මේ කැපිල්ල ගැන මට හිතා ගන්නවත් බැහැ- වාස්‌

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ කැපිල්ල ගැන මට හිතා ගන්නවත් බැහැ- වාස්‌

මේ කැපිල්ල ගැන
මට හිතා ගන්නවත් බැහැ

වාස්‌


රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, මාවන් අතපත්තු, උපුල් චන්දන සහ රොමේෂ් කලුවිතාරණ යනු මෙරට බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් අතළොස්‌සක්‌ පමණි. ඔවුන්ගේ ක්‍රීඩාවේ සමු ගැනීමද වේදනාබරවිය. එයට හේතුව මෙරට ක්‍රිකට්‌ තේරීම් කමිටුවල වගකිව යුතු බලධාරීන් ඔවුන්ගෙන් තව රටට සේවය ගැනීමට තිබියදී ඔවුන්ට ක්‍රිකට්‌ එපා කරවීමට සැලැස්‌වීමය.

එසේ කාලයෙන් කාලයට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ ගිරයට හසුවන සුපිරි ක්‍රීඩකයන්ගේ නවතම ක්‍රීඩකයා බවට චමින්ද වාස්‌ පත්ව සිටියි. එම හේතුවෙන් වාස්‌ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බවට පැතිරය යන ආරංචිය පිළිබඳ "දිවයින" කළ විමසීමකදී වාස්‌ පවසා සිටියේ තමන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ට කිසිම විටක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බවට දන්වා නැති බවයි.

"මම බලාපොරොත්තුවෙන් හිටියා පාකිස්‌තාන් ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා කරන්න. පසුගිය තරගාවලි කිහිපයේදී දක්‌වපු දක්‌ෂතා බැලුවම මට හිතාගන්න බැරිවුණා මෙවර තරගාවලියෙන් ඉවත් කිරීම සම්බන්ධව. ත් මම ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගත් බවට බොරු කතාවක්‌ පැතිර යනවා. මේ ගැන මගෙන් ක්‍රිකට්‌ ආයතනයෙනුත් ඇහුවුවා. මෙවැනි බොරු ප්‍රචාරයන් කරන්නෙ ඇයි කියල මට හිතා ගන්නා බැහැ." යෑයි වාස්‌ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේගපන්දු යවන්නා වන 35 හැවිරිදි චමින්ද වාස්‌ ටෙස්‌ට්‌ කඩුලු 354 ක්‌ සහ එක්‌දින කඩුලු 400 ක්‌ බිඳ හෙලා ඇති අතර වර්තමානයේ ලෝකයේ සිටින අත්දැකීම් සපිරිම වේග පන්දු යවන්නා වන්නේද චමින්ද වාස්‌ය. පිතිකරුවකු ලෙස ටෙස්‌ට්‌ තරගවලදී විශිsෂ්ඨ දස්‌කම් දක්‌වා ඇති වාස්‌ ටෙස්‌ට්‌ තරග 110 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමගින් ලකුණු 3085 ක්‌ ලබා ගැනීමට සමත්ව ඇත.

ටෙස්‌ට්‌ කඩුලු 400 ක්‌ දවා ගැනීම තම ඉලක්‌කය වුවද උද්ගත වී ඇති තත්ත්වය අනුව බොහෝ ඉක්‌මනින් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදුවන බව වාස්‌ පවසයි.

"මම බලාපොරොත්තුවෙන් හිටියා ටෙස්‌ට්‌ කඩුලු 400 ක්‌ දවා ගන්න. ත් දැන් මම තීරණය කරල තියෙනවා මීළඟ නවසීලන්ත තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් පසු ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගන්න. ටෙස්‌ ක්‍රීඩාවෙන් සමුගත්තත් මම එක්‌දින තරගවලට සහ 20-20 තරගවලට දිගටම ක්‍රීඩා කරනවා. මීළඟ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්‌දින තරගවලිනුත් සමගන්නවා" යෑයි වාස්‌ පවසයි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් වැඩිම වරක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර වාර්තා පොතට එක්‌වී ඇත.

එක්‌දින තරගවලින් වාස්‌ ඉවත් කරන විට ඔහුව ටෙස්‌ට්‌ තරගවලට වඩාත් සුදුසුයි පැවසුවේද මේ තේරීම් කමිටුවය. දැන් වාස්‌ට ටෙස්‌ට්‌ තරග වෙනුවට එක්‌දින තරග හොඳ යෑයි පවසන්නේද වත්මන් තේරීම් කමිටුවය. පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලියේ දක්‌ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් බංකුවේ සිටියදී මුබාරක්‌ලා චාමර සිල්වාලා ක්‍රීඩා කර නා ගත්තේද මේ තේරීම් කමිටුවමය. 2011 ලෝක කුසලාන සඳහා හොඳ කණ්‌ඩායමක්‌ නිර්මාණය කරන්නේත් මේ තේරීම් කමිටුවද?

(උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති අසන්ත ද මෙල් ඇමතුවද ඔහුගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක්‌ නොලැබුණි)



අසේල විතාන

http://www.divaina.com/2009/07/06/sports01.html
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
nshrinith said:
chaminda Vaas test walta hitiyoth hodai, ODI walata nam vaas hariyanne na :yes::yes::yes:

:no: cnt agree with u.. vaas kiparak 1st 2-3 overs waladi wickets aragena thiyenawada??

but we hv a new good set of bowlers so it wont be easy fr him to get into da team again :(