බේරුවලම යුද පිටියක්‌!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
බේරුවලම යුද පිටියක්‌!

දෙදෙනෙක්‌ මරුට 9කට බරපතල තුවාල යතුරුපැදි පාපැදි 100කට වඩා ගිනි තබති
බේරුවලම යුද පිටියක්‌
තත්ත්වය පාලනයට පොලිස්‌ ඇඳිරි නීතිය පනවයි

baruwal.jpg


ගැටුමෙන් පසු දේපොළවලට හානි සිදුවී ඇති අයුරුගගගග ඡායාරූපය-විජයසිරි විද්‍යාසේකර

හේමන්ත රන්දුණු, කළුතර - විජයසිරි විද්‍යාසේකර


පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් 9 දෙනකුට බරපතල තුවාල සිදුකරමින් බේරුවල මහගොඩ මරදාන ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන් දෙපිරිසක්‌ අතර ඇති වූ පුංචි යුද්ධයට සම්බන්ධ සැකකරුවෝ 200 දෙනෙක්‌ පොලිසිය වෙත අද (27 වැනිදා) භාරවීමට සූදානම්ව සිටිති.

මෙම සිද්ධියට සම්බන්ධ මුස්‌ලිම් ජාතිකයන් 30 දෙනකු ඊයේ (26 වැනිදා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.මේ අතර බේරුවල ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය මර්දනය කිරීම සඳහා බේරුවල පොලිස්‌ බල ප්‍රදේශයේ මරදාන, මහගොඩ, මාලිගාහේන, හෙට්‌ටිමුල්ල ග්‍රාමසේවක වසම්වල පොලිස්‌ ඇඳිරි නීතිය ඊයේ ක්‍රියාත්මක කර තිබිණි. ඉකුත් 24 වැනිදා මුස්‌ලිම් ජාතිකයන් දෙපිරිසක්‌ අතර ආගමික නිකාය ප්‍රශ්නයක්‌ මුල්කරගෙන ඇති වූ ආරවුලක්‌ මෙම ගැටුමට මුල් වූ බව පොලිසිය පවසයි.

මෙම ගැටුමින් මුස්‌ලිම් ජාතික පියකු සහ පුත්‍රයකු කපා කොටා ඝාතනය කළ අතර තවත් 9 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබිණි. මෙම සිද්ධියෙන් බේරුවල මහගොඩ මරදාන ප්‍රදේශවල පදිංචි මොහොමඩ් ෆයිස්‌ මොහොමඩ් ඔබ්දීන් සහ මොහොමඩ් මර්ෂුක්‌ මොහොමඩ් බයිරන් යන පිය පුතු දෙදෙනා මරුමුවට පත්වූහ.

බේරුවල පිහිටි මුස්‌ලිම් පල්ලියක මෙම ගැටුම හටගත් අතර 1500 කට අධික මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ. එම පල්ලියේ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිssරිසක්‌ සිට ඇති අතර කඩු පොලුවලින් සන්නද්ධව සිටි පිරිස මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම මුස්‌ලිම් පල්ලියේ සංවත්සර උත්සවයක්‌ වෙනුවෙන් පසුගිය දිනවලදී එළුවන් 1500 ක්‌ සහ කුකුළන් විසිදහසකට අධික ප්‍රමාණයක්‌ මරා දමා තිබූ බව පොලිස්‌ ආරංචි මාර්ග පැවැසීය.මෙම පූජාවන්ට විරුද්ධ වූ තවත් මුස්‌ලිම් නිකායකට අයත් පිරිසක්‌ මෙම ආරවුලට මැදි වූ අතර පසුව දෙපිරිස අතර ගැටුම හටගෙන තිබිණි.

ඊයේ සවස්‌ වන විට බේරුවල ප්‍රදේශයට විවිධ පළාත්වලින් මැර පිරිස්‌ ගෙන්වීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබූ නිසා එම ප්‍රදේශයේ පොලිස්‌ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය. බේරුවල මරදාන ප්‍රදේශයේ ඇති වූ මෙම ගැටුම්කාරී සිද්ධියෙන් පසු කලහකාරීන් විසින් යතුරුපැදි සහ පාපැදි සියයකට අධික ප්‍රමාණයක්‌ ගිනි තබා විනාශ කර තිබිණි.බේරුවල ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ප්‍රදේශයට කැඳවා තිබිණි.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර, කළුතර පොලිස්‌ අධිකාරි ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බේරුවල සහ අලුත්ගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වන කාවින්ද පියසේකර සහ රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.