කිසිම සැලසුමක් නැති රටක්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කිසිම සැලසුමක් නැති රටක්

    එකමුතුකමක් නැති රටක් ඕයි මේක. :angry: හරිනේ දැන් එකෙක් ඉන්නවනේ! බලපන් තව සතියකින් කීයක් මතුවේවිද කියලා! උබලා අපිට කරන්න කිසිදෙයක් නැතිවේවි! එහෙම නොවේවා කියලා හිතමු! :yes:

    පුළුවන්තරන් මූන අල්ලන් නැතුව ඉන්න. දැන්වත් එළියට යද්දී මුඛ ආවරනයක් දාපන්. තව එකෙකුගේ මූනට කහින්නැතුව අතතියලා කැහැපන්. :angry:

    මේ ටික කියෝපන්! :P
    රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි:

    _111127324_2ebd59b8-acbc-4422-a7f8-5a88a907bf9c.jpg

    කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

    මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

    වඩාත් දරුණු තත්ත්වයන්හිදී, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

    රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, මහලු පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

    වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

    _111127325_31cfe25a-90cb-4869-8889-8785e597614d.jpg

    සෞඛ්‍ය ආයතන පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීම සඳහා නිතර හොඳින් අත් සේදීම ඉතා වැදගත් බවය.

    පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම් මගිනි.

    එහෙයින්, කැස්ස සහ කිවිසුම් ඇති විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම, නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකිරීම සහ ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකීම මෙහිදී වැදගත් වේ.

    ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි සිතන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

    වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකෙයි.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.

    කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද? ඉන් සුවය ලැබිය හැකි ද?

    රෝගීන් 56,000ක් ආශ්‍රිතව ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව:

    * 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
    * 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
    * 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
    * වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.

    දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.

    මේ වන විට ලොව පුරා පුද්ගලයින් 92,000කට අධික පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 3000 ඉක්මවයි.

    බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගලගර්ගේ ලිපියක් ඇසුරිනි.
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)

    මචන් confirm නැතුව කිසිදෙයක් දාන්න එපා!!! :no:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    පදනම බැස්සාම පිටියට.. අහ්හ් අපි එකම ඩොට් එල් කේ. රස්තියාදු මලියයි .... රස්තියාදු පුලියයි... තාම ඉන්නේ එකට හුත්ටෝ ...... මම පිළියන්දල බොඩරේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට පේන විදිහට අනිත් රටවලට සාපේක්ෂව හොඳ මට්ටමක ඉන්නවා.....එකමුතු කමක් නැති එක ඇත්ත.....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    බම්ප්
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    කල දුටු කල වල ඉහගැනීම :D

    මට පේන විදිහට අනිත් රටවලට සාපේක්ෂව හොඳ මට්ටමක ඉන්නවා.....එකමුතු කමක් නැති එක ඇත්ත.....

    :lol: :no: මොන පැත්තෙන්ද බන්! :rolleyes: එළියට බැහැල බලපන් මාර්ස්ක් එකක්වත් ගන්න තියේද කියලා! :no: තියෙන ඒවා ගිනිගනන්! තාම එක කොරෝනා කාරයයි! තව මතුවුනොත් මොකක්ද කරන්න පුළුවන්! නගර වහන එක විතරයි! :( ඉස්පිරිතාලෙට ගිහිල්ලා එහෙම බලන්න එක ඇඳක ලෙඩ්ඩු දෙන්නා දෙන්නා! තව කොරෝනා හැදුනොත් කොහොමද? දොස්තරලා නර්ස්ලා නැතිවේවි බෙහෙත් කරන්න. :dull: බයට එන්නැතුව ඉඳියි! :lol: දැනට කොරෝනා කිට් තියෙන්නේ සීමිත ප්‍රමාණයයි! :baffled:
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)

    source pls....?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කල දුටු කල වල ඉහගැනීම :D

    :lol: :no: මොන පැත්තෙන්ද බන්! :rolleyes: එළියට බැහැල බලපන් මාර්ස්ක් එකක්වත් ගන්න තියේද කියලා! :no: තියෙන ඒවා ගිනිගනන්! තාම එක කොරෝනා කාරයයි! තව මතුවුනොත් මොකක්ද කරන්න පුළුවන්! නගර වහන එක විතරයි! :( ඉස්පිරිතාලෙට ගිහිල්ලා එහෙම බලන්න එක ඇඳක ලෙඩ්ඩු දෙන්නා දෙන්නා! තව කොරෝනා හැදුනොත් කොහොමද? දොස්තරලා නර්ස්ලා නැතිවේවි බෙහෙත් කරන්න. :dull: බයට එන්නැතුව ඉඳියි! :lol: දැනට කොරෝනා කිට් තියෙන්නේ සීමිත ප්‍රමාණයයි! :baffled:

    ඕක ලංකාවට විතරක් අවේනික ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්...මිනිස්සු panic උනාම පිස්සු කෙලිනවා.....මෙහෙත් mask ගන්න අමාරුයි .....අඩුයි ....මම ගියසුමානේ audit එකක් කළා NSW වල එක District එකක isolation rooms....කියන්න සන්තෝසයි පින්වත 60% Australian standards වලට නෑ.....එකම වෙනස සල්ලි පොම්ප කරන එක විතරයි....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)

    කොහොමහරි ඒකත් ගෝටාගෙ ලබ්බෙ එල්ලන්න බලපන්..එහෙම යටිහිතේ තියාගෙන ඕපදූප දාන්න එපා බන්. හරියට නිවුස් එකක් දාපන්... බඩු ආවොත් ජෙප්පො කියලා තොපිට නොහැදි ඉන්නෙ නෑ... කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මට පේන විදිහට අනිත් රටවලට සාපේක්ෂව හොඳ මට්ටමක ඉන්නවා.....එකමුතු කමක් නැති එක ඇත්ත.....

    uba ausi idhan පේන kiyan nathuwa ලැට් එකක් හොදන් hitapan :lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕක ලංකාවට විතරක් අවේනික ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්...මිනිස්සු panic උනාම පිස්සු කෙලිනවා.....මෙහෙත් mask ගන්න අමාරුයි .....අඩුයි ....මම ගියසුමානේ audit එකක් කළා NSW වල එක District එකක isolation rooms....කියන්න සන්තෝසයි පින්වත 60% Australian standards වලට නෑ.....එකම වෙනස සල්ලි පොම්ප කරන එක විතරයි....

    ලංකාවට විතරක් අවේනික නැහැකියලා බන් ඕක ආවට පස්සේ කරන්න ඕනේ දේවත් කරගන්න බැරි මූලික පහසුකම් වත් නැති රටක් මේක. අච්චර පහසුකම් ද අරවද මේවද තාක්ෂණයෙන්ද ඉදිරියෙන් ඉන්න රටවල් වලටත් කරගන්න බැරිනම්...!
    මේ තියෙන පෑවිල්ලට ඕක පැතිරෙන එක ටිකක් අඩුවේවි. ඒත් එකපාරට මේ අස්සේ වහින්න ගත්තොත් කෙලවේවි!
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට ඉම්රාන් ඛාන් වගේ බුද්ධිමත් තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ මුලදි ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක.

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    Last edited:
    • Like
    Reactions: Lokupappa

    :yes: හෙළ වෙදකම ගැන වගේම යතාර්ථය ගැනත් හොඳ හසල දැණුමක් තියෙනවා වගේ! හොඳ පැහැදිලි කිරීමක්. :love: :love: :love:
     
    Last edited:

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ගොඩක් ස්තුතියි ලිපියට !
    වටිනවා මචන් !
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    සිරාවට , ඉසසර අපේ මිනිස්සු දෙයක් කලේ ගුණයක් තියෙන නිසා , දැන් ආපහු ඒ කාලෙට යන්න හරි