොරට හදන නිසා. JAAI documnts නම් JAAI documents වල ජායාරූප [email protected] ලිපිනයට email එකක් යැවීම තුලින්ද (සිවුවන ජායාරූපය) JEVIC documents නම් https://www.jevic.com/jevic-initi…/e-certificates/index.html
    link එක ඔස්සෙ ගොස් chasis no. එක enter කිරීමෙන්ද verify කරගත හැකියි.

    මෙම වංචාව අපිට වැලැක්විය හැක්කේ මේ පිලිබඳව සියලු දෙනා දැනුවත් කිරීම තුලින් පමණයි. අපි හොයන්නෙ බලන්නෙ නැතුව වාහන ගන්න තාක් කල් ඔවුන් මේ දේ දිගටම කරගෙන යාවි. තවත් දෙයක්; ලංකාවෙ ඇතැම් මහා පරිමාණ වාහන විකුණුම් කරුවො, ඔය JAAI වගේ inspection වලට දාන්න කලින්ම අර වගෙ වෙනස් කිරීම කරණවලු( මා කියවූ දෙයක් පමණයි, මා සතුව සාක්ශි නැත) .
    කිසිම වාහනයක් original documents නැතුව ගන්න එපා, documents දුන්නත් මම කලින් කියපු ක්‍රම වලින් verify කර ගන්න. ඒව හරියන්නැත්නම් කොච්චර වාහනේට ආස උනත් ගන්න එපා. පුලුවන්නම් දන්න වාහන ගෙන්නන කෙනෙක්ට කියලා auction එකෙන් බලලාම වාහනයක් ගෙන්න ගන්න.
    මේ පණිවිඩය හැමෝටම දැනගන්න පුලුවන් තරමක් share කරන්න.



    81625910_10157350062638929_7525310184705490944_o.jpg





    82156884_10157350062833929_362391752545402880_o.jpg







    82519019_10157350063238929_8725376982679814144_n.jpg



    81450797_10157350063398929_7901951801220399104_o.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වාහන ගෙන්නල දෙනව කියන එවුනුත් ඕකෙම අනික කරන්නෙ. පෙන්නන්නෙ මොනවහරි ෆොටෝ ටිකකුයි විස්තරයි. ඇඩ්වාන්ස් එක ගන්නව ලක්ෂ ගාණක්. ඉන් පස්සෙ එවෙලෙ ඉඳලා අරකට මේකට කියල සල්ලි ගන්නවා. වරායට වාහනේ ආවම, ගෙදර ගෙනත් බලද්දි, සර්විස් එකට දාද්දි, අනික් උන් බලලා විස්තර කියද්දි තමයි තරු විසි වෙන්නෙ.

    මොකෙන් ගත්තත් ගන්න වාහනේ හොඳටම බලලා ගන්න එකයි කරන්නෝන. අඩුම මිලට හොඳම වාහන, ලංකාවෙ අංක එක වගේ කියාගන්න එවුන් කියන්නෙ ආයෙම ඉතින් සුපිරිම ගේම් කාරයො.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,475
    8,244
    113
    appada bola...
    patta ban me information tika puluwannam
    ubage phone no eka inbox dapan mamath
    ekaka ganna innawa etakota ubata call ekak dennam
     

    ch@nuka

    Junior member
  • May 14, 2011
    66
    3
    8
    indian alto akka wage check kara ganna oya wage thiyana krama monada
    danna kenek kiyanna loku deyak akath
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විල්සන් මාමා;25074461 said:
    Machan https://www.jpcenter.ru/ website eken inspection report ekak ganna widiya detailed athuwa dapanko. Mara watinawa. Rep ++

    මම මේ දැන් මගේ කාර් එකට රිපෝට් එකක් ගත්තා මචන්.

    වාහනේ චැසි නම්බර් එකයි, ගෙන්නපු අවුරුද්දයි මාසෙයි දාලා "FIND" බටින් එක ක්ලික් කරපන්. ඊට පස්සේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා, පේමන්ට් එක කරපන්. ඩොලර් දහයයි යන්නෙ.

    විනාඩි තිහකින් විතර උබේ වාහනේ රිපොර්ට් එක මේ පේජ් එකේ පෙන්නයි. ඊට පස්සෙ ඒක ක්ලික් කරලා බලපන්.


    https://www.jpcenter.ru/report