කොරෝනාවලින්_පරිස්සම්_වෙමු

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කොරෝනාවලින්_පරිස්සම්_වෙමු

    කෝවිඩ් වයිරසය ගැන පැතිරෙන වැරදි මත සහ දැනුවත් විය යුතු දේ
    oi1JILe.jpg
    COVID - 19
    කොරෝනා වෛරස කාණ්ඩයෙහි මිනිසුන්ට රෝගකාරකයින් වියහැකි වෛරස කිහිපයක් තිබෙනවා. මෙම වෛරස වලට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන් වගේම මාරාන්තික ශ්වසන රෝගද ඇති කල හැකියි. මීට පෙර අවස්ථා කිහිපයකදී කොරෝනා වෛරස වසංගත තත්ත්ව ඇති කර තිබෙනවා. 2002/2003 වසර වල ඇතිවූ SARS රෝග තත්වය සහ ඉන්පසුව මැද පෙරදිග 2012 සිට වාර්තා වුනු MERS රෝග තත්වයන් ඊට උදාහරණයි.
    මෙවර චීනයේ වුහාන් නගරයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරසය COVID 19 ලෙස නම්කර තිබෙනවා. දැනටමත් COVID - 19 වෛරසය ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට පැතිරී 100,000 කට වැඩි පිරිසකට ආසදනයවී තිබෙනවා. වෛරසය ශරීරයට ඇතුළුවීමෙන් පසු 4500 ක් පමණ රෝගය උත්සන්නවී නියුමෝනියාව වැළදී මරණයට පත්වී තිබෙනවා. ලෝකයේ කිසිවෙකු මීට පෙර මෙම වෛරසය හඳුනාගෙන තිබුනේ නැහැ.
    මෙම රෝගයෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශයාවක් වැළදීමේදී මෙන් වෛරසය ඇතුළුවී දින කිහිපයකින් පසු නොව දින 14 ක් යන තෙක් රෝග ලක්ෂණ ඇතිවීමට කල්ගතවිය හැකිවීමයි. ඒ අනුව කෙනෙකුගේ ශරීරයට වෛරසය ඇතුළු වී දින 14 ක් යන තෙක් ඔහු හෝ ඇය රෝග ලක්ෂණ නොපෙන්වා සාමාන්‍ය නිරෝගී කෙනෙකු සේ අප අතර ගැවසිය හැකියි.
    නමුත් මෙහිදී අප අමතක නොකළයුතු කාරණය වන්නේ දැනට මෙම රෝගය අප රටේ බරපතල ලෙස ව්‍යාප්තවී නැති නිසා මෙම වෛරසය නිසා රෝගී විය හැක්කේ විදෙස් රටකදී මීට පෙර වෛරසය ශරීර ගතවී තිබෙන කෙනෙකු හෝ එවැනි කෙනෙක් ලඟින් ඇසුරු කළ වෙනත් කෙනෙක් සමග ඔබ ලඟින් ඇසුරු කිරීමෙන් පමණක් බවයි.
    COVID – 19 වෛරසය ශරීර ගත වන සියළු දෙනාට රෝග ලක්ෂණ පහල නොවන අතර සුළු ප්‍රතිශතයකට රෝගය වැළදේ. සුලභව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වනුයේ උණ, සහ වියළි කැස්සක් වන අතර සමහරෙකුට ඇඟ පත වේදනාව, නාසය හිරවීම හෝ නාසයෙන් දියර ගැලීම උගුර කැක්කුම හෝ පාචනය වැලදේ. සාමාන්‍යයෙන් මේ ලක්ෂණ බරපතල නොවන අතර 80% කට පමණ විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. බරපතල ලෙස රෝගාතුර වන අය 6 දෙනෙකුගෙන් කෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැක. වයස් ගතවූවන් වෙනත් රෝග වලින් පෙලෙන්නන් උදා: අධි රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව රෝගීන්ට රෝගය බරපතල වීමේ ඉඩකඩ වැඩිය.
    රෝගය වැළඳිය හැක්කේ රෝගියෙකු කැස්ස ඇතිවිට හෝ කිවිසින විට පිට කරන බිඳිති කෙලින්ම හෝ අපේ අත්වල තැවරී අපේ මුඛයෙන්, නාසයෙන් හෝ ඇස් වල තැවරීමෙන්, ඔහුගේ හෝ ඇයගේ මුවින් පිටවන බිඳිති ඔහු හෝ ඇය අසල ඇති බඩු බාහිරාදිය මත තැවරෙන අතර ඒවා වෙනත් කෙනෙකුගේ අත්වල තැවරීමෙන් අදාල පුද්ගලයාගේ ශරීරයට වෛරස ඇතුල් විය හැක. රෝගියෙකු හෝ රෝගියෙකු යැයි සැක කල හැකි කෙනෙකු වෙතින් මීටරයක දුරකට වඩා ඈතින් සිටීම සහ නිතර ඇත සේදීම නිර්දේශ කරන්නේ එබැවිනි.
    වෛරසය ශරීරයට ඇතුල්වුන එහෙත් රෝග ලක්ෂණ නොමැති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය වැළඳීමට ඇති ඉඩ බොහෝ අඩුය. මේ නිසාම වෙනත් තහවුරු කරන ලද රෝගියෙකු ඇසුරු කල නමුත් මද රෝග ලක්ෂණ ඇති කෙනෙකු තමන්ට රෝගය වැළදී බව නොදන්නා නිසා තවත් කෙනෙකුට රෝගය වැළඳීමට ඉඩ තිබේ.

    මෙහිදීද වඩා වැදගත් වනුයේ කුමන ආකාරයෙකින් හෝ රෝගියෙකු ඇසුරු කර තිබීමයි. රෝගියෙකුගේ මුත්‍රා හෝ අසුචි මගින් තවත් කෙනෙකුට රෝගය පැතිරීමේ ඉඩ බොහෝ අඩු යැයි සැලකේ. එහෙත් රෝගියෙකු හෝ රෝගියෙකු යැයි සැක කරන කෙනෙකු වැසිකිළි පවිච්චියේ දී කිසියම් ආකාරයකට දොරගුළු හෝ පාවිච්චි කරන වෙනත් උපකරණයක මගින් වෙනත් කෙනෙකුගේ අත්වල රෝග බීජ තැවරිය හැක . කිසියම් පෘෂ්ඨයක ජිවී වෛරස රඳා පවතින කාලය පරිසර සාධක මත රඳා පවතී.
    රෝගයට ගොදුරුවීම වලක්වා ගැනීම ට මුලින්ම අපි ඉහත සඳහන් කළ ආකාරයේ ළඟ ඇසුරකට ඇති ඉඩ අවම කරගත යුතුයි.
    ඒ සමඟම නිවසෙන් බැහැර ඕනෑම සැක සහිත ස්ථානයකදී ඉඩ ලද සෑමවිටකම තම තමන්ගේ අත් සබන් හෝ වෙනත් විෂබීජ නාශකයක් භාවිතාකර සේදීම ට පුරුදු වියයුතුයි. මෙහිදී අපට ඇතිකර ගතහැකි වැඩිම ප්‍රතිලාභයක් ගෙන දෙන පුරුද්ද බැහැර සිට නිවසට හෝ නවාතැනට පැමිණි විගස සබන් යොදා අත් සෝදා ගැනීමයි. හැකි සෑම විටකම තම අත් නොසෝදා මුහුණ, මුව, නාසය අතින් ඇල්ලීම අවම කරගැනීම කළ යුතුයි.
    අප අවට පරිසරය පිළිබඳව සැක හැර ගැනීමට නොහැකි තැනකදී ආරක්‍ෂිත මුව වැස්මක් භාවිත කිරීමට අපි හුරු විය යුතුයි. මෙය සාමාන්‍ය මුව වැස්මක් වීම ප්‍රමාණවත් අතර එමගින් අප නොදැනුවත්වම අපගේ නාසය මුව ඇස් පිස දැමීමට ඇති ඉඩ අවම කරගත හැකයි. ඒ අතර තමන්ට ශ්වශන ආසාදනයක් හෝ උගුරේ ආසාදනයක් ඇති සෑමවිටම මුව වැස්මක් භාවිත කිරීම අදාල රෝග ව්‍යාප්තිය අවම කිරීමට හේතුවක් වේවි. මුව වැස්මක් භාවිතා කළහොත් එය ප්‍රවේශමෙන් සෞඛ්‍ය ක්‍රමානුකුලව බැහැර කල යුතුයි.අහම්බෙන් හෝ සැක කටයුතු රෝගී පුද්ගලයෙකු ඇසුරු කිරීමට සිදුවුවහොත්, ඊට පසු ඔබට සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස උගුරේ වේදනාවක් ඇතිවුවහොත් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. රාජකාරි ස්ථානයට නොගොස් නිවසේ රැදී සිටිය යුතුයි.
    මෙවැනි මුලික මෙන්ම අත්‍යවශ්‍ය දේ දෛනික පුරුද්දක් ලෙස අපට වර්ධනය කර ගන්න හැකියාවක් තිබෙනවා නම් වෛරසය පිළිබඳව අනියත බියකින් තොරව අපට අපගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අවුල් කර නොගෙන පවත්වා ගෙන යා හැකියි.
    විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක
    2020 මාර්තු 12 දින

    Dr Nihal Abeysinghe


    අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවෙනි...
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කෝවිඩ් වයිරසය ගැන පැතිරෙන වැරදි මත සහ දැනුවත් විය යුතු දේ
    ============================================


    කොරෝනා වයිරසය ගැන විවිධ ව්‍යාජ තොරතුරු වැරදි උපදෙස්, සමාජ ජාලා තුල පැතිරයන අතර , මේ බොහොමයක් “පිළිගන්නා මත“ බවට පත්වෙන්නේ බොහෝ දෙනෙක් එම තොරතුරේ නිවැරදිතාව සොයා බලන්නට නොපෙළඹෙන නිසාවෙනි. පසුගිය දින ගණනාව පුරා පැතිරුණු මෙවන් පෝස්ට් අතරේ මිතුරෙක් මාවෙත එවා තිබූ පහත පෝස්ට් එක තුල වැරදි අදහස් ගණනාවක් සමාජ ගත කරන්නට උත්සාහ කරන නිසා , ඒවායේ වැරදි තැන් පෙන්වා දෙන්නේ, ආසාදන පාළනය සහ විශේෂයෙන්ම මෙවන් අවදානම් ආසාදන පිළීබඳව සිද්ධාන්තමය දැනුමක් සහ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් ඇති සෞඛ්‍ය වෘත්තීකයෙක් ලෙස උපන් සිරි ලංකාව වෙත මගේ “වගකීමක්“ ඉටු කිරීමට පමණි. මෙහිදී,පෙර කී දැනුම මෙන්ම, ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය ආයතන මගින් මෙම වයිරසය පිළිබඳ යාවත් කාළීන කරන දැනුමද, මා සේවය කර සෞඛ්‍ය සේවාව මගින් දිනපත අපවෙත ලබා දෙන දැනුමද, දවසේ පැය දොළහකට වඩා . මෙම රෝගය පිළිබඳව මගේ සේවාලාභී ප්‍රජාව දැනුවත් කරමින් ලබන අත්දැකීම් සහ දැනුමද එකතු කරගනිමි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 1


    ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය බර දියර ගලන ගතියක් තිබේ නම්, ඔබට කොරෝනා වයිරස් නියුමෝනියාව විය නොහැක, මන්ද කොරෝනා වයිරස් නියුමෝනියාව වියළි කැස්සක් අති වන නිසා නාසය තුලින් දියර ගැලීමක් සිදුනොවේ.එය වෛරසය හඳුනා ගැනීමට පහසුම ක්‍රමය මෙයයි.


    පැහැදිලි කිරීම
    ----------------
    කොරෝනාද සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වයිරස කාණ්ඩයටම අයත් තවත් කෙනෙක් පමණි. එම වයිරසය මගින්ද, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ ඇති කරයි. කොරෝනා වයිරසය ආසාදනයේදීද කැස්ස, උණ , ශ්වසන අපහසුව සමඟ නාසය බර දියර ගලන ගතියක් සොටු දියර ගැළීමක්ද ඇතිවිය හැක. ඊට අමතරව ඇඟපත වේදනාව, හිසරදව සහ සහ කළාතුරකින් වමනය සහ පාචනය ලක්ෂණ මතුවීමට පුළුවන්.


    එම නිසා මේ කියන ආකාරයට වයිරසය හඳුනාගන්න උත්සාහ කරන්න එපා.(ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පරික්ෂණාර යටත් ඇති පරික්ෂණයි) ඔබ මෙම වයිරසය පැතිරෙන පළාතක නම් ඉන්නේ , නැත්නම් මෙම වයිරසයේ බලපෑමට ලක්වූවා යැයි විශ්වාස කළ හැකි පරිසරයක සිටියේ නම් ( පසුගිය සති දෙක අතරේ ප්‍රධානවම) සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ ,කැස්ස, ශ්වසන අපහසුව ඇත්නම් අවධානයෙන් සිටින්න. මෙහිදී ද “නාසය බර දියර ගලන ගතියක්“ ඇති වන බව දැනුවත්වන්න. නොසලකාහරින්නට එපා.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 2


    කොරේනා වෛරසය තාප ප්‍රතිරෝධී නොවන අතර අංශක 26-27 ක උෂ්ණත්වයකදී එය මැරී යනු ඇත. එබැවින් නිතර උණු වතුර පානය කරන්න.එය වළක්වා ගැනීම සඳහා වැඩි උණු වතුර පානය කරන ලෙස ඔබේ මිතුරන්ට සහ නෑදෑයින් දැනුවත් කරන්න.හිරැ එලිය යටට යන්න.උණු වතුර පානය කිරීම සියලුම වෛරස් සඳහා උචිත වේ.සීතල දේවල් අහාරයට ගැනීම සහ පානය නොකර සිටීමට උත්සාහ කරන්න, මතක තබා ගන්න.


    පැහැදිලි කිරීම
    ----------------
    කොරෝනා වයිරස් මිය යනුයේ සෙල්සියල් අංශක 57 උශ්නත්වය තුල පැය භාගයකට වඩා තැබීමෙනි. උතුරවා නිවා ගත් වතුර පානය කිරීම හැම විටම සුදුසු අතර, උණුසුම් ජලය පානය කිරීමෙන් මෙම වයිරසය විනාශ කළ නොහැක. සෙල්සියල් 57 හෝ වැඩි උණුසුමේ ජලය පානය මගින් නැති කරදර ඇති කරගත හැකි අතර, ප්‍රමාණවත් තරමය නිවාගත් උණුවතුර, දියර වර්ග පානය කිරීම හැම විටම යහපත් වේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 3


    එය ප්‍රමාණයෙන් තරමක් විශාලය (සෛලයේ විෂ්කම්භය 400-500nm පමණ වේ), එබැවින් ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරනයකින් ඇතුල්විය නොහැක අතර එය පෙරීමට ලක්වෙයි.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ඉතාමත් කුඩා වන අතර නැනෝමීටර 60ත් 200 අතරේ පැවතිය හැක. මෙය සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක ඇති පෙරහන මගින් ඉතා පහසුවෙන් ඇතුළු වීමට හැකි ඉතා කුඩා වයිරසයකි. ඊට අමතරම එම මාස්ක් සහ සම අතර ස්ථිර , දැඩි ආවරණය වීමක් නොවන නිසා එම පරතරයන් තුලින් වාතයේ ඇති වයිරස ඇතුළුවේ. N95 FFR වලට යම් වයිරස පෙරහන් කිරීමේ යම් හැකියාවක් තිබුණද, එය පළදින්නේ Fit test එකක් හෝ Seal Check Test නොකර නම් එහි ආරක්ෂාව විශ්වාස කළ නොහැකි අතර, එම පරික්ෂාව සහිතව N95 FFR පැළදුවද 100%ක් ආරක්ෂාවක් ලබා දිය නොහැක.

    කෙසේ වෙතත්, මාස්ක් පැලදීම මගින් කෙළ බිඳිති සෘජුවම නාසයට කටට ඇතුළු වීම මෙන්ම , රෝගියාගෙන් කෙළ බිඳිති ඉවත්වීමද සීමා කළ හැක. එම නිසා රෝගී ලක්ෂණ පෙන්වන්නෙක් , ලක්ෂණ ඇති රෝගියෙක්ට සාත්තු කරන්නෙක්, සහ අවදානම් ස්ථාන වල රැකියා කරන්නෙක් මාස්ක් පැළදීම මගින් යම් වාසියක් ලබා ගත හැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 4


    වෛරසය ලෝහ මතුපිටට වැටුණු විට එය අවම වශයෙන් පැය 12 ක් ජීවත් වේ. එබැවින් ඔබ කිසියම් ලෝහ මතුපිටක් සමඟ සම්බන්ධ වන්නේ නම් (බස් රථ සහ දුම්රියෙන් වල ඇති යකඩ පොලු)සබන් යොදා රස්නෙ ජලයෙන් ඔබේ අත් හොඳින් සෝදන්න.


    පැහැදිලි කිරීම
    ----------------
    තවමත් මෙම වයිරසය ගැන පරික්ෂණ කෙරෙන අතර විෂබීජනාශකයක් භාවිත නොකෙරේ නම් ලෝහ හෝ වියලි මතුපිටක් මත දින කිහිපයක් දක්වා සක්‍රියව ජීවත් විය හැකි බව හඳුනාගෙන ඇත( දින නවයක සීට ඊට වඩා වැඩිවිමක් විය හැක)


    පොදු ස්ථානවල ඇති මතුපිටවල් , දොර අගුලු ස්පර්ශ කිරීම සීමා කරන්න, ඒ සඳහා වැලමිල , අත්ලේ පිටපැත්ත අවශ්‍යම අවස්ථාවල යොදා ගන්න. එබඳු මතුපිටවල් ස්ඵර්ශ කිරීමෙන් පසු මෙන්ම , වරින් වර ගලායන ජලය සහ සබන් යොදා අත්සේදීම වැදගත්වේ, නමුත් ,තද රස්නේ ජලයෙන් පමණක් අත සේදීම පමණක් ප්‍රමාණවත් නොවේ. අත සේදීමට පහසුකම් නැත්නම් 70-80% ඇල්කොහොල් සාන්ද්‍රණය ඇති අත්පිරිසිදු කිරීමේ දියරයක් ඒ සඳහා යොදාගත හැක
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 5


    කොරොන වයිරස් නිසා ඇතිවන නියුමෝනියාවේ රෝග ලක්ෂණ පිළිබඳ තොරතුරු:


    1. පළමුව එය උගුරට ආසාදනය වන අතර, උගුරේ වියළි උගුරේ ගතියක් දින 3 සිට 4 දක්වා පවතිනු ඇත


    2. එවිට වෛරසය නාසික තරලයට ඒකාබද්ධ වී හුස්ම හිරවී පෙණහලුවලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මෙම ක්‍රියාවලිය සඳහා දින 5 සිට 6 දක්වා ගත වේ.


    3. නියුමෝනියාව සමඟ අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ.නාසයේ තදබදය සාමාන්‍ය තදබදයක් මෙන් නොවේ.ඔබ ජලයේ ගිලී යන බවක් ඔබට දැනෙනු ඇත.ඔබට මෙම රෝග ලක්ෂන ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම තත්ත්වයේදී දින ගණනට වඩා සැලකිලිමත් විය යුතුකරුණු කිහිපයකි (හේතුව පුද්ගලයාගේ වයස, පවතින වෙනත් රෝග තත්ත්ව සහ ප්‍රතිශක්තිීකරණ හැකියාවන් අනුව “දින ගණන“ වෙනස්විය හැක), එනම් ,
    1)අදාල ආසාදනය පැතිරෙන ප්‍රෙද්ශයක , පසුගිය සති දෙක තුල සංචාරය කළාද,
    2)අදාල රෝගයට පත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනාද ( අඩි හයකට හෝ අඩු දුරක)
    3)ඇතිවුනු රෝග ලක්ෂණ වන තීව්‍රතාව කෙසේද?
    මේ ඔස්සේ අදාල ලක්ෂණ උග්‍රවන ස්වභාවයක් හැඟේනම් සහ අධීක උණ, කැස්ස,ශ්වසන අපහසුතාව වැනි ලක්ෂණද මතුවේනම් දින ගනන් කිරීම නොව මාස්ක් එකක් පැලදි රෝහලට ගොස් ලක්ෂණ සහ අවදානම් සාධක ඇත්නම් ඒවා වෛද්‍යවරයාට පැවසීමයි වැදගත්.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 6


    ආසාදනය වීමේ වඩාත් පොදු ක්‍රමය වන්නේ ප්‍රසිද්ධියේ දේවල් ස්පර්ශ කිරීමයි, එබැවින් ඔබ නිතරම රස්නෙ ජලයෙන් අත් සේදිය යුතුය.වෛරසයට ඔබේ අත්වල ජීවත් විය හැක්කේ මිනිත්තු 5-10 ක් පමණි, නමුත් එම මිනිත්තු 5-10 තුළ බොහෝ දේ සිදුවිය හැකිය


    පැහැදිලි කිරීම
    ----------------
    මෙය පැතිරෙනුයේ නාසයෙන්, කටෙන්, පිටවල ක්ෂ්‍රද්‍ර බිඳිති අංශු ඔස්සේ එන වයිරස ,
    සෘජුව තවත් අයෙක්ගේ ඇස , කට , නාසය මත තැන්පත් වීම හෝ යම් මතුපිටවල තැන්පත්ව එය අත් මගින් ඇස , කට , නාසය මතට ඇතුළු කරගැනීමෙනි. වයිසරයට සම මත දින ගණනක් වුවද සක්‍රියව පැවතිය හැකි අතර , එම නිසා වරින් වර අත්සේදීම ඉතා වැදගත්වේ. කෙසේවෙතත් වැදගත් වනුයේ සබන් සහ ගලා යන ජලයෙන් අවම වශයෙන් තත්ත්පර 20-30ක කාළයක් දෑත් හොදින් සෝදා පිරිසිදු කර වියලා ගැනීම වන අතර , ඒ සඳහා “රස්නේ“ ජලය භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නැත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 7

    බොහෝ විට ඔබේ අත් සේදීමට අමතරව, විෂබීජ උගුරේ සිටියදී (පෙණහලුවලට බැස යාමට පෙර) තුරන් කිරීම හෝ අවම කිරීම සඳහා ඔබට බීටාඩින් , ලුණු, විනාකිරි
    යොදා දිනකට තුන් වරක් වත් උගුර පිරිසිදු කරන්න. මෙයින් ඔබ ඉතා පරිස්සම් වන ලෙස ඉල්ලා සිටින අතර හොඳින් ජලය පානය කරන්න(නිතර උණු වතුර)


    පැහැදිලි කිරීම
    ----------------
    දේහයට ඇතුළු වූ වයිරසය විනාශ කිරීමට බෙටාඩීන් වලින් උගුර සේදීම කිසිදු පලක් නැති ක්‍රමයකි , හේතුව නම් මෙම වයිරසය ඉතා ඉක්මණින් සෛල තුලට ඇතුළු වී පැතිරීම ආරම්භ වීමයි. කෙසේ වෙතත් අනුමැතිය ඇති මුඛය සේදුම් කිරීමට ගන්නා රසායනික දියරයකින් උගුර සේදීම , ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් සඳහා වැදගත් විය හැකි අතර , මෙම ක්‍රමය කොවිඩ් වයිරස ආසාදනයෙන් වැලකීමට යොදාගත හැකි ක්‍රමයක් ලෙස තවම පිළිගැනීමකට ලක්ව නැත.
    ජලය ප්‍රමාණවත්ව පානය කිරීම හොඳපෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම හැම විටම වැදගත්වේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 8


    වැලමිටේ පෙරුම්කායම් බැඳීමෙන් මෙම අනතුරෙන් ආරක්ෂා විය හැකි බවට පැතිරෙන කතා


    පැහැදිලි කිරීම
    ----------------
    ආයුර්වේදය තුල පෙරුම්කායම් වල විශේෂ හැකියාවක් ඇති බව පිළිගන්නවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ මතුව ඇති තත්ත්වය තුල , අතේ වැළමිටේ පෙරුම්කායම් ගැටගසාගෙන සිටීමෙන් , වයිරසය දේහ ගත වීම වලක්වන්නට බැහැ. මේ වයිරසය “ගඳ සුවඳ නැත්නම් විහිදෙන සැර“ අනුව හැරිලා යන එකක් නොවේ. එය මිනිසුන් සහ සතුන්ගේ දේහ වලට කැමැත්තෙන් ඇතුලු වෙලා ජීවත්වන්නට කැමති වයිරසයක්.


    අනෙක් චීනය කියන්නේ වසර 5000කටත් එහා ගිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවති සංස්කෘතියක් , ඔවුනුත් මෙවැනිම ස්වභාවික අල, ගෙඩි, යුෂ වලින් රෝග වලට ප්‍රතිකාර කරන , ආයුර්වේදය වැනිම සංවිධානික වෛද්‍ය ක්‍රම රැසක් තිබුණූ රටක් . ඉතින් ඔවුන් මෙවැනි අල , මල් ගැටගසාගෙන් වයිරසය විනාශ කළා නම් ඇයි අපට මේ තරම් ගැටළුවක් ඇති වෙන්නේ. ඒ නිසා, කමක් නෑ පෙරුම්කායම් හෝ ඕන දෙයක් ඇඟේ අතුල්ලාගත්තට , නමුත් මේ ලිපියේ පහල දක්වන සෞඛ්‍ය උපදෙස් සහ රජය විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. එයයි ආරක්ෂාවට “නියම“ මග.කෙසේ වෙතත් පෙරුම්කායම් අතේ බැඳගන්නවාට වඩා හොඳ Hand sanitizer (Alcohol based) පැලඳ ගැනීම සහ එය අවශ්‍ය අවස්ථා වල භාවිත කිරීම නම් හොඳ ක්‍රමයක් වේවි
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>9


    නාසයේ ක්‍රීම් ගෑම මගින් කෝවිඩ් වයිරසයෙන් ගැලවිය හැකි බවට පැතිරෙන මතය


    පැහැදිලි කිරීම
    ----------------
    මෙය වරින්වර මතුවන කතාවක් , එනම් මේ වගේ වයිරස රෝග පැතිරෙත්දි නාසය ඇතුලත විවිධ ප්‍රතිජීවක අඩංගු ඖෂධ ගල්වා ගැනීමෙන් ආරක්ෂාවක් ලැබෙන බව. එයත් අර පෙරුම්කායම් වගේම කතාවක් තමා. ප්‍රතිජීවක වලින් වයිරසයකට බලපෑමක් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසාමනේ අප කියන්නේ නිකං හෙම්බරිස්සාවට ඇන්ටිබයොටික් ගහන්න එපා කියලා, එයින් අවාසිකයක් හැරෙන්නට වාසියක් ඇති වන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවෙත් ෆාමසිගානේ ගිහින් ඇන්ටිබයොටික් ක්‍රීම් ඔබේ , දරුවන්ගේ නාහේ ඇතුලේ ගාල , නැති කරදර ඇති කරගන්න එපා.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>10


    මුල් අවස්ථාවේ ඇන්ටිබයොටික් ගැනීමෙන් මෙම අනතුරෙන් වැලකිය හැක.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    ඇන්ටිබයොටික්ස් වල ප්‍රතිකාරාත්මක හැකියාව ඇත්තේ බැක්ටීරියාවන්ට එරෙහිව වන අතර, මෙ වයිරසයකි. එම නිසා මේ සඳහා ඇන්ටිබයොටික් ගැනීම කිසිදු ප්‍රතිපලයක් ලබා නොදෙන අතර එමඟින්, අමතර අවදානමකට ( බහු ඖෂධීය ප්‍රතිරෝධය වැනි) අත වැනීමක් වනු ඇත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>11


    මුල් අවස්ථාවේ ඇන්ටිබයොටික් ගැනීමෙන් මෙම අනතුරෙන් වැලකිය හැක.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    ඇන්ටිබයොටික්ස් වල ප්‍රතිකාරාත්මක හැකියාව ඇත්තේ බැක්ටීරියාවන්ට එරෙහිව වන අතර, මෙ වයිරසයකි. එම නිසා මේ සඳහා ඇන්ටිබයොටික් ගැනීම කිසිදු ප්‍රතිපලයක් ලබා නොදෙන අතර එමඟින්, අමතර අවදානමකට ( බහු ඖෂධීය ප්‍රතිරෝධය වැනි) අත වැනීමක් වනු ඇත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>12


    දෑත් සේදීමට xxxxx (‍වෙළඳ නාමයක්) නම් සබන්වර්ගයම භාවිත කළ යුතුය.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    එවැනි අවශ්‍යතාවයක් නැත, වෙළඳපොළේ ඇති පිළිගන්නා වෙළඳ නාමයක් ඇති ඕනම සබන් වර්ගයක් (දියරමය හෝ නොවන) මේ සඳහා යොදා ගත හැක.
    වැදගත් වන්නේ නිවැරදි ක්‍රමයට ගලායන ජලය යොදා ගනිමින් දෑත පිරිසිදු කරගැනීමයි.
    කෙසේ වෙතත් Alcohol Hand Sanitizer එකක් ළඟ තබා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවන් වල දෑත පිරිසිදු කරගැනීමට යොදා ගැනීම වඩා වාසිදායකවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>13


    මෙම වයිරසය මස් මාංශ ඔස්සේද එන නිසා මස් මාළු කෑමෙන් වැළකී සිටිය යුතුය.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    සෞඛ්‍යාරක්ෂිත ආකාරයට සකසා හොඳින් පිස ගත් මස් මාංශ , කිරි බිත්තර ආහාරයට ගැනීමට මඟින් මෙම වයිරසය දේහගත වීමක් සිදුනොවේ.


    විශේෂයෙන්ම විටමින් සී සහිත ආහාර සමඟ ප්‍රොටීනමය ආහාර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>14


    ඇඟ පුරා ක්ලෝරීන්මය දියරයක් හෝ මධ්‍යසාර දියරයක් ආලේප කරගැනීමෙන් මෙම අවදානමෙන් ආරක්ෂාවක් ලැබේ.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය දේහ ගත වන්නේ ඇස, කට ,නාසය වැනි ස්ථාන වල ඇති ශ්ලේෂමල පටලය හරහා වන අතර එම ස්ථාන වලට අදාල රසායනික ස්ඵර්ශ වීම හානිකර වේ. එමෙන්ම දේහ ගතවූ වයිරස මෙලෙස ඇඟ පුරා විවිධ රසායනික ගෑමෙන් විනාශ නොවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>15


    විනාඩි 15කට වරක් වතුර බීමෙන් වයිරසය ආමාශයට ගොස් විනාශ වන නිසා රෝගයෙන් වැළකිය හැක


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ශ්ලේශ්මලය ඔස්සේ ඇතුළුවී, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රැඳෙමින් රෝග තත්ත්වය ඇති කරන්නකි. මෙම ක්‍රමය මගින් “ගිල , මරා දැමීම“ රෝගයෙන් ආරක්ෂාවීමට හෝ සුව වීමට ක්‍රමයක් නොවේ. නමුත් දියර වර්ග ප්‍රමාණවත්ව ගැනීම හැම විටම වැදගත්වේ
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>16


    Sesame oil ආලේප කිරීම මගින් මෙම වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම තෙල් වර්ග මගින් කෝවිඩ්-19 වයිරසය විනාශ නොවේ. එම නිසා මේ අවස්ථාවේ මෙබඳු තෙල් ආලේපයන් මගින් අපේක්ෂා කරන ආරක්ෂාව නොලැබේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>17


    මත්පැන් පානය කිරීම මඟින් කෝවිඩ්-19 වයිරසයට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලබා ගත හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    වැරදි තොරතුරකි, මෙම වයිරසයේ තර්ජනයට ලක්වන්නේ ශ්වසන පද්ධතිය වන අතර, මත්පැන් පානයෙන් කිසිදු ආරක්ෂාවක් නොලැබේ. එමෙන්ම මේ අවස්ථාව තුල මත්පැන් මගින් සිහිතත්ත්වය වෙනස්වීම තුල පවත්වා ගත යුතු ආරක්ෂක ක්‍රම පවා අමතක වී හෝ මගහැරී අවදානම වැඩි කරගන්නට අවස්ථා ඇති විය හැක.


    75% හෝ ඉහළ ප්‍රතිශතයක් ඇති Ethanol වලට මෙම වයිරසය විනාශ කළ හැකි අතර, එම රසායනය ඇති Hand Sanitizer මඟින් දෑත පිරිසිදු කරගැනීම වාසිදායකය.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>18


    නියුමෝනියාවට අදාල එන්නත ලබා ගෙන ඇති නිසා මෙම වයිරසයෙන් බලපෑමක් නැත.


    පැහැදිලි කිරීම
    ----------------
    නියුමෝනියාව හෝ වෙනත් රෝගයක් සඳහා ගත් එන්නත් මගින් මෙම වයිරසයේ බලපෑමට එරෙහිව ආරක්ෂාවක් නොලැබේ.


    මෙම වයිරසයට පහර දිය හැකි එන්නතක් තවම වෙළඳපළට නිකුත් කර නැත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>19


    කෝවිඩ්-19 රෝගයට ප්‍රතිකාරයක් සොයා ගෙන ඇත. රෝහල් ගත වූ කෝවිඩ්-19 රෝගියා සුව වූයේ එමඟිනි.


    පැහැදිලි කිරීම
    ----------------
    නැත, මේ දක්වා මෙම රෝගය සඳහාම නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නැත.
    රෝහල තුලදී සිදු කෙරෙනුයේදි “සහායක ප්‍රතිකාර“ එනම් ලක්ෂණ වලට සහනයක් දීමේ ප්‍රතිකාර දෙමින් ,අදාල පුද්ගලයාගේ ප්‍රතිශත්කිය මගින්ම වයිරසය විනාශ කර රෝගය සුව වන තුරු , අධීක්ෂණය යටතේ සාත්තුව ලබා දීම පමණි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>20


    කෝවිඩ්-19 රෝගය සතුන්ගෙන් බෝවන නිසා බල්ලන් , බලලුන් මගින් මෙය පැතිරේ


    පැහැදිලි කිරීම
    ----------------
    නිවසේ සුරතලයට ඇති කරන බල්ලන් , බලලුන් මගින් මෙම රෝගය මිනිසාට බෝවන බවට ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ලැබී නැත.
    කෙසේ වෙතත්, සුරතල් සතුන් අතගෑමෙන් පිරිසිදු කිරීමෙන් පසු , දෑත සබන් යොදා ගලා යන ජලයෙන් සෝදා ගැනීම හැම විටම වාසිදායකය.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>21


    කෝවිඩ්-19 වයිරසයට ගොදුරු වන සියල්ල එමඟින් ඇති වන රෝග තත්ත්ය නිසා මරණයට පත්වේ.


    පැහැදිලි කිරීම
    ----------------
    නැත, වයිරසය දේහ ගත වූ අයගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් මිය ගොස් ඇති අතර,මිය ගිය පිරිස, අතරින්ද වැඩි පිරිසක් පෙර කී අවදානම් කණ්ඩායමට අයත්ය.
    කෙසේ වෙතත්, මෙම රෝග තත්ත්වයෙන් සුව වූ පසුව නැවත වරක් වෛද්‍ය පරික්ෂණයට ලක් වීම සුදුසු වන්නේ , සමහර අවස්ථා වල මෙම රෝග නිසා පෙනහළු වලට වන බලපෑම මත යම් ශ්වසන ගැටළු මතුවිය හැකි නිසාවෙනි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>22


    නිවසට විවිධ දුම් වර්ග ඇල්ලීම මගින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය විනාශ කිරීමේ හැකියාව ඇත්තේ , ක්ලෝරීන් අඩංගු රසායනික දියර, 75% හෝ වැඩි එතනෝල් , ක්ලෝරෆෝම් වැනි රසායනික ද්‍රව්‍ය කිහිපයකට විනා, වෙනත් දුම් වර්ග මගින් මෙම වයිරසය විනාශ කළ නොහැක.


    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>23


    කෝවිඩ්-19 වයිරසය ඇතුළු වූ විගස රෝග ලක්ෂණ පෙන්වන අතර, එවිට රෝගියාගෙන් අනෙක් අයට බෝවේ


    පැහැදිලි කිරීම
    ----------------
    වයිසරය ඇඟට ඇතුළු වී රෝගයේ ලක්ෂණ මතු වීමට දින 2ත් 14ක් අතර කාළයක් ගත විය හැකි අතර, ලක්ෂණ නොපෙන්වුවද , වයිරසය දේහ ගත වී ඇති අයෙක්ගෙන් තවත් අයෙක්ට වයිරසය ගමන් කළ හැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>24
    තෙත් උණුසුම් කාළගුණය තුල වයිරසය නොපැතිරේ.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ඕනෑම පරිසර , කාළගුණ තත්ත්වයක් තුල පැතිර යාහැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>25


    තද උණුසුම් හෝ සීතල කාළගුණය මඟින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    සාමාන්‍ය පරිසර උශ්නත්වය තුල ඇති, තද උණුසුමින් හෝ සීතලෙන් මෙම වයිරසය විනාශ නොවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>26


    සුදු ළූණු කෑම මඟින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    සුදු ළුෑණු වල යම් ප්‍රතිබැක්ටීරියා හැකියාවක් තිබුණද, එය වයිරසය ආසාදනයකදී , වයිරසයක් විනාශ කිරීම සඳහා යොදා ගැනීම මෙම අවදානමෙන් වැලකීමට සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනාගෙන නැත.

     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ------------------------------------------------------------------------------
    > > > > කොරෝනගෙන් ගැලවෙන්නට හරි මග < < < <
    ------------------------------------------------------------------------------

    දෑත පරිස්සම් කරගන්න
    ================
    1) අවශ්‍ය සියළුම අවස්ථා වලදි ,දෑත් සබන් සෝදා ගලා යන ජලයෙන් පිරිසිදු කරගන්න. (විශේෂයෙන්ම,පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයෙන්,වෙළදසැල් වල ගැවසීමෙන් රෝහල් තුල රැඳීසිටීමෙන් පසු)
    2) පොදු ස්ථාන වල ඇති පොදුවේ ස්පර්ශ කරන, පුවරු, මතුපිටවල්, දොර අගුළු ඇල්ලීමෙන් වලකින්න. අවශ්‍යම අවස්ථාවලදී, වැලමිට හෝ අත්ලේ පිට පැත්ත යොදා ගන්න, හැකි ඉක්මණින් පිරිසිදු කරගන්න.
    3) ජලය නොමැති අවස්ථා වලදී භාවිත කිරීම සඳහා Alcohol based hand sanitizer එකක් හැම විටම සූදානම්ව ළඟ ලබා ගන්න
    4) ඇස් , මුහුණ අතගෑම් හැකි තරම් සීමා කරන්න.
    5) සුබ පැතීම් සඳහා අතට අතදීම්, වැළඳ ගැනීම් සීමා කරන්න.
    6) රෝග ලක්ෂණ නොපෙන්වන අයෙක් තුල පවා වයිරසය ඇති බව , පැතිරවිය හැකි බව දැනුවත් වන්න.
    7) සැක සහිත අවදානම් සහිත යමක් ස්පර්ෂ කලේනම් , දෑත් නිසි ලෙස පිරිසිදු කරගන්න.
    .
    .
    .
    කෙළ බිඳිති ආවරණය කරන්න
    ================
    1) කිවිසීමේදී දෑත භාවිත නොකර ටිෂු එකක් හෝ නැත්නම් වැලමිට ඇතුලත භාවිත කර බිදිති විසිරීම පාලනය කරගන්න.
    2) නැවත භාවිත කරන ලේන්සුවකට වඩා වරක් භාවිත කර ඉවත් කරන facial tissue වඩාත් සුදුසුයි මේ අවස්ථාවේ.
    3) කිවිසීමකට , නාසය පිරිසිදු කිරීමකට පසු දෑත සබන් / ගලා යන ජලය හෝ 70%-80 Alcohol based Hand sanitizer භාවිත කර පිරිසිදු කරගන්න.
    .
    .
    .
    ලෙඩ වුනා නම් ගෙදර ඉන්න
    ================
    1) රෝග ලක්ෂණ දැනගන්න
    කැස්ස, උණ , උගුරේ වේදනව, සෙම්ප්‍රතිශ්‍යා වේ ලක්ෂණ, ශ්වසන අපහසුව මුලික ලක්ෂණ විය හැක
    2) සෙම්ප්‍රතිශ්‍යාව ලක්ෂණ මතුවූ සැනින් කළබල නොවන්න.(නමුත් අදාල ආසාදනය පැතිරෙන ප්‍රෙද්ශයක , පසුගිය සති දෙක තුල සංචාරය කළානම් හෝ අදාල රෝගයට පත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනාද ( අඩි හයකට හෝ අඩු දුරක) නම් රෝග ලක්ෂණ වන වෙනස්වීම පිළිබඳව වැඩි අවධානයකින් ඉන්න.
    3) නිවසට වී දිනක් දෙකක් විවේක ගන්න, රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත්වන්න.
    4) දියර වර්ග වැඩිපුර ගැනීම, පෝෂණිය ආහාර ගැනීම හරිව වැදගත්. (තද උණූ ජලය පානයේ අවශ්‍යතාවයක් නැතිමුත් උතුරවා නිවාගත් ජලය හෝ පිරිසිදු පානීය ජලය පානය වැදගත් වේ)
    5) මේ කාළය තුල ඔබේ හිතුමනාපෙට ප්‍රතිජීවක ඖෂධ නොගන්න.
    6) ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පවුලේ අනෙක් අයගෙන් හැකි තරමට වෙන්ව මේ කාළසිමාව ගත කරන්න.( මේ අවස්ථාවේ නිවස තුලදී වුවද මුව වැස්මක් පැළඳීම පවුලේ අනෙක් අයට යම් ආරක්ෂාවක් වේවි)
    7) රෝග ලක්ෂණ වැඩිවන බව දැනෙනවා නම් හෝ ශ්වසන අපහසුතාවයක ලක්ෂණ මතුවේ නම් (දින ගණන ගැන නොසිතා) මුව වැස්මක් පැළද, රෝහලට යන්න.
    8) ඔබට කොරෝනා වයිරසය ඇතුළු වී ඇතැයි රෝහලේදී හඳුනාගත්ත ද වයිරසය ශරීරගත වූ සියල්ලන් ජීවිත අවදානමකට ලක් නොවනබව තේරුම් ගන්න, සෞඛ්‍ය උපදෙස් අනුව අදාල කාළ සීමා රෝහල තුල ගත කරන්න.
    9) සැක සහිත ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ ඉතා ළඟ කතා බහ ( මීටර දෙකකට වඩා ලඟින්) සිප ගැනීම්, නොකරන්න.
    .
    .
    .
    හොඳට කන්න බොන්න
    ================
    1) පෝෂණීය ආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය/දියර වර්ග වයසට ගැලපෙන ප්‍රමාණයට පානය කරන්න.
    2) මත්පැන් පානය මගින් මෙම වයිරසය විනාශ නොවන බව දැනුවත් වන්න.
    3) මස්, කිරි බිත්තර වැනි සත්ව ආහාර හොදින් පිස පරිභෝජනය කරන්න.
    (හොදින් පිසගත් මස් මාංශ අනුභවයෙන් ප්‍රෝටීන් මිස වයිරසය නොලැබේ ,කෙසේ වෙතත් 4) සත්ව ආහාර මිලදී ගැනීම සඳහා වගකීමක් ඇති වෙළඳ සැලක් වෙත යන්න)
    5) ආහාර සැකසීමේදී , නොපිසින ආහාර ( ගොටු කොළ වැනි) සමඟ නොපිසූ මස් මාංශ මිශ්‍රවීම වලක්වා ගන්න‍
    6) විටමින් සී සහිත ස්වභාවික පළතුරු භාවිතය වාසිදායක විය හැකි බව දැනුවත් වන්න.
    .
    .
    .
    නිවැරදිව දෑත් පිරිසිදු කරගන්න
    ================
    1) ගලා යන ජලයෙන් , ඇඟිලි/ඇඟිලි අතර/මැණික්කටුව ප්‍රෙද්ශය/අල්ල/පිටි අල්ල, හොඳින් තෙමා ගන්න
    2) දැන් සබන් යොදා පෙර ප්‍රදේශ තත්තපර 20-30ක්වත් හොඳින් අතුල්ලන්න , දැන් ගලා යන ජලයෙන් හොඳින් සෝදා හරින්න.
    3) අත් වියලීම සඳහා පිරිසිදු රෙදි කඩක් හෝ ටිෂු එකක් යොදා ගන්න, කිසිදු විටෙක සවිකර ඇති Hot air hand dryer භාවිත නොකරන්න
    4) ගලායන ජලය සහ සබන් නොමැති අවස්ථාවකදි Alcohol based hand sanitizer බිඳු කිහිපයක් අතට ගෙන පෙර කී ප්‍රෙද්ශ තුල හොඳින් ආලේප කරගන්න, වියලෙන්නට දෙන්න. තෙතමාත්තු කිරීම හෝ සේදීම කළ යුතු නොවේ.
    5) අත කිළිටි යැයි හැඟෙන හැම විටකෙම සහ , කිවිසීම , නාසය පිරිසිදු කිරීම, සතුන් ස්පර්ශ කිරීමෙන් පසු, කෑම පිළීයෙල කිරීමට පෙර , කෑමට පෙර , වැසිකිලි භාවිතයට පසු, රෝගී අයෙක්ට සත්කාර කළ පසු සහ අතට අතදීම හෝ අවදානම් යමක් ස්පර්ශ කිරීමට පසු දෑත පිරිසිදු කරගන්න
    .
    .
    .
    දැනුම යාවත්කාළීනව තබා ගන්න
    ================
    1) 2019 nCoV නමැති මෙම වයිරසය , ලෝකයට අළුත් කෙනෙක් නිසා තවමත් එහි හැසිරීම පිළිබඳ සෞඛ්‍ය ආයතන සිදු කරන පර්යේෂණ පිළිබඳ දැනුවත් වන්න, දැනුම යාවත්කාළීනව පවත්වා ගන්න.
    2) රජය විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.
    3) සමාජ ජාලා වල පැතිරෙන තොරතුරු එකවර විශ්වාස කිරීම /බෙදා ගැනීම නොකරන්න. වැරදි තොරතුරු බෙදා ඇති විටෙක, වරද පෙන්වා දෙන්න
    4) පහත බැදුම් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගන්නා “නිවැරදි“ නවතම දැනුම ලබා ගන්න.
    https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019
    https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html
    https://coronavirus.jhu.edu/map.html
    සිංහලෙන් දැනගන්න
    https://www.facebook.com/hpbsrilanka
    http://www.epid.gov.lk
    5) ලබා ගත් නිවැරදි දැනුම බෙදා ගන්න
    .
    .
    .
    දැන ගෙන මාස්ක් එකක් පළදින්න
    ================
    1) අවදානම් ස්ථානයක රැකියාව කරයි නම්, ලක්ෂණ ඇත්නම්, ලක්ෂණ ඇති රෝගියෙකුට සාත්තු කරයි නම් මාස්ක් එක්ක පළඳින්න.
    2)පැළඳිමට පෙර සහ ඉවත් කිරීමෙන් පසූ දෑත නිවැරදිව පිරිසිදු කරගන්න.
    3)මුහුණ සහ මාස්ක් එක අතර හිදැස් පැවතීම අවම කරගන්න. ( හැකිනම් Seal check test එක කර බලන්න)
    4)මාස්ක් එකේ පිහිටීම නැවත සැකසිය යුතු අවස්ථාවකදි පළමුව දෑත පිරිසිදු කරගන්න.
    5)එකම මාස්ක් එක දිගටම වැඩි කාළයක් හෝ නැවත භාවිත කරන්නට එපා. ( නිශ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න)
    6)සාමාන්‍ය සර්ජිකල් මාස්ක් වලට වඩා සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් N95 වැනි මාස්ක් වලින් ලැබිය හැක
    7)මාස්ක් මඟින් 100%ක ආරක්ෂාවක් නොලැබෙන බව දැන අනෙක් ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්න
    8) නැවත පිරිසිදු කර භාවිත කළ හැකි ෆිල්ටරයක් සහිත මාස්ක් එකක් නම් නිශ්පාදකයාගේ උපදෙස් අනුව එය පිරිසිදු කරන්න
    9) ඔබ රැවුලු වවා ඇති අයෙක් නම් මාස්ක් එක සහ ඔබේ මුහුණ අතර ඇති හිදැස් මගින් වයිරසය පහසුවෙන් දේහගත විය හැකි බව දැන ගන්න
    10) කිනම් මාස්ක් එකක් පැළදුවද එමගින් කට , නාසය , නිකට අතර හිදැස් අවම වන සේ හොඳින් ආවරණයවන අයුරින් පළදින්න (N95 මාස්ක් පළඳින්නේ නම් Seal check test එක කරගන්නට අමතක කරන්න එපා Seal check test එක කරගන්නේ මෙහෙමයි, N95 මාස්ක් එක නම් පැළදුවේ , අත්ලේ අල්ල භාවිත කරමින් මාස්ක් එක සම්පුර්ණයෙන් ආවරණය කරන්න, ඊට පසු ගැඹූරු ප්‍රාශ්වාසයක් පිට කරන්න, දැන් බලන්න මාස්ක් එක සහ මුහුණ අතරින් වාතය කාන්දුවන බවක් දැනේදැයි, එසේ වෙනම් රැඳවුම් පටි එහා මෙහා කරමින් එලෙස වාතය කාන්දු නොවන තත්ත්වය දක්වා මාස්ක් එක සකසා ගන්න. නමුත් මාස්ක් එක තැලීමෙන් වලකින්න.ෆිල්ටරයට ඇති මාස්ක් එකකදී නම් ෆිල්ටරයට වැසෙන සේ අත්ල තබා මේ පරික්ෂණයම කරන්න, එවිට කාන්දුවීමක් නොමැතිව මාස්ක් එක පිම්බීමක් වේනම් මාස්ක් එක සහ මුහුණ අතර හොඳට ස්ඵර්ශවී ඇති බව තහවුරු කරගත හැක)


    නැවතත් පැහැදිලි කරමි, මෙම පිළිතුරු සටහන් කළේ, මෙම වැරදි මත සමාජ ගත වීම තුල විය හැකි අවදානම නිසාවෙන් මිසක, කිසිවෙකුගේ අදහසට හෝ විශ්වාසයකට පහර දීම වෙනුවෙන් නොවේ. එමෙන්ම , ඉඩ ලැබෙන අවස්ථා වලදි මගේ පුද්ගලික ෆේස්බුක් පිටුව (https://www.facebook.com/mmaheshnishantha) තුල තොරතුරු යාවත් කාළීන කරන අතර, කැමැත්තෙක් පැමිණ කියවා , දැනුවත්වන්න. අවශ්‍ය නම් බෙදා ගන්න.


    කෙසේ වෙතත් නිවැරදි , විද්‍යානුකූල යාවත්කාළීන තොරතුරු සඳහා www.who.int හෝ www.cdc.gov වෙත පිවිසෙන්න.
    ‍මෙම තොරතුරු වල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගෙන පිළිපදින්න
    ඒ සඳහා පහත වෙබ් අඩවි උදව්වේවි
    https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html
    https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019
    https://www.osha.gov/SLTC/covid-19/medicalinformation.html
    https://www.canada.ca/en/public-health/services/diseases/2019-novel-coronavirus-infection.html



    උපුටා ගැනීම...
    https://www.facebook.com/groups/489258535067257/permalink/516309299028847/



    qNBA1MZ.jpg

     
    Last edited: