ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'

ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය සහ ජීවන රටාව ගැනයි.

සෙසු දියුණු යැයි සැලකුණු ජනාවාස වලින් ඈත්ව වෙසුනු මේ ජන කොටස ජීවත් වුනු වාස භූමි අද සොයා ගැනීම තරමක දුශ්කර කටයුත්තකි. එනමුදු, ඔවුන් මධ්‍යම කඳුකරයේ කුඩා ගම්මාන වල සාම්ප්‍රදායික නිවෙස් වල ජීවත් වුනු බවට සාක්ශි ඇත. මොවුන්ගේ ප්‍රධාන ජීවිකා වී ඇත්තේ සත්ව සම් වලින් බෙර සෑදීම, බෙර වාදනය, විජ්ජා හා සාස්තර දැක්වීමයි. රොඩියන්ගේ සම්භවය ගැන ජන ප්‍රවාද බහුලය.

Rodiya_People.jpg


එකොළොස් වැනි සියවසේදී එක්තරා වැද්දෙක් පරාක්‍රමබාහු රජ වාසළට නිතර ගෝන මස් ගෙනාවේය. (මෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජ, පොළොන්නරුව රාජධානිය කරගෙන සිටි මහා පැරකුම් ද නැද්ද යන්න ගැන සාක්ශි නොමැත.) නියං සමයක එක් දිනක් ගෝනෙකු හෝ මුවකු දඩයම් කිරීමට නුපුලුවන් වූ හෙයින්, රාජ උදහසට ලක්වෙතැයි බිය වුනු වැද්දා අසළ තිබුනු ගම්මානයක ළමයකු මරා ඒ මස් රජ මාළිගයට ගෙන ගොස් ඇත.

එම මසෙහි රසය දැඩි ලෙස ප්‍රිය කර ඇති රජුගේ සුරූපී දියණිය (නවරත්න වල්ලී), හැම දාමත් ඒ මස් වර්ගයම ගෙනෙන ලෙස වැද්දාට නියෝග කළා ය. ටික කලක් යන විට අසල ගම් වල කුඩා ළමුන් අතුරුදන් වන්නට වූයෙන් මිනිසුන් බෙහෙවින් කලබලයට පත් වූහ. දිනක් රජුගේ කරණෑවෑමියා (කොන්ඩය කපන්නා) ගේ ළමයාද අතුරුදන් වූයෙන් ඔහු ඒ බව රජුට සැලකරනු වස් රජ මාලිගයට ගියේය. එදා සිරිතට අනුව මොහුටත් රජ මාළිගයේ අහාර පාන වලින් සප්පායම් වීමට අවස්ථාවක් ලැබී ඇත. තමන්ගේ අතට ලැබුනු මාලු පිණි සහිත බත් පතේ තම දරුවාගේ අතක තිබුනු විකෘති ඇඟිල්ලක් දැකීමෙන් බියට පත්ව මොහු එතැනින් පළා ගොස් ගමේ මිනිසුන්ට විස්තරය පැවසීය.

සිද්ධිය රජුට සැළ වීමෙන් පසුව, රජු වැද්දාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඇත්ත හෙළිදරවු කළේය. දැඩි ලෙස කෝපයටත්, කළකිරීමටත් පත් වුනු රජතුමා තම දූගේ ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් ඉවත් කර ඇයව වැද්දාට භාර දී, දෙදෙනාවම නගරයෙන් පන්නා දමන ලදී. ඔවුන්ගෙන් පැවතෙන අනාගත පරම්පරා සියල්ලම අඩු කුළයකට අයිති වන බවත් ඔවුනට වෙනත් මිනිසුන් මෙන් රැකි රක්ශා කිරීමට වරම් නැති බවත් ඔවුන් ගෙයින් ගෙට ගොස් හිඟමන් ලබා ගෙන ජීවත් විය යුතු බවත් රජු නිවේදනය කලේය. ඔවුන්ගේ සෙවනැල්ලක්වත් වෙනත් මිනිසුනට නොවැටෙන්නට ඔවුන් වග බලාගත යුතු බවත් ඔවුනට අනෙක් මිනිසුන්ගේ ළිං වලින් වතුර බීමටද අවසර නැති බවත් රජ තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙලෙස පන්නා දැමුනු සුරූපී නවරත්න-වල්ලී ගෙන් සහ එම වැද්දාගෙන් පැවත එන්නෝ රොඩී කුළයට අයත්හු බවට ජන ප්‍රවාදයෙහි සඳහන් වෙයි. රොඩී යන්නෙන් අපවිත්‍ර යන අරුතක් පළ වෙයි.

ඉහත ජනප්‍රවාදයට ඉතාමත් සමීප ප්‍රවාදයක් නුවර යුගයේ සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ගේ පොතක සඳහන් වෙයි. එකම වෙනස වන්නේ එම ප්‍රවාදය තුල නවරත්න-වළ්ලී නොමැති වීමයි. එනම්, රජුට මස් සැපයූ වැදි කොටස මිනී මස් සැපයූ බව දැනගත් විට, ඔවුන් එම කුළයෙන් නෙරපා දමා එම පරපුර එතැන් සිට රොඩීන් ලෙස සැළකූ බවයි. කෙසේ හෝ වේවා ඓතිහාසික ග්‍රන්ථ වල වැඩි වශයෙන් සඳහන් වන්නේ මා මුලින් ගෙනහැර පෑ ජන ප්‍රවාදයයි.

පහත රූපයේ පරිදි එදා පහත් කුළයක් ලෙස සැලැකූ බැවින් රොඩී කාන්තාවන් උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීමට වරම් නොලද්දෝය. එනමුදු රාජකීය ලෙයකින් එන්නන් බැවින් ඔවුන්ගේ රූපසෞන්දර්යය රජවාසළ කුමාරිකාවන් පවා පරාද කළ බව ඉතිහාසය සාක්ශි දරයි. ඔවුන් නැට්ටුක්කාරියන් ලෙසද දැඩි කීර්තියක් ලබාගෙන සිටි බවත්, රූපය නිසාම ධනවතුන් ඔවුන්ව ගණිකාවන් ලෙස යොදා ගත් බවත් සඳහන්වෙයි.

rodi1.jpg


rodi2.jpg


rodi3.jpg


rodi4.jpg


Contd...


 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
මොවුන් ඉනා ගුරුකම්, හදි හූනියම් වලටත් ප්‍රසිද්ධියක් ඉසිලූ බව සඳහන් වේ. ඊට අමතරව එක පසෙකට ගෝන සමක්ද, අනෙක් පසට වඳුරු සමක්ද යොදා බෙර සෑදීමේ මනා නිපුණත්වයක් දැක්වූවෝය. රොඩී තරුණියන් බොහෝ දෙනා රන්වන් පැහැ සමක් ඇති රූමතියෝ යැයි කියති. ප්‍රාදේශීය නායකයින් පිනැවීම සඳහා මේ රොඩී තරුණියන් හොර රහසේ ගෙන්වා ගැනීමේ සිරිතක් අනාදිමත් කාලයක සිට පැවැති බව ප්‍රකටය. මේ හේතුව නිසාම රත්නවළ්ලියගේ සම්භවය හුදු ජනප්‍රවාදයක් වූවත්, රොඩියන් තමන්ගේ නහර වල රාජකීය ලේ ඇතැයි කියන කතාවේ එතරම් පුදුමයකුත් නැති බව අර් එල් ස්පිට්ල් මහතා වරක් කීය.

බෙර, නැටුම්, හදි හූනියම් කොතරම් කළද, ඉතිහාසයේ ලැබුනු රාජ අණ පරිදි මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ හිඟමනය යි. ඔවුන්ගේ කුළය ද කියා පාමින් යාදින්නක් ආකාරයට "හාමුදුරුවනේ... මේ අහිංසක රොඩියාට පිනට යමක් ලැබෙන්ට..." වැනි කෙටි ආයාචනයකින් පිනට යමක් ඉල්ලීම මොවුන්ගේ දීර්ඝ කාලීන සිරිතක්ව තිබුනු බවට ඉතිහාසය අපට කියා පායි. (මෙහි මුල් පදය හාමුදුරුවනේ නොව 'හාන්දුරුවනේ' යැයි ඇතැමෙක් කියති. කුළයෙන් උසස් අය සැලැකෙන්නේ හාන්දුරුවන් යනුවෙන් බවද ඇතැම් අය සළකති.)

1911 දී අවසන් වරට කුළ වෙන් වෙන්ව කරන ලද ජන සංගණනයේදී රොඩියන් 1,572 ක් සිටි බව සැළකේ. කාලයා ගේ ඇවෑමෙන් අද වන විට මෙම අසාධාරණයට ලක් වූ ජන කොටස සහමුලින්ම වඳ වී ගොස් හෝ උසස් ‍යයි සැළකෙන කොටස් සමඟ සම්මිශ්‍රනය වී හෝ ඇතැයි සිතමි.

- ධනුෂ්ක ද සිල්වා.
(Copyright Creative Commons Australia - feel free to share)


මූලාශ්‍ර: මෙහි ඇතැම් කොටස් වෙනස් කිරීමකින් තොරවම 'වන වැදුණු දොස්තර' ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. (Surgeon of the wilderness - ක්‍රිස්ටීන් ස්පිට්ල්. පරිවර්තක ප්‍රේමචන්ද්‍ර අල්විස්.)

Historical Relation of Ceylon' 1681, Robert Knox

Ratnavalli’s Children, Myth and Mystery of the Rodi by Richard Boyle

ඡායාරූප අන්තර්ජාලයෙනි. Originally, 'පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම්' ග්‍රන්ථයෙනි, මාර්ටින් වික්‍රමසිංහ.


-----------------------------------------------------

For non-unicode members:

Iparani helaye 'Rodiyo'


rodiyasinhala.jpg


 
Last edited:
  • Like
Reactions: NRTG

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
    A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    kosandpol said:
    um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
    A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.

    I see... :) Ya possible :D

    But personally I don't believe that a tribe didn't want to have their own lands... In fact in that book Surgeon of the Wilderness, they talk about a meeting they've had to discuss Rodiya's issues. Their main 2 concerns was some land for them and cotton wool.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x-pert said:
    I see... :) Ya possible :D

    But personally I don't believe that a tribe didn't want to have their own lands... In fact in that book Surgeon of the Wilderness, they talk about a meeting they've had to discuss Rodiya's issues. Their main 2 concerns was some land for them and cotton wool.
    That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    amila_90210 said:
    බොහෝමත් ස්තූතියි..රත්න වල්ලී කතාව ආයේ මතක් කර දුන්නට,...විෂේශයෙන්ම
    what ? no thanks for the boob shots ?
    :P :lol:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    TakurZ said:
    ස්තූතියි ගොඩාක්..! දැනගෙන ඉන්න එක වටිනවා.

    Thank you for the comment :D


    BRAINY said:
    ahh.. machan... ela post ekak...

    me photos tika thiyenne.,, "puraana sinhala sthreenge endum" kiyala pothaka, Mr. Martin Wickramasinghe ge... honda pothak, ithihase gena igena ganna ayata godak watinawa,...

    ela machan.

    Ah thanks machan thibunu hari place eka kiyuwata. mama hoyala baluwa hari source eka mokakda kiyala. but meh ape un internet eke dewal daanne hariyatathamunge ewa wagei... so kauruwath source ekak deela thibune naha.

    Thanks machan :D
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    kosandpol said:
    That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.

    ha? Before Wijaya it was the 4 tribes basically. Hell yes they were not as violent as modern day helaya I assume. They had a higher state of mind according to some buddhism scholars. Even that's why some say that Buddha preached the 1st Abhidharma to Hela Tribes because of their higher state of mind. So yes. I don't think they were land-hungry or had a lust for wealth.

    But if somebody is trying to match them and say thy were the Rodiya people, then I have a doubt as to how credible that information was. (or possibly my poor knowledge)

    amila_90210 said:
    බොහෝමත් ස්තූතියි..රත්න වල්ලී කතාව ආයේ මතක් කර දුන්නට,...විෂේශයෙන්ම

    No worries machan. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x-pert said:
    ha? Before Wijaya it was the 4 tribes basically. Hell yes they were not as violent as modern day helaya I assume. They had a higher state of mind according to some buddhism scholars. Even that's why some say that Buddha preached the 1st Abhidharma to Hela Tribes because of their higher state of mind. So yes. I don't think they were land-hungry or had a lust for wealth.

    But if somebody is trying to match them and say thy were the Rodiya people, then I have a doubt as to how credible that information was. (or possibly my poor knowledge)

    What they said was that even during the time of the 4 tribes (pre vijaya), there was a tribe of people who, by choice, didnt own any land and wondered from place to place, even from villages belonging to the 4 tribes but never stays at any place for long. What they said was the rodiyas that you described in the first post comes from these people.
    The reason that earliest tribe didnt want to own land was due to the fact that they got disappointed with the other tribes that fought over land.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රත්නවල්ලි පරපුරට උරුම වුන පින්න මලක් වැනි පිපුනු කැළේ
    ගිගිරි සලා එන රුවේ අසිරි දැක සතුටු සිනා රැළි මෝදු කෙරේ


    - ජානක- වික්‍රමසිංහ -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රත්නවල්ලි දෝ යෞවනියේ
    නුඹ පහන් තරුව වූ ගාඩි රැහේ
    සීන් සිනිඳු වැරැහැළි සේ මං
    පරවී යන්වා ඳූවිල්ලේ
    දුර ඇවිදින අතරේ සංසාරේ....

    - දිවුල්ගනේ -

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    http://si.wikipedia.org/wiki/
    රොඩී ‌ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලබන ජන ප්‍රජාවකි. ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ.
    මේ මූලාශ්‍රය කියන්නේ මහා පැරකුම්බා කියල ..සත්‍ය අසත්‍යතාව හරියට ම කියන්න බෑ X-PERT කිව්වා වගේ
    ඔවුන් විසින් කරනු ලබනු යයි සැල‌කෙන බලවත් මන්ත්‍ර ‌ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැ‌බේ. පුරාණ රජදව‌සේ පටන් ‌රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබූ‌‌ණේ නැත. එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැ‌බේ.
    තාමත් පත්තරවල මෙ රොඩී බන්ධන ගැන දැන්වීම් යනවා..ඒ වගේම ඒවා අදත් ඇතැම් ප්‍රදේශවල ප්‍රැක්ටිස් වෙනවා කියලා මම අහලා තියනවා..
    සිංහලයට ගුබ්බෑයම වචනේ ආවේ මේතනින් වෙන්න පුළුවන්..

    මූලාශ්‍රය: ඇස්. ආර්. දි‌යොනිස් සහ රවින් කල්‌දේරා.
    :yes:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    අය්යා ගොඩක් මහන්සි වෙලා. අර "ටොප්ලස්" කතාව ඇරෙන්න අනිත් ගොඩක් ඒවා දැනං හිටියෙ නෑ.
    බොහොම තැන්කූ. :D

    rodiyo radio wagea dakke kalin