සයින්දමරදු_ඇත්ත_කතාව
සයින්දමරදු නගර සභාව ‘මුස්ලිම් ප්‍රාදේශීයවාදයෙන්, මුස්ලිම් ගෝත්‍රවාදයට‘ ට
කාලයෙන් කාලයට නව පළාත් පාලන ආයතන/ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීම සමාජීය හා දේශපාලන අවශ්‍යතාවයකි.
උදාහරණයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රක්කයේ අඹගමුව ප්‍රාදේශීය සභාව අඹගමුව, මස්කෙලිය හා නෝවුඩ් ලෙස ආයතන තුනකට බෙදන ලදී. පුද්ගලිකවත්, කැෆේ සංවිධානය ලෙසත් එදා මම ඒ සදහා කළ හැකි සෑම දෙයක්ම කළෙමි.
හැමෝම දැන් කථා කරන සයින්දමරදු නගර සභාව පිහිටුවීමට දිගු කලක් යෝජනා වී තිබුණි. එහි සමාජ - දේශපාලනය අවශ්‍යතාව නැතිවාම නොවේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර සයින්දමරදු මහ පල්ලිය භුමියේ තිබු රැස්වීමක දී මම ප්‍රකාශ කළේ ‘මුස්ලිම්වරුන්ගේ උග්‍ර ප්‍රාදේශීයවාදයෙන්‘ නැගෙනහිරට සිදුවන යහපතක් නොමැති බවයි. ‘මුස්ලිම්-කල්මුණේ ප්‍රාදේශීයවාදයෙන්‘ - මුස්ලිම් ගෝත්‍රවාදයට‘ යාම හෙවත් මහා තාප්පයට පිටින් පුංචි තාප්පයක් බැද ගැනීමකි.
බලය බෙදීමේ සංකල්පය පිළිගන්නා මම සයින්දමරදු නගර සභාවකට පක්ෂ වෙමි. නමුත් එහි තවත් පැති කිහිපයක් තිබේ. මේ එහි අනික් පැත්තේ කථාවය.
නැගෙනහිර පුරා මුස්ලිම් ප්‍රාදේශීයවාදය ඔඩු දුවා ඇත්තේය. ත්‍රිකුණාමලය අගනුවර ත්‍රිකුණාමලේට ඇත්තේ නගර සභාවකි. ඒ ද්‍රවිඩයින්ට මහ නගර සභාවක බලය හිමිවීම වැලැක්වීමට වැඩි දෙයක් නොවේ. විද්‍යාත්මක පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී ත්‍රිකුණාමලයට වඩා අඩු ප්‍රමුඛත්වයක් හිමි විය යුතු අක්කරේපත්තුව මහ නගර සභාවක් බිහිවූවේය. ඒ දැඩි ප්‍රාදේශීයවාදී දේශපාලනඥයෙකු වූ පළාත් පාලන ඇමතිවරයා වූ අතාවුල්ලාගේ බලයෙනි. අතාවුල්ලා වරක් නාම යෝජනා පත්‍ර යේ නම ලිව්වේ අ.අ.අ.අ.අතාවුල්ලා කියා ය. බොහෝ දෙනා එදා හිතුවේ ඒ ‘අ‘ යනු ටික මනාප අංක 1 ලබා ගැනීමට කියාය. නමුත් ඔහු කිව්වේ ‘අක්කරේපත්තු අල් ආලිම් අල්හාජ් අතාවුල්ලා‘ තමාගේ නම බවයි. අංක එක ලබා ගන්නට ෆේරියල් අශ්රොෆ් මහත්මිය අ.අ.අ.අ.අ. යැයි ‘අ‘ අකුරු 5 ක් ඉදිරියට දමා ලබා දුන් නාම යෝජනාව බාර ගත්තේ මගේ මතකයේ හැටියට, සුනිල් කන්නංගර Sunil Kannangara දිගාමඩුල්ල තේරීම් භාර නිලධාරීයාට ය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීම
නුවරඑළියේ දැනට ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 කි. දැනට බොහෝ කලක සිට එම සංඛ්‍යාව 11 දක්වා වැඩි විය යුතු යැයි වූ යෝජනාවට මම 2015 දී ද, විවෘතව පෙනී සිටියෙමි. අවසානයේ දී අඩුම ගණනේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2 ක් වත් නුවරඑළියට ලබා ගන්නට මම හඩක් නැගීමි. නුවරඑළියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ආසන්න මතකය අනුව ග්‍රාම සේවා වසම්, වලපනේ 117, හගුරන්කෙත 127, නුවරඑළිය 72, අඹගමුව 80 කි. හගුරන්කෙත, වලපනේ එක කෙරවලක සිට අනික් කෙරවලට වාහනයෙන් යන්නත් දවසක් ගතවේ. ප්‍රශ්ණය ඇත්තේ එතැනය. කාර්යාලය ගණන වැඩි කිරීමට මනෝ ගනේෂන්, දිගම්බරම්, තෝණ්ඩමන් සහ සී.බී.රත්නායක කථා කළේය. ඔවුන් බලයේ සිටි නමුත් වැඩේ විතරක් සිද්ධ වූයේ නැත.
දිගාමඩුල්ල කාරතීව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට විනාඩි 15 ක පා ගමනින් කල්මුණේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට ඇවිද යා හැකිය. කාරතීව් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආරම්භවන තැන සිට කල්මුණේ මායිමට පැයකට අඩු කාලයකින් පයින් යා හැකිය. ගම්පහ රාජ්‍ය නායකයින් තිදෙනෙකු බිහි කළ අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 153 ක් ඇත. යක්කල කොට්ඨාශය බිහිකරන්නේ නැත. මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ග්‍රාම නිලධාරි වසම් 178 ක් හෝ එයට ආසන්න ගණනකි. අඩුම ගණනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 ක් බිහිවිය යුතුය. එකක් වත් බිහිවන්නේ නැත. සැබෑ ප්‍රශ්ණය ඇත්තේ එතැනය. මධ්‍යම ආණ්ඩුකාරයා ලෙස මම නැවත නුවරඑළිය ප්‍රා.ලේ. කාර්යාලය ප්‍රශ්නයට අත ගැසූවෙමි. වැඩේ කරන්නට කාලයක් තිබුණේ නැත.
ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු විසදා ගැනීමට කුඩා පරිපාලන ඒකක නිර්මාණය විය යුතුය. පළාත් පාලන ආයතන පමණක් නොව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද පිහිටුවිය යුතුය. උදාහරණයක් ලෙස, දකුණු පළාතේ හම්බන්තොට වලස්මුල්ල, මාතර වැලිපිටිය හා ගාල්ල ගෝනාපීනුවල ට අලුතෙන් පලාත් පාලන ආයතන හදන්නට දිගුකාලීන යෝජනාවක් පමණක් ඇත. හම්බන්තොට ඕකේවෙල ගමේ මිනිස්සුට වලස්මුල්ල ප්‍රා.ලේ. කාර්යාලය පසු කොට ඔය දෙසබල බලා ඕකේවෙල ප්‍රා.ලේ.කාර්යාලයට හෙටත් පැමිණිය යුතුය. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මුලසුන දැරූ රැස්වීමේ සටහන් තවම මා ලගය. ලිපිගොනු ගාල්ලේ තවම තිබිය යුතුය. ප්‍රශ්ණය විසදෙන්නේ පමණක් නැත.
අප කැමති වුනත්, නැතත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ‘කල්මුණේ‘ යැයි නිල නොවන නමුත්, කාර්යාල කිහිපයක් මගින් බිහිකරන ලද කෘතීම දිස්ත්‍රික්කයක් තිබේ. සැබවින්ම, ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක් නොව26 කි. ලෝකයේ කෙහෙවත් ‘අතිරේක දිසාපති කාර්යාලය‘ කියා ජාතිකයක් නැත. නමුත්, කල්මුණේ එවැන්නක් ද තිබුණේය. 26 වන දිස්ත්‍රික්කය කල්මුණේ ය!
සාමාන්‍ය යෙන් දිස්ත්‍රික්කයට ඇත්තේ එක් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයකි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට, අම්පාර හා කල්මුණේ කියා කාර්යාල දෙකක් ඇත. එලෙසම දිස්ත්‍රික්කයට එකක් පමණක් පැවතිය යුතු මිනින්දෝරු, මහාමාර්ග, කම්කරු, පළාත් පාලන, සමූපකාර, ගොවිජන සේවා, පරිසර අධිකාරිය, අධ්‍යාපන, වැනි රාජ්‍ය ආයතනය රැසක දෙවන කාර්යාල කල්මුණේ පමණක් ඇත.
අඩ්ඩාලච්චේන ප්‍රා.ලේ. කොට්ටාශයේ ඇති ‘දීගවාපිය ගම‘ දමන ප්‍රා.ලේ.කොට්ඨාශයටත්, දමන ප්‍රා.ලේ. කොට්ඨාශයේ නීත්තගම්මානය අඩ්ඩලච්චේන ප්‍රා.ලේ. කොට්ඨාශයටත් අඩ්ඩලච්චේන ප්‍රා.ලේ. කොට්ඨාශයටත් හුවමාරු කිරීමේ යෝජනාවක් ද මේ වන විට මුස්ලිම් ප්‍රජාව විසින් ඉදිරිපත් වී ඇත. (මෙම ඉල්ලීම ද ඉටුවන්නේ නම්, දකුණු අප්‍රිකාව මැද තිබෙන ලෙසතෝව හා ස්වාසිලන්තය දිගාමඩුල්ල දිස්ත්‍රික් සිතියමේ ද මතු වනු ඇත) ප්‍රාදේශීයවාදය - ගෝත්‍රවාදය දක්වා පුළුල්වීම හෙට නොව අද අප අත්දකිමින් සිටිමු.
නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි නමුත්, බදුල්ල දිස්ත්‍රික්කටය ඇත්තේ දියතලාව හා මහියංගන මුලික (බේස්) රෝහල් දෙක පමණී. කල්මුණේ, සමන්තුරේ, පොතුවිල්, අක්කරේපත්තු වැනි අම්පාරේ සෑම ප්‍රධාන නගරයකම ෆවුසි මුලික රෝහල් ඇත! සයින්දමරදුට එවැනි පහසුකම් සහිත රෝහල් ලැබිය යුතුය. බදුල්ලට එයටත් වඩා අවශ්‍යය.
‘කල්මුණේ මුස්ලිම් ප්‍රාදේශීයවාදය‘ ඉක්මවා ගිය ගෝත්‍රිකවාදය
සමන්තුරේ ඉන්නේ ‘සම්මාන් යාත්‍රාවලින් මලක්කාවේ සිට පැමිණි මුස්ලිම්වරුය. හබ්බාන් යාත්‍රාවලින් පැමිණි මුස්ලිම්වරු පිරිස පොතුවිල් හා හම්බන්තොට ය. අඩ්ඩාලච්චේන ඉන්නේ දෙමළ ජනතාව මිශ්‍ර වූ මුස්ලිම්වරුය. අක්කරේපතුවේ සිටින්නේ ඉරානයේ මූලය සහිත මුස්ලිම්වරුය. සයින්දමරදුවලින් එහා පැත්තේ අලෙයිඅඩිවෙබ්බු ප්‍රදේශයේ සිටින්නේ ද්‍රවිඩ ජාතිකයින් හා වැදි ජනතාව මිශ්‍රවූ මුස්ලිම්වරුන්ය. සිංහල මිශ්‍ර මුස්ලිම්වරුන් පොතුවිල් කොටසක ය. (යේමනයේ සිට පැමිණි මුස්ලිම්වරු බේරුවල ය.) නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් පදිංචි කළේ සෙනරත් රජතුමා ය. දැන් ඒ මුස්ලිම්වරුන් සයින්දමරදු පමණක් නොව සමන්තුරේ, පොතුවිල්, අක්කරේපත්තු, අඩ්ඩාලච්චේනට පළාත් පාලන, ප්‍රාදේශීය කාර්යාලය පිහිටුවා ගනිති. මුස්ලිම් ප්‍රාදේශීයවාදය ඓතිහාසිකය. මුස්ලිම් ගෝත්‍රිකවාදය දේශපාලනිකය.
සයින්දමරදු කථාව
සයින්දමරදු ඇතුලත් වූ කල්මුණේ මහ නගර සභාවේ සයින්දමරදු කොට්ඨාශ හයම සියල්ලම දිනුවේ ස්වාධීන කණ්ඩායමකි. ඔවුන් මන්ත්‍රී ධූර 9 ක් ලබා ගත්තේය. පිටුපස සිටියේ රිෂාඩ් බදුර්දීන් ය. මෙහෙයුම සිදු කළේ මහ පල්ලියේ සංවර්ධ සභාවේ සභාපති ‘හනීෆා‘ මහත්තයා ය. ඔවුන්ගේ මැතිවරණ තේමා පාඨය වුණේ සයින්දමරදු නගර සභාවක් ස්ථාපනය කිරිමය. සයින්දමරදු නගර සභාව ස්ථාපනය කිරීමේ ගෞරවය දිනාගෙන ඇත්තේ අක්කරේපත්තුවේ අතාවුල්ලා ය. රිෂාඩ් - හකීම් ට කළ නොහැකි වූ දේ අතාවුල්ලා කර ඇත. නමුත්, එය තවත් ගැටළුවක් නිර්මාණය කර ඇත.
පක්ෂ පාට කණ්නාඩියෙන් නොව සමස්ත චිත්‍රය වඩා වැදගත් ය. නුවරඑළියට තවත් ප්‍රා.ලේ. කොට්ඨාශ දෙකක්වත් වහාම ඇති කළ යුතුය. ගලගෙදර, අත්තනගල්ල ජනතාවට සේවය කිරීමට පහසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇති කළ යුතුය.
ප්‍රශ්නය ඇත්තේ ‘මුස්ලිම් ප්‍රාදේශීයවාදය - මුස්ලිම් ගෝත්‍රවාදය‘ බවට පත්වීම පමණක් නොවේ. ලැබිය යුතු අනෙක් තැන්වලට පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නොලැබීම ය. පාර්ලිමෙන්තුවට විද්වතුන් නොව දැනුමක් සහිත, සමාජ අවබෝධයක් සහිත ප්‍රායෝගික දේශපාලනඥයින් අවශ්‍ය මෙවැනි සංකීර්ණ ගැටළු විසදන්නට ය. 2020 මහා මැතිවරණය එයට අත්වැලක් කොට ගත යුතුය.
රජිත් කීර්ති තෙන්නකෝන්
ඌව, දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර
PS - කරුණාකර පක්ෂ පාට කණ්නාඩියෙන් නොව සමස්ත චිත්‍රය බලන්න , සැබෑ ප්‍රහ්නය තේරුම් ගන්න . අප පක්ෂ පටවලට බෙදී සිල්ලර දේවල් වලට මරාගන්නා විට ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ චන්ද කුට්ටියට පෙරේත දකුණේ දේශපාලකයන් ලවා කරගන්නවා ඇත
සයින්දමරුදු බලප්‍රදේශය මිට කලින් අයිති වෙලා තිබුනේ කල්මුණේ නගර සභාවට , එනිසා අමුතුවෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ , උනේ වෙන දෙයක් බහුවාර්ගික නගර සභාවෙන් කෑල්ලක් කඩලා මුස්ලිම් ජන වර්ගයට වෙන්කර දීම
කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද අලුතින් නගරසභාවක්
එක හරියට කොළඹ නගරසභාවෙන් වැල්ලවත්ත කඩලා දෙමළුන්ට දුන්නා වගේ

Last edited:

දැන් මේක උදාහරනෙකට අරන්වත් අනික් පළාත් වල ඉන්න උනුත් අවශ්‍යතාවේ අනුව ප්‍රාදේශීය සභා නගර සභා ඉල්ල ගන්න එකයි ඇත්තෙ