Flu (2013) | කුරුළු වෛරසය..

Flu (2013) | කුරුළු වෛරසය..

Flu (2013) | කුරුළු වෛරසය..



-

| 720p Blu-Ray AAC x264 |


-

මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්.

වර්තමානයේ කොරෝනා වයිරස් එක වගේ රෝගයක්

මේ බයිස්කොප් එකට හොද imdb අගයකුත් හිමි වෙලා තිබෙනවා. ඒ 6.8 ක

අගයක්.

ස්ටෝරිය ආරම්භයේදී කිහිප දෙනෙක් එකතු වෙලා කියක් හරි හම්බ කොර ගන්න කියලා

කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ සැගවිලා බන්ඩ්ඩැන්ග් වලට ගමන් කරනවා. නමුත්

බන්ඩ්ඩැන්ග් වල සිටින ඔවුන් ගේ නියෝජිතයන් කන්ටේනර් පෙට්ටිය විවෘත කරලා

බැලුවම ඒක ඇතුළේ ආපු සැට් එකටම බඩු හම්බවෙලා. ඔක්කෝටම බඩු හම්බ වෙලා කිව්වට

ඔක්කෝටම නෙමෙයි. එම අනතුරින් එක් අයෙක් ජිවිතය බේර ගන්න සමත් වෙනවා. මුන්

සේයි කියලා පුංචි කොලු ගැටයෙක්. ඉන්පසු ඔවුන් මුන් සේයිව සගවා ගෙන

බන්ඩ්ඩැන්ග් වලට රැගෙන යනවා. නමුත් මුන් සේයි ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදිලා

නගරය ඇතුළට රිංග ගන්නවා. හැබැයි මුන් සේයි නගරය තුළට යන්නෙ හිස් අතින්

නෙමෙයි පට්ටම පට්ට වෛරසයක් ආසාදනය කර ගෙන. එම වෛරසය සුළග මගින් ක්‍රමක්

ක්‍රමයෙන් බන්ඩ්ඩැන්ග් පුරාම පැතිර යන්නට පටන් ගන්නවා. එම අතර තුර වාරයේදි

මුන් සේයි ට මී රූ කියලා පුංචි කෙළි පැටියෙක් මුණ ගැහෙනවා. ඇය බඩගින්නෙ

ඉන්න මුන් සේයිට අහාර ලබා දෙනවා. ඉන්පසුව මී රූට වැටහෙනවා මුන් සේයි

සිටින්නෙ අසනීපයෙන් කියලා. පසුව ඇය උදව් සොයා යනවා. ඔය අතර තුර වාරයේදී

මුන් සේයි එතනින් පැන ගන්නවා. වෛරසය මුලු බන්ඩ්ඩැන්ග් නගරය පුරාම පැතිර

යනවා. මී රූ, ජී ගෝ සමග එකතු වෙලා මුන් සේයිව සෑම තැනකම සොයන්නට පටන්

ගන්නවා. නමුත් ඔවුන්ට ඔහුව සොයා ගන්න නොහැකි වෙනවා. වෛරසය හේතුවෙන්

මිනිසුන් දහස් ගණන් තමන් සිටි ස්ථාන වලම ඇද ගෙන වැටෙන්න පටන් ගන්නවා.

කොරියානු රජය තිරණය කරනවා, ආසාදිත පුද්ගලයන් සහා අසාධිත නොවුන අයව වෙන්

වෙන් වශයෙන් කදවුරු ගත කරන්න. වෛද්‍යවරු මේ වෛරසයට ප්‍රතිකාර සොයන්නට කොපමණ

උත්සහා දැරුවත් ඔවුන්ට් ප්‍රතිකාර සොයා ගන්න ලැබෙන්නෙ නැහැ.නමුත්..වෛද්‍ය

කණ්ඩායමට තොරතුරු ලැබෙනවා කන්ටේනරය තුළ එක් අයෙක් ජිවිතය ගලවා ගත්තා

කියලා. පසුව හමුදාව විසින් ඔහුව සොයා ගන්නවා. ඒත් හදිසියේම වගේ කදවුර තුළ

සිටින අයට දැන ගන්නට ලැබෙනවා, අසාධිත වුවන්ට කිසිදු ප්‍රතිකාරයක් නොමැති

බවත්, ආසාදිතයන් ප්‍රතිකාර කරන මුවාවෙන් ගෙන ගොස් හමුදාව විසින් ඝාතනය

කරනවා කියලා. මෙයින් කලබලයට පත් වන ජනතාව කදවුර දෙවනත් කරන්න පටන් ගන්නවා.

හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ට දකින්නට ලැබෙනවා, මිනිසුන්

දහස් ගණන් ගිනි තබා පුළුස්සා දමනවා. මෙයින් කෝපයට පත්වන ජනතාව ප්‍රතිදේහ

නිර්මාණය කිරීමට සගවා ගෙන සිටි මුන් සේයිවත් මරලා දමනවා. අසාදිතයන්

කදවුරෙන් පිටත් වෙලා නගරය දෙසට එන්නට පටන් ගන්නවා. රජය නියෝග කරනවා ඔවුන්

සෑම දෙනාවම වෙඩි තබා බිම හෙළන ලෙසට. මෙහිදි ජී ගෝ සහා මීරූ ත් ඔවුන් සමග

නගරය දෙසට ගමන් කරනවා. මී රූ ගේ මව හමුවීමට. එහිදි ඔවුන්ට කරදර රාශියකට

මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය

කියලා දානවා. මේ බයිස්කෝප් එක ඇතුළේ තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ මොනවද

කියලා දැන ගන්න නම් මේක ඔයාලට නරබන්නම වෙනවා.


Source - බයිස්කෝප්



-

2013 ‧ Drama/Disaster ‧ 2h 2m
6.7/10IMDb
Initial release: August 15, 2013 (South Korea)
Director: Kim Sung-su
Box office: 19.8 million USD
Editor: Nam Na-yeong
Languages: Korean, Indonesian, English, Filipino

--------------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber

--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

http://bit.ly/38auFBW
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය

    කියලා දානවා.

    http://bit.ly/38auFBW[/RIGHT]​

    Mulu kathawama okkoma tika kiyala dala iwarawela kiyanawa "අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය කියලා දානවා " kiyala :baffled::lol:
    oya film eka mama balala thiyenawa:yes: me dawas wala balanna watina film eka :dull:
     
    Last edited: