කවට කතිකයා

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
"කවට කතිකයා"




තරුණියකට උසුළු විසුළු කිරීමේ චෝදනාව මත පෙරේදා (12 දා) අඟුලානේ පොලිසිය විසින් තරුණයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබෙති. පොලිසියේ රඳවා ගනු ලැබූ තරුණන් දෙදෙනාගේ මළ සිරුරු පසුව මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල මුහුදු වෙරළේ තිබී හමුවේ. ඒ දැක කුපිත වන අඟුලානේ ගම්වැසියෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසකට අලාභ හානි කර දුම්රිය ගමනාගමනය නවත්වා පොලිසියට පහර දෙති. අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. මහතා ඉතා හොඳටත් දැනෙන පරිදිත් ගුටිකා තුවාල ද ලබයි. ඉහත සඳහන් ප්‍රවෘත්තිය සම්පූර්ණ වශයෙන් අද (14 දා) "දිවයිනේ" පළවන අතර ඒ සම්බන්ධයෙන් උත්තර ලිවීමට පොලිසිය විසින් පත් කරනු ලැබ ඇති පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් ගුණසේකර පහත සඳහන් ආකාරයේ පිළිතුරක්‌ අප වෙත එවා එය පත්‍රයේ පළ කෙරුණොත් පුදුම නොවන්න. ඒ පිළිතුර මෙසේ විය හැකියá



"ඉකුත් 12 වැනිදා රාත්‍රියේ අඟුලානේ අතුරු පාරක ගමන් කරමින් සිටි සුපේෂල ශික්‍ෂාකාමී තරුණියකට වනචර තරුණන් දෙදෙනකු විසින් අතවර කිරීමට තැත් කරන ලදී. (හෝ අතවර කරන ලදී.) එයින් බලවත් චිත්ත සන්තාපයට පත් අඟුලාන පොලිසියේ නිලධාරීන් සහ කොස්‌තාපල්වරුන් කිහිප දෙනකු (ඔවුහු ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරයේද, සාසන සේවක සමිතියේද, ගැල්ගව මිතුරෝ නමැති සත්ත්ව හිංසන විරෝධී සංවිධානයේ ද තවත් සමාජ ශෝධක ආයතන ගණනාවකම සාමාජිකයෝ වෙති.) තරුණයන් සොයා ගොස්‌ වායු සමීකරණය කළ වාහනයක ඔවුන් නංවාගෙන පොලිසියට ගෙනවුත් රාත්‍රි ආහාරය සඳහා බුරියානි සහ වටලප්පම් අනුභවයට දී ඔවුන් කළ වරද පැහැදිලි කර ධර්මානුශාසනාවක්‌ කර ඇත. එවිට බලවත් සේ පශ්චාත්තාපයට පත් තරුණයන් දෙදෙනා තමන් වහලයේ එල්ලා යටි පතුල්වලට පහර දෙන ලෙසත්, ධර්ම චක්‍රයේ දමා කරකවන ලෙසත් පොලිසියෙන් ඉල්ලා ඇත. පොලිසිය එය ප්‍රතික්‍ෂේප කළ විට තරුණන් දෙදෙනා හඬමින් ද කෑගසමින් ද පාපොච්චාරණය කරමින්ද පොලිසියෙන් ඉවතට දිව ගොස්‌ ඇත. ඔවුන් එසේ යන අතර කියා ඇත්තේ එකෙක්‌ මොරටුවෙන් ද අනෙකා රත්මලානෙන් ද මුහුදට පනින බව ය. සිද්ධිය වරදවා තේරුම් ගත් ගම්වාසීන් පොලිසියට පහර දී තිබේ. එය ද නොතකා තරුණන් දෙදෙනාගේ අවසන් කටයුතු අඟුලාන පොලිසියේ වියදමින් සිදු කිරීමට එහි රාළහාමිලා තීරණය කර ඇත."



ඉහත සඳහන් පිළිතුර එක්‌ වර්ගයක පිළිතුරක්‌ පමණි. තවත් වර්ගයක පිළිතුරක්‌ ද පොලිසිය සතුව තිබේ. එය මෙසේයá අදාළ සැකකරුවන් දෙදෙනා පාතාල කල්ලියක සාමාජිකයෝ වෙති. ස්‌ත්‍රී දූෂණ කිහිපයක්‌ සම්බන්ධයෙන් ඔවුන් සැක කෙරෙන අතර අත්අඩංගුවට පත් වූ පසු මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල සඟවා තිබූ අවි පෙන්වීමට යැමේදී මුහුදට පැන ඇත."



පොලිසියට ගිය මිනිසකු ගෙදර එනතුරු විශ්වාස නැති බව අප මේ තීරුව මගින් නිතර කියා ඇත්තෙමු. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධනගේ පුත්‍රයා ඇතුළු කණ්‌ඩායමක්‌ නිපුන රාමනායක නමැති ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ අත පය තලා දැමීම සම්බන්ධයෙන් ද අපි කතුවැකියක්‌ ලියුවෙමු. ඉකුත් වසරේ පොලිසියට විරුද්ධව ලැබුණු පැමිණිලි ගණන 1380 ක්‌ බවට පොලිස්‌ කොමිසම කළ ප්‍රකාශයක්‌ ද පළ කළෙමු. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රංජිත් ගුණසේකර කියන්නේ එම ගණන් හිලව් බොරු බව ය. එහි අනෙක්‌ තේරුම පොලිස්‌ කොමිසම බොරු කියන බව ය. පොලිස්‌ කොමිසමට කළ මේ අපහාසය සම්බන්ධයෙන් එම කොමිසම රංජිත් ගුණසේකරට විරුද්ධව පියවර ගත යුතු බව අපි යෝජනා කරමු.



පොලිසියට ගෙන ගිය පණ ඇති මිනිසුන් මළ මිනී හැටියට ගෙවල්වලට ගෙනෙන අවස්‌ථා රැසක්‌ පසුගිය කාලයේදී ප්‍රසිද්ධියට පත් විය. වරක්‌, සපුගස්‌කන්ද පොලිසියෙන් ගුටිකා මියගිය අයකුගේ දේහය එහි අයිතිකරුවන් විසින් පෙට්‌ටියක දමා සපුගස්‌කන්ද පොලිසියට ම ගෙන යනු ලැබී ය. පොලිසියට එන ලෙස පණිවුඩයක්‌ ලැබුණත් සිය දිවි නසාගත යුතු තත්ත්වයක්‌ දැනට උද්ගතව තිබේ. හිටපු පොලිස්‌පති වික්‌ටර් පෙරේරා මහතාගේ කාලයේදී පොලිසිය කාබාසිනියා වූ අතර අලුත් පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා යටතේ පොලිසිය යළි නැගී සිට පාතාලය විනාශ කර සමාජය ශෝධනය කරනු ඇතැයි අපි කල්පනා කළෙමු. එහෙත් අද පොලිසිය නැගී සිටින්නේ පාතාලයට නොව ජනතාවට විරුද්ධව ය. අඟුලානේ මළ සිරුරු දෙක ඉතා භයානක අනාගතයක්‌ පිළිබඳව සිවිල් සමාජය දැනුවත් කරවයි. පොලිසියට එරෙහිව සන්නද්ධ වීමට ජනයා උත්සාහ කළොත් ඇති වන තත්ත්වය ඉතා භයානක ය. එවිට පොලිසිය වෙනුවෙන් ප්‍රකාශ කරන කවට කතිකයන්ට පුවත්පත්වලට උත්තර ලිවීමට සිදුවන්නේ පොළවේ හෑරූ ගුල්වල සැඟවී සිට ය. වාස්‌ ගුණවර්ධනගේ සිද්ධිය බෝම්බ ලොරියෙන් යට ගියේ ය. අඟුලානේ සිද්ධිය යටපත් කිරීමට බෝම්බ ලොරි දහයකුත් මදිය!


http://www.divaina.com/2009/08/14/editor.html


:lol:


 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ANE ECH. YU. KE. EEE.!!!!

    "ඉකුත් 12 වැනිදා රාත්‍රියේ අඟුලානේ අතුරු පාරක ගමන් කරමින් සිටි සුපේෂල ශික්‍ෂාකාමී තරුණියකට වනචර තරුණන් දෙදෙනකු විසින් අතවර කිරීමට තැත් කරන ලදී. (හෝ අතවර කරන ලදී.) එයින් බලවත් චිත්ත සන්තාපයට පත් අඟුලාන පොලිසියේ නිලධාරීන් සහ කොස්‌තාපල්වරුන් කිහිප දෙ........!!!!:angry:
    ME GANI A PATTHE NODANNA EKEK NALU.POLIS LOKKAGE SPARE WHEEL EKAKLU.
    ME KOLLE DENNA WIHILUWATA MONAWADO KIYALA.
    POLISIYATA MOLL KALANTHE HADUNAMA AHAKA INNA EWUN PALIDA.
    ANE MANDA LANKA POLISIYA HATH POLE GOO GAGANNA PATAN ARAGENA.:angry::angry: