UNP කසියා පෙරළා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    එජාප අපේක්‍ෂකගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි..
    මුන් බාර් වහන්න කියන්නේ කසිප්පු ටික විකුණා ගන්න
    20col161113_095433-1130924346_5164714_23112016_lnw_gry.jpg

    පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රත්ගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ලද අපේක්ෂකයෙකුට අයත් බව කියන හික්කඩුව, මලවැන්නේ කැලෑබද ප්‍රදේශයක් තුල පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා පෙරන ලද කසිප්පු, ගෝඩා හා උපකරණ තොගයක්ද සමග සැකකරුවෙකු ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශය මගින් (12) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු, කසිප්පු ගෝඩා හා උපකරණ තොගයද සමග (12) සවස 6.00 ට පමණ මීටියාගොඩ පොලීසියට බාර දී ඇති අතර (13) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බටපොතුදූව, මලවැන්න, හික්කඩුව ලිපිනයේ පදිංචි කේ ඒ නිහාල් (35) නැමැති අයයි.

    ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග කසිප්පු ගෝඩා හා උපකරණ තොගය අත් අඩංගුවට ගෙන තිබේ. මලවැන්නේ බටපොතුදූව කැලෑබද ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද මෙම කසිප්පු නිශ්පාදනාගාරය වටලා පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු බෝතල 04 ක්, ගෝඩා බැරල් 01 ක්, තඹ දගරයක්, සමග හිස් බැරල්, ප්ලාස්ටික් කෑන් ඇතුළු උපකරණ තොයක් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ. මෙම කසිප්පු හා උපකරණ තොගයේ වටිනාකම රුපියල් හතලිස් දහසකට (40,000/-) අධික බව පොලීසිය කියයි.

    සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මෙම කසිප්පු නිශ්පාදනාගාරය, රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කරන ලද කෝකිල නැමැති අපේක්ෂයාට අයත් බවත් තමන් එහි කුලියට වැඩ කරන බවත් සැකකරු විසින් ප්‍රකාශ කර තිබේ. එක් කසිප්පු වඩියකින් කසිප්පු ස්ප්‍රීතු බෝතල 02 ක් හෝ තුනක් සමග යම් මුදලක් තමන්ට ලැබෙන බවත් කෝකිල නැමැති අය නිල්පාට ටාටා බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයකින් පැමිණ කසිප්පු තොගය රැගෙන යන බවත් ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශයේ ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    මෙම කසිප්පු නිශ්පාදනාගාරය දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් තිබෙන බවත් ඉතා සූක්ෂමක එහි නිශ්පාදන මීටියාගොඩ, හික්කඩුව, බටපොළ, මලවැන්න, තෙල්වත්ත ආදී ප්‍රදේශවලට අලෙවි කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරුගෙන් ලැබුණ තොරතුරු මත සත්‍ය ලෙසම මෙම කසිප්පු නිශ්පාදනාගාරය සදහා දේශපාලනඥයන්ගේ සහය ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද මීටියාගොඩ පොලීසිය කියයි
    ගත්තේ@ CNews​
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බටපොතුදූව, මලවැන්න, හික්කඩුව ලිපිනයේ පදිංචි කේ ඒ නිහාල් (35) නැමැති අයයි...




    රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කරන ලද කෝකිල නැමැති අපේක්ෂයාට මේක අයිතියි කියලා ඔප්පු වෙලා නම් ඇයි මචන් ඌව අතඩන්ගුවට ගන්නේ නැත්තේ?


    ඇයි පොඩි මිනිහට විතරක් නීතිය?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    හපොයි දෙගොල්ල එකතු වුණාම රට ස්වයංපෝෂිත කරයි මත්ද්‍රව්‍ය වලින්.
     

    Similar threads