කොරෝනාවලින්_පරිස්සම්_වෙමු
COVID - 19
කොරෝනා වෛරස කාණ්ඩයෙහි මිනිසුන්ට රෝගකාරකයින් වියහැකි වෛරස කිහිපයක් තිබෙනවා. මෙම වෛරස වලට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන් වගේම මාරාන්තික ශ්වසන රෝගද ඇති කල හැකියි. මීට පෙර අවස්ථා කිහිපයකදී කොරෝනා වෛරස වසංගත තත්ත්ව ඇති කර තිබෙනවා. 2002/2003 වසර වල ඇතිවූ SARS රෝග තත්වය සහ ඉන්පසුව මැද පෙරදිග 2012 සිට වාර්තා වුනු MERS රෝග තත්වයන් ඊට උදාහරණයි.
මෙවර චීනයේ වුහාන් නගරයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරසය COVID 19 ලෙස නම්කර තිබෙනවා. දැනටමත් COVID - 19 වෛරසය ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට පැතිරී 100,000 කට වැඩි පිරිසකට ආසදනයවී තිබෙනවා. වෛරසය ශරීරයට ඇතුළුවීමෙන් පසු 4500 ක් පමණ රෝගය උත්සන්නවී නියුමෝනියාව වැළදී මරණයට පත්වී තිබෙනවා. ලෝකයේ කිසිවෙකු මීට පෙර මෙම වෛරසය හඳුනාගෙන තිබුනේ නැහැ.
මෙම රෝගයෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශයාවක් වැළදීමේදී මෙන් වෛරසය ඇතුළුවී දින කිහිපයකින් පසු නොව දින 14 ක් යන තෙක් රෝග ලක්ෂණ ඇතිවීමට කල්ගතවිය හැකිවීමයි. ඒ අනුව කෙනෙකුගේ ශරීරයට වෛරසය ඇතුළු වී දින 14 ක් යන තෙක් ඔහු හෝ ඇය රෝග ලක්ෂණ නොපෙන්වා සාමාන්‍ය නිරෝගී කෙනෙකු සේ අප අතර ගැවසිය හැකියි.
නමුත් මෙහිදී අප අමතක නොකළයුතු කාරණය වන්නේ දැනට මෙම රෝගය අප රටේ බරපතල ලෙස ව්‍යාප්තවී නැති නිසා මෙම වෛරසය නිසා රෝගී විය හැක්කේ විදෙස් රටකදී මීට පෙර වෛරසය ශරීර ගතවී තිබෙන කෙනෙකු හෝ එවැනි කෙනෙක් ලඟින් ඇසුරු කළ වෙනත් කෙනෙක් සමග ඔබ ලඟින් ඇසුරු කිරීමෙන් පමණක් බවයි.
COVID – 19 වෛරසය ශරීර ගත වන සියළු දෙනාට රෝග ලක්ෂණ පහල නොවන අතර සුළු ප්‍රතිශතයකට රෝගය වැළදේ. සුලභව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වනුයේ උණ, සහ වියළි කැස්සක් වන අතර සමහරෙකුට ඇඟ පත වේදනාව, නාසය හිරවීම හෝ නාසයෙන් දියර ගැලීම උගුර කැක්කුම හෝ පාචනය වැලදේ. සාමාන්‍යයෙන් මේ ලක්ෂණ බරපතල නොවන අතර 80% කට පමණ විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. බරපතල ලෙස රෝගාතුර වන අය 6 දෙනෙකුගෙන් කෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැක. වයස් ගතවූවන් වෙනත් රෝග වලින් පෙලෙන්නන් උදා: අධි රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව රෝගීන්ට රෝගය බරපතල වීමේ ඉඩකඩ වැඩිය.
රෝගය වැළඳිය හැක්කේ රෝගියෙකු කැස්ස ඇතිවිට හෝ කිවිසින විට පිට කරන බිඳිති කෙලින්ම හෝ අපේ අත්වල තැවරී අපේ මුඛයෙන්, නාසයෙන් හෝ ඇස් වල තැවරීමෙන්, ඔහුගේ හෝ ඇයගේ මුවින් පිටවන බිඳිති ඔහු හෝ ඇය අසල ඇති බඩු බාහිරාදිය මත තැවරෙන අතර ඒවා වෙනත් කෙනෙකුගේ අත්වල තැවරීමෙන් අදාල පුද්ගලයාගේ ශරීරයට වෛරස ඇතුල් විය හැක. රෝගියෙකු හෝ රෝගියෙකු යැයි සැක කල හැකි කෙනෙකු වෙතින් මීටරයක දුරකට වඩා ඈතින් සිටීම සහ නිතර ඇත සේදීම නිර්දේශ කරන්නේ එබැවිනි.
වෛරසය ශරීරයට ඇතුල්වුන එහෙත් රෝග ලක්ෂණ නොමැති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය වැළඳීමට ඇති ඉඩ බොහෝ අඩුය. මේ නිසාම වෙනත් තහවුරු කරන ලද රෝගියෙකු ඇසුරු කල නමුත් මද රෝග ලක්ෂණ ඇති කෙනෙකු තමන්ට රෝගය වැළදී බව නොදන්නා නිසා තවත් කෙනෙකුට රෝගය වැළඳීමට ඉඩ තිබේ.
මෙහිදීද වඩා වැදගත් වනුයේ කුමන ආකාරයෙකින් හෝ රෝගියෙකු ඇසුරු කර තිබීමයි. රෝගියෙකුගේ මුත්‍රා හෝ අසුචි මගින් තවත් කෙනෙකුට රෝගය පැතිරීමේ ඉඩ බොහෝ අඩු යැයි සැලකේ. එහෙත් රෝගියෙකු හෝ රෝගියෙකු යැයි සැක කරන කෙනෙකු වැසිකිළි පවිච්චියේ දී කිසියම් ආකාරයකට දොරගුළු හෝ පාවිච්චි කරන වෙනත් උපකරණයක මගින් වෙනත් කෙනෙකුගේ අත්වල රෝග බීජ තැවරිය හැක . කිසියම් පෘෂ්ඨයක ජිවී වෛරස රඳා පවතින කාලය පරිසර සාධක මත රඳා පවතී.
රෝගයට ගොදුරුවීම වලක්වා ගැනීම ට මුලින්ම අපි ඉහත සඳහන් කළ ආකාරයේ ළඟ ඇසුරකට ඇති ඉඩ අවම කරගත යුතුයි.
ඒ සමඟම නිවසෙන් බැහැර ඕනෑම සැක සහිත ස්ථානයකදී ඉඩ ලද සෑමවිටකම තම තමන්ගේ අත් සබන් හෝ වෙනත් විෂබීජ නාශකයක් භාවිතාකර සේදීම ට පුරුදු වියයුතුයි. මෙහිදී අපට ඇතිකර ගතහැකි වැඩිම ප්‍රතිලාභයක් ගෙන දෙන පුරුද්ද බැහැර සිට නිවසට හෝ නවාතැනට පැමිණි විගස සබන් යොදා අත් සෝදා ගැනීමයි. හැකි සෑම විටකම තම අත් නොසෝදා මුහුණ, මුව, නාසය අතින් ඇල්ලීම අවම කරගැනීම කළ යුතුයි.
අප අවට පරිසරය පිළිබඳව සැක හැර ගැනීමට නොහැකි තැනකදී ආරක්‍ෂිත මුව වැස්මක් භාවිත කිරීමට අපි හුරු විය යුතුයි. මෙය සාමාන්‍ය මුව වැස්මක් වීම ප්‍රමාණවත් අතර එමගින් අප නොදැනුවත්වම අපගේ නාසය මුව ඇස් පිස දැමීමට ඇති ඉඩ අවම කරගත හැකයි. ඒ අතර තමන්ට ශ්වශන ආසාදනයක් හෝ උගුරේ ආසාදනයක් ඇති සෑමවිටම මුව වැස්මක් භාවිත කිරීම අදාල රෝග ව්‍යාප්තිය අවම කිරීමට හේතුවක් වේවි. මුව වැස්මක් භාවිතා කළහොත් එය ප්‍රවේශමෙන් සෞඛ්‍ය ක්‍රමානුකුලව බැහැර කල යුතුයි.අහම්බෙන් හෝ සැක කටයුතු රෝගී පුද්ගලයෙකු ඇසුරු කිරීමට සිදුවුවහොත්, ඊට පසු ඔබට සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස උගුරේ වේදනාවක් ඇතිවුවහොත් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. රාජකාරි ස්ථානයට නොගොස් නිවසේ රැදී සිටිය යුතුයි.
මෙවැනි මුලික මෙන්ම අත්‍යවශ්‍ය දේ දෛනික පුරුද්දක් ලෙස අපට වර්ධනය කර ගන්න හැකියාවක් තිබෙනවා නම් වෛරසය පිළිබඳව අනියත බියකින් තොරව අපට අපගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අවුල් කර නොගෙන පවත්වා ගෙන යා හැකියි.
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක
2020 මාර්තු 12 දින
Dr Nihal Abeysinghe
අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවෙනි...
කෝවිඩ් වයිරසය ගැන පැතිරෙන වැරදි මත සහ දැනුවත් විය යුතු දේ

Last edited: