අපේ උන් කැලෑ කපද්දි හික්කඩුවේ කොරල් වවන ජ&#351

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ උන් කැලෑ කපද්දි හික්කඩුවේ කොරල් වවන ජ&#351

    16904763_10208236234691090_2218469376535520728_o.jpg


    දවසක් හික්කඩුවෙ ස්නොක්ලින් කරද්දි කොරල් රීෆ් එක අල්ලල බලන කොට ඒ ලගින්ම මතුවෙච්ච මහ විසාල සුද්දෙක් මට ලෙඩේ දැම්ම ....

    වතුර යට නිසා.. අත් කකුල් හතරෙන්ම ඌ දගලලා දගලා මට කිවුවෙ එහෙම කරන්න එපා කියලා ...

    උගේ බූදලයක් වගේ ඌ ලෙඩේ දාපු විදියට මට යකා නැග්ගත් ... වැඩේ ඇත්ත නිසා මම හෙමින් සීරුවෙ ගොඩට ආවා ....

    පස්සෙ වැල්ලෙදි ඉන වටේ බැඳගනිපු පෝර බැග් එකකුත් එක්ක .. පිස්සෙක් වගේ .. ඇවිදින මේ තඩි ජර්මන් කාරයව මම අල්ලගත්තා ...

    පොරගෙ නම රයෛනා ...

    2012 ඉදල යුරෝපයේ හැම අවුරුද්දකම ශීත සෘතුවකදිම ලංකාවට ඇවිත් .. තමන්ගෙ වියදමෙන් .. දවසකට රු 2500 ගානෙ මාස තුනක හෝටල් කාමරයකට කුලී ගෙවාගෙන ගෝනි නූල් වලින් පෝර බෑග් මහගෙන දවස ගානෙ පොර කරන්නෙ හික්කඩුවෙ සුනාමින් පස්සෙ විනාස වෙලා ගිය කොරල් පරය නැවත සකසන එක ....

    තැන තැන විසිරිල ගිය කිලෝ විස්සෙ විසිපහේ කොරල පර කෑලි ඉනේ බැඳපු පෝර උරේක දාගෙන එක තැනකට ගෙනැල්ල .. නැවත වර්ධනය වෙලා ජීවී තත්වයට පැමිනෙන්න සුදුසු ආකාරයට හදන හැටි...

    අවුරුදු ගානක් කිසිම මැදිහත්වීමක් නැතුව ඔහු පෞද්ගලිකව සැකසූ පර්චස් 21 පමන ප්‍රමානයක නව පරය ගැන සහ ඒ ආශ්‍රිතව අලුතින් වර්දනය වන ජීවි ප්‍රජාව ගැන සහ ඔවුන්ගේ හැසිරීම අද්‍යණයෙන් ඔහු ලබන සතුට ගැනත් ඔහු විස්තර කරා ...

    මගේ පෞද්ගලික තොරතුරු ඇහුවට පස්සෙ වඩාත් කුලුපග උනු ඔහු , ඔහු භාවිතා කර සමහර විද්‍යාත්මක නාමයන් සහ ඔහුගේ නොපැහැදිලි ඉන්ග්‍රීසි උච්චාරනය නිසා මට නොතේරුන සමහර දේවල් වැල්ලේ රූප සටහන් අඳිමින් .. ඈත සිථිජයෙන් රතුපාටට ඉර බැහැල යන්න හදනකන්ම පැහැදිලි කරා ...

    " මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි මිනිස්සුන්ට මේ තරම් වටිනාකමක් ඇති තැනක වටිනාකම තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල ... .. " මම මේ හික්කඩුව වැල්ලට ආදරෙයි ...
    මූදට ... මෙහේ මාලුන්ට .... "

    "මම මැරෙනකන් මේක පුලුවන් තරම් ලොකුවට හදන්නයි එකම ආසාව... ඊට පස්සෙ ඒ කොරල් පරේ උඩින් එක සැරයක් පීනගෙන ඇවිත් .. අලුතින් ගෙවල් හදාගත්ත මාලුනට බායි කියල .. මේ වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව ... "

    එහෙම කියල ඔහු හයියෙන් හිනා උනා ...

    කිසිම තැනක ඇගයීමක් .. සටහනක් නැතුව .... මේක මගේ රට.. මගේ ජාතිය . මගේ අහවල්.. එක කියාගත් බොරු මමත්වය නැතුව... තම හැකි පමනින් උපන් දා සිට හුස්ම ගන්නා සොභධර්මයේ සුන්දරත්වයට.. ආත්මතෘප්තිය උදෙසාම ණය ගෙවන , මේ සොදුරු මිනිසාගෙන් සමුගන්න කලින්... මතක සටහන් සෙල්පියකට පෙනීසිටින මම ඔහුට ආරාධනා කරා ...

    ප. ලි
    -------------

    සටහන නොසිතූ ලෙස බුකිය හරහා පැතිර යන නිසා මේ ටිකත් කියන්න හිතුනා ....

    // දැන් පෝලිමේ මෙයාට උදවු කරන්න යන්නහදන්න එපා ... කරදර කරන්නත් එපා ... ඒ මනුස්සයට පාඩුවේ ඒ වැඩේ කරන්න අරින්න ....

    මේ කතාව කියවල තමන්ගෙ හිතට දෙයක් දැනුනනම් ... ජාති ආගම් කුල පාට පක්ෂ අතැරලා ... අනුන්ට චෝදනා කරන එක නවත්තල ... තමන් කාල විසි කරන ටොපි කොලේ ... සාක්කුවට දාගන්න බිම නොදමා ...

    ඒක ඔහුට කරන ලොකුම ගෞරවයත් උදවුවත් .. ඔබට කල හැකි උතුම්ම කාර්‍යත් වේවි .... //
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පරිසරය රැකගන්න හඬ නගන කෙනාට ජොබ් එකට කෙලවෙයිද නැද්ද අදාලම නෑ.
    පරිසරයට ආදරය කරන කෙනාට ඒ තමන්ගෙ රටද වෙන රටක්ද කියලා අදාලම නෑ.

    මනුස්ස ලෝකේ අපායක් කරන්න හදන යක්ෂයො අතරේ මේ වගේ සුන්දර මිනිස්සුත් ඉන්නව බන්. ඒ අය සද්ද නෑ වැඩ විතරයි.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    (රත්ගම ගාමිණි මහදුර)


    ලෝක ප්‍රකට හික්කඩුව ගල් මල් උයනෙහි මියගොස් තිබූ ගල් මල් වෙනුවට අලුතින් ගල් මල් වගා කිරීමට ජර්මන් ජාතික රෙයිනර් නෙඩ්වඩ් (75) මහතා (RAINER NEDWED) වසර හතක් තිස්සේ ගත් උත්සාහය මේ වන විට බෙහෙවින් සාර්ථක වී ඇත.

    ගුරුවරයෙකු වන ඒ මහතා වසර 25ක් පමණ කාලයක සිට මෙම ගල් මල් උයන රැකගැනීමට බලවත්සේ වෙහෙසෙති. සෑම වසරකටම වරක් මෙරටට පැමිණ මාස තුනක කාලයක් මෙරට රැඳී සිටිමින් දිනපතා පැය හයක පමණ කාලයක් ඔහු ගල්මල් වල ඇති අපද්‍රව්‍ය සහ මුහුදු වැලි ආදිය ඉවත්කර ගල්මල් අලුතින් වගා කිරීමේ කාර්යයෙහි නිරත වෙති. ගල් මල්වලට හානි සිදුකරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ගල්මල් ආරක්ෂා කර ගැනීමට ද ඔහු වෙහෙසෙති.

    ස්වභා සෞන්දර්යයේ සුවිශේෂී නිර්මාණයක් වන ගල් මල් හෙවත් කොරල් ලොව ඝර්මකලාපීය රටවල් ආශ්‍රිත නොගැඹුරු මුහුදුවලත් සෞම්‍ය කලාපීය දේශගුණික තත්වයක් පවතින රටවල් ආශ්‍රිත නොගැඹුරු මුහුදු වල දැකගත හැක. කොරල් පර හිමි රටවල් අතරින් විශේෂිත ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවන අතර ඉන් ලෝක ප්‍රකට හික්කඩුව ගල්මල් උයනට හිමිවන්නේ සුවිශේෂී වැදගත්කමකි. මෙරටින් හමුවී ඇති කොරල් විශේෂ 183 අතුරෙන් කොරල් විශේෂ 170ක් ම මෙම ගල්මල් උයනේ දී දැකගත හැක. ඉන් කොරල් විශේෂ 25ක්ම හික්කඩුව ගල්මල් උයනට ම පමණක් ආවේණික වූ ඒවා වීමද විශේෂත්වයකි. අක්කර 251 භූමිභාගයක මෙම ගල් මල් උයන පැතිරී පවතී.

    1998 අප්‍රේල් මස සිට 1990 මාර්තු මස දක්වා උණුසුම් දියවැල් ප්‍රවාහයකට ලක් වීමෙන් ද (එල්නිනෝ බලපෑම) 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ද හික්කඩුව ගල්මල් උයනෙහි වූ ගල්මල් වලින් සීයට අනූවක් පමණ මියගොස් තිබුනි. කොරල්පර වල පැවැත්ම සඳහා අවශ්‍ය වන සෙන්ටිග්‍රේඩ් අංශක 28 ත් 30 ත් අතර උෂ්ණත්වය එහිදී සෙන්ට්‍රිගේඩ් අංශක 34 දක්වා ඉහළ යාමෙන් ගල්මල් විශාල වශයෙන් මියගොස් තිබුණි. සුුනාමි ව්‍යසනයෙන් ගල්මල් මත මුහුදු වැලි, මාළු දැල්, කැඩීගිය බෝට්ටුවල කොටස් ඇතුළු විවිධ අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් ද ගල්මල් බොහොමයක් මියගොස් තිබුණි.



    රෙයිනර් නෙඩ්වඩ් මහතා මුහුදු වෙරළට පාවී ආ කැඩීගිය ගල්මල් කොටස් සහ මුහුදේ කිමිදී සොයාගත් කැඩීගිය ගල්මල් කොටස් මුහුදු පතුලේ තබා වසර හතක කාළයක් වැඩෙන්නට සලස්වා ඇති අතර ඒ තුළින් මේ වනවිට පර්චස් 30 ක පමණ භූමිභාගයක අලුතින් කොරල්පරයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි වී ඇත.

    ඔහු ඒ පිළිබඳව අප සමග අදහස් පල කරමින් මෙසේ කීය.



    මම මගේ පනටත් වඩා හික්කඩුව ගල්මල් උයනට ආදරේයි. එය රැකගන්නට මම වසර විසිපහක් තිස්සේ වෙහෙසෙනවා. මේ රටේ ජීවත්වෙන මිනිස්සු මේ ගැන උනන්දු නොවීම ගැන මට හරිම කනගාටුයි. සුනාමි ව්‍යසනයෙන් දින දෙකකට පසු මම මුහුදේ කිමිදිලා ගල් මල් මත රැඳී පැවතුණු මුහුදු වැලි, මාළු දැල්, කැඩීගිය බෝට්ටුවල සුන්බුන් ඇතුළු සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ සඳහා දිනපතා පැය අටක පමණ කාලයක් මාස තුනක් යනතුරු මම වෙහෙසුණා. ලොරි දහඅටක පමන අපද්‍රව්‍ය මම එලෙස ඉවත් කිරීමට කටයුතු කළා. ගල්මල් අලුතින් වගා කල නොහැකියි බවට බොහෝ දෙනා අතර මතයක් පැවතුනා. එම මතය මිථ්‍යාවක් බවට පත්කරමින් වසර හතක් පමණ කාලයක් වෙහෙසවී පර්චස් 30 ක් පමණ භූමිභාගයක මම අලුතින් ගල්මල් වගා කළා. එය සීයට සීයක්ම සාර්ථකයි. අති රමණීය එම පරිසරය තුල පොකිරිස්සන්, බූවල්ලන්, මඩුවන් ගල් ගුල්ලන් වැනි බොහෝ මත්ස්‍ය විශේෂ සහ සුන්දර ගල මල් දැකගත හැකියි. එම ගල්මල් උයන නැරඹීමට පැමිණෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් සියලු දෙනාට මම විවෘතව ආරාධනා කරනවා.

    ගල් මල් මත ඇවිද යාම නිසා එම ගල්මල් විශාල වශයෙන් විනාශ වෙනවා. සමහරු ගල් මල් කඩාගෙන අරගෙන යනවා. සමහරු ගල්මල් උයනේ වෙසෙන මසුන්ට සහ කැස්බෑවන්ට ගල්මල් වල ඇති පෙඳ කඩල ඒවා කන්න දෙනවා. පාන් වැනි අහිතකර ද්‍රව්‍ය පවා එම සතුන්ට කන්න දෙනවා. සමහරු කැස්බෑවුන් ස්පර්ශ කරනවා. මම මෙවැනි වැරදි ක්‍රියා නතර කිරිමට බලවත් උත්සාහයක් දරනවා. ගල්මල් මත ඇවිද යනවිට එසේ කරන්න එපා කියලා මම නලාවක් ආධාරයෙන් ජාත්‍යන්තර සංඥාවක් නිකුත් කරනවා. මේවා වැළැක්වීමට මම උත්සාහ කරන විට සමහර දෙස් විදෙස් සංචාරකයෝ මට බැණ වදිනවා. මට පහර දෙන්නටත් උත්සාහ කරනවා. ගල්මල් මත ඇවිදීම, ගල්මල් කැඩීම, මසුන්ට සහ කැස්බෑවන්ට ආහාර ලබාදීම නීති විරෝධී බවට ඉංග්‍රීසි, සිංහල, චීන, රුසියා සහ ජර්මන් යන භාෂා වලින් නිර්මාණය කරන ලද නාමපුවරු මගේ වියදමින් හදලා ඒවා ගල්මල් මත තැන්පත් කර තැබීමට ද මම කටයුතු කර තිබෙනවා. තායිලන්තය වැනි රටවල මෙවැනි වැරදි ක්‍රියාවල නිරත වන අයට වසරක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ හය දක්වා වන දඩමුදලක් අය කර ගැනීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මේ රටේ තිබෙන නීතිරිති හරිහැටි ක්‍රියාත්මක වන බවක් නම් මට දැකගන්න ලැබිලා නැහැ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    මේක මගේ රට.. මගේ ජාතිය . මගේ අහවල්.. එක කියාගත් බොරු මමත්වය නැතුව... තම හැකි පමනින් උපන් දා සිට හුස්ම ගන්නා සොභධර්මයේ සුන්දරත්වයට.. ආත්මතෘප්තිය උදෙසාම ණය ගෙවන , මේ සොදුරු මිනිසා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,886
    113
    Mother Earth
    :yes: මාරයි මේ මිනිස්සුන්ගෙ කැපවීම. ආත්මාර්ථකාමිත්වය නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,380
    7,663
    113
    Kotahena
    පරිසරය රැකගන්න හඬ නගන කෙනාට ජොබ් එකට කෙලවෙයිද නැද්ද අදාලම නෑ.
    පරිසරයට ආදරය කරන කෙනාට ඒ තමන්ගෙ රටද වෙන රටක්ද කියලා අදාලම නෑ.

    මනුස්ස ලෝකේ අපායක් කරන්න හදන යක්ෂයො අතරේ මේ වගේ සුන්දර මිනිස්සුත් ඉන්නව බන්. ඒ අය සද්ද නෑ වැඩ විතරයි.

    ඹ්කෙම අනික් පැත්ත නේද උබට තියෙන්නේ කියලා හිතලා බලපං ටිකක්.
    උබට මහින්දය ට බනින්න ගෝඨාභය ට මොනවා හරි දෙයක් කියන්න ඕන වෙලාවට විතරමයි නේද පරිසරය මතක් වෙන්නේ? අනික් වෙලාවට ගහක් හිටවන්න වත් අඩු ගානේ ඉස්කොලේ යන කොට ගස් වලට බලෙන් වතුර දැම්ම එකට අමතරව තමන් හිතලා කිසි දෙයක් කරලා තියෙනව ද? නෑ නේ? ඕක ට කියන්නේ කැරි ටොයි කම. ඉස්සර මාර ලොකු balanced talks දෙද්දී මටත් හිතුනා උඹ කියන්නේ තේරෙන නිසා කියලා. බලද්දි යටින් shopping ගිහින් dirty marketing camping එකක් කරලා තියෙන්නේ :D
    අඩු ගානේ පරිසරය ඔච්චර උඹ political arguments වලට පාවිච්චි කරන එකේ ඇත්තට එක දෙයක් වත් ඒ වෙනුවෙන් කරන්න බලහං බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113


    ඹ්කෙම අනික් පැත්ත නේද උබට තියෙන්නේ කියලා හිතලා බලපං ටිකක්.
    උබට මහින්දය ට බනින්න ගෝඨාභය ට මොනවා හරි දෙයක් කියන්න ඕන වෙලාවට විතරමයි නේද පරිසරය මතක් වෙන්නේ? අනික් වෙලාවට ගහක් හිටවන්න වත් අඩු ගානේ ඉස්කොලේ යන කොට ගස් වලට බලෙන් වතුර දැම්ම එකට අමතරව තමන් හිතලා කිසි දෙයක් කරලා තියෙනව ද? නෑ නේ? ඕක ට කියන්නේ කැරි ටොයි කම. ඉස්සර මාර ලොකු balanced talks දෙද්දී මටත් හිතුනා උඹ කියන්නේ තේරෙන නිසා කියලා. බලද්දි යටින් shopping ගිහින් dirty marketing camping එකක් කරලා තියෙන්නේ :D
    අඩු ගානේ පරිසරය ඔච්චර උඹ political arguments වලට පාවිච්චි කරන එකේ ඇත්තට එක දෙයක් වත් ඒ වෙනුවෙන් කරන්න බලහං බං
    පරිසරය රැකගන්න කතා කරනකොට මහින්දටයි ගෝටාබයටයි රිදෙයි කියලා හිතන තව වෙනත් අය ඉන්නව නම් මේ කොනට
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මේ මනුස්සයා කවදා හරි මැරිල ඕකෙ මාළුවෙක් වෙලා ඉපදේවි :(