මෙලෝ රහක්‌ නැති මිනිහෙක්!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මෙලෝ රහක්‌ නැති මිනිහෙක්!

මෙලෝ රහක්‌ නැති මිනිහෙක්!

http://www.divaina.com/2009/08/22/editor.html

ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරයකු වූද. කැබිනට්‌ මණ්‌ඩලයට අයත් නැති සංස්‌කෘතික ඇමැතිවරයා වූ ද, පියසිරි විඡේනායක භාවිත කරන මොන්ටෙරෝ රියට මසකට රුපියල් දෙලක්‍ෂ දසදහස්‌ හාරසිය හතලිහක්‌ ආණ්‌ඩුවෙන් ගෙවන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමෙන් වටිනා කටයුතු දෙකක්‌ සිදු වී තිබේ. එයින් පළමුවැන්න තම දේශපාලන ජීවිතයේ මුල් වතාවට වටිනාකමක්‌ ඇති යමක්‌ හෙළි කිරීමට දයාසිරි ජයසේකරට හැකි වීම ය.

දෙවැන්න පියසිරි විඡේනායක යනු මේ රටේ ඉහළම ධනේශ්වර පන්තියටත් ඉහළින් සිතන පුද්ගලයකු බව හෙළිදරව් වීම ය. පියසිරි විඡේනායක ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත් වුණේ එහි වාසනාවට ය. ඔහු විමල් වීරවංශගේ ජාතික නිදහස්‌ පෙරමුණට එකතු වූයේ විමල්ගේ අවාසනාවට ය. අධිරාජ්‍යවාදයට එරෙහි ස්‌වදේශික ස්‌වාධීන චින්තනයක්‌ සහිත, රටේ භෞමික අඛණ්‌ඩතාව ආරක්‍ෂා කරන පක්‍ෂයක්‌ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ සිටගත් ජාතික නිදහස්‌ පෙරමුණ එහි ආරම්භයේදී ම විශාල කැළලක්‌ ඇති කර ගත් බව පැහැදිලි ය.

මේ ගැන අප දොස්‌ කියන්නේ විමල් වීරවංශටම ය. ඔහු තම දේශපාලන පක්‍ෂය සෑදීම සඳහා රටට ගැලපෙන මිනිසුන් මෙන් ම නො ගැලපෙන මිනිසුන් ද තෝරා ගෙන ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් ශ්‍රීලනිපයේ හෝ එජාපයේ මන්ත්‍රී කෙනකු හෝ ඇමැති කෙනකු මෙබන්දක්‌ කළහොත් ඒ ගැන පුදුම වීමට දෙයක්‌ නැත්තේ ජනතා මුදල් කාබාසිනියා කිරීම ඒ පක්‍ෂවල සමහරුන්ගේ ජන්ම ගතිය හෙයිනි. එහෙත් ශ්‍රී ලංකාවේ පහළ වූ වැඩිම කැප කිරීමක්‌ ඇති පක්‍ෂයකින් උපන් මිනිසකු හැටියට විමල් වීරවංශ මෙයට වඩා දුරදිග කල්පනා කර තම පක්‍ෂයට මිනිසුන් තෝරා ගත යුතුව තිබිණි.

විඡේනායක මේ මොන්ටෙරෝව වසරක්‌ පාවිච්චි කළොත් එයට යන වියදම ඉන්ධන මිලට අමතරව රුපියල් ලක්‍ෂ 30 කට කිට්‌ටු වෙයි. වසර දෙකකදී ඒ ගණන රුපියල් ලක්‍ෂ 60 කි. ඒ මුදලට තවත් කීයක්‌ හෝ එකතු කර පැජරෝවක්‌, එසේත් නැත්නම් මරුටි කාර් 6 ක්‌, ටොයෝටා කාර් දෙකක්‌ හෝ තුනක්‌ හෝ බෙන්ස්‌ කාර් දෙකක්‌ තමන්ගේම භුක්‌තියට සවිවන පරිදි මිලට ගත හැකි ය.

මිනිසකු නිතරම තම තරම තේරුම් ගත යුතු ය. කොතරම් කැමැති වුවත් දැනට සිටින කිසිදු යූ.එන්.පී.කාරයකුට ඡේ. ආර්. ජයවර්ධන බවට පත්විය නො හැක. ජොන්ස්‌ටන් ප්‍රනාන්දුට, ලක්‍ෂ්මන් සෙනෙවිරත්නට හෝ දයාසිරි ජයසේකරට කවදාවත් රනිල් වික්‍රමසිංහ කෙනකු විය නො හැක. එසේම දැනට විවිධ පක්‍ෂවලට හේත්තු වෙමින් අනාථ භාවයෙහි ගැලී සිටින මංගල සමරවීරට කවදාවත් මහින්ද රාජපක්‍ෂ කෙනකු විය නො හැකි ය.

ඒ ඡේ. ආර්, රනිල්, මහින්ද රාජපක්‍ෂ වැනි අය තමන්ට ආවේණික ආත්ම ශක්‌තියක්‌ සහ චරිත ශක්‌තියක්‌ ඇති නායකයන් වීම නිසා ය. පියසිරි විඡේනායක පසුගියදා තමන් කැබිනට්‌ ඇමැතිවරයකු නො වන බව දැන දැනත් ජ්‍යෙෂ්ඨ කැබිනට්‌ ඇමැතිවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපාගේ විෂය පථයට ඇඟිල්ල දමා ලොකු අවුලක්‌ ඇති කිරීමට තැත් කළේය. මේ සියලු දෙයින්ම වැටහෙන්නේ ඒ මහතා තවමත් දේශපාලනය හුරු පුරුදු වන බවය.

අප විමල් වීරවංශගෙන් ඉල්ලන්නේ යන පෙරහැරේ නැටුම් පුරුදුවීමට තම ගෝලයන්ට ඉඩ නො දෙන ලෙසය. එසේ පුරුදු වන්නා එක පදයක්‌ වරද්දන විට පිටුපසින් එන නැට්‌ටුවන් ඔහුගේ ඇඟේ හැපී බිම පෙරැළී මුළු පෙරහැරම අවුල් ජාලයක්‌ බවට පත් වෙයි. අනෙක්‌ අතට පියසිරි විඡේනායක යනු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු නායකයෙකි.
විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා ඔහු ඔලුවෙන් හිටගත්තේ නැතුවා පමණි. දේශපාලනඥයා සමාජය තුළ සිදු වන සෑම දෙයක්‌ ගැනම සංවේදී සාධාරණ මිනිසකු වුවහොත් ඔහුට දිගු ගමනක්‌ යා හැකි ය. ඔහු "මෙලෝ රහක්‌ නැති මිනිසකු" වුවහොත් සිදුවන හානිය විශාල ය

අනේ මගෙ කට !
විමල්ගේ ලක්‍ෂ 200 ප්‍රාඩෝ එකට හරියන්න උගෙ ගෝලයා මෙහෙමවත් කරන්නැතුව පුලුවන්ද?
ඔය හැත්ත සේරම එකයි බං.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගජං මල්ලී;5392103 said:
    අනේ මගෙ කට !
    විමල්ගේ ලක්‍ෂ 200 ප්‍රාඩෝ එකට හරියන්න උගෙ ගෝලයා මෙහෙමවත් කරන්නැතුව පුලුවන්ද?
    ඔය හැත්ත සේරම එකයි බං.

    උබේ සේල් එකෙන්ද ගත්තෙ????
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගජං මල්ලී;5392103 said:
    අනේ මගෙ කට !
    විමල්ගේ ලක්‍ෂ 200 ප්‍රාඩෝ එකට හරියන්න උගෙ ගෝලයා මෙහෙමවත් කරන්නැතුව පුලුවන්ද?
    ඔය හැත්ත සේරම එකයි බං.

    Aniwaa Machan Aniwaa... :angry::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගජං මල්ලී;5392237 said:
    උඹ මේ රටේ නෙවෙයිද බං ඉන්නේ.එළකිරි එකේම දාල තිබ්බෙ පිංතූරත් එක්ක.
    උඹට නිකං දුකයි වගේද ජෙල් බබා ගැන ඇත්ත එලිවෙන කොට?
    වැරදි අති , එහෙනම් ජනපතිගෙ ඉදන් වාහන ගැන , බලපන් , ඕක තමයි , දේශපාලනය , ලන්කාව අතුලෙ , තියෙන ප්‍රතිපත්ති එක්ක , වෙනස් කරන්න අමාරුයි.
    හැබැයි යම් කිසි පුද්ගලයෙක්ව විවේචනය කරනවනම් , අදාල ශේස්ත්‍රරය තුල ඉදන් කරපන් , ඒ පුද්ගලයගේ පුද්ගලික චරිත ලක්ෂණ අදාල නෑ , ඌ ජෙල් ගෑවත් එකයි , පොල් තෙල් ගෑවත් එකයි.....
     
    තේරුමක් නෑ මල්ලී.උන් වගේම,
    ඔයා ඉන්නෙ කොතනද කියන එකත් හැමෝටම පේනවා.
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ගජං මල්ලී;5392103 said:
    අනේ මගෙ කට !
    විමල්ගේ ලක්‍ෂ 200 ප්‍රාඩෝ එකට හරියන්න උගෙ ගෝලයා මෙහෙමවත් කරන්නැතුව පුලුවන්ද?
    ඔය හැත්ත සේරම එකයි බං.

    aniwaryen :frown::frown::frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගජං මල්ලී;5392306 said:

    තේරුමක් නෑ මල්ලී.උන් වගේම,
    ඔයා ඉන්නෙ කොතනද කියන එකත් හැමෝටම පේනවා.

    Its Logic , Every one knows where am I ,,,,
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    ගජං මල්ලී;5392237 said:
    උඹ මේ රටේ නෙවෙයිද බං ඉන්නේ.එළකිරි එකේම දාල තිබ්බෙ පිංතූරත් එක්ක.
    උඹට නිකං දුකයි වගේද ජෙල් බබා ගැන ඇත්ත එලිවෙන කොට?

    Umbata mokada tiyena amaruwa....:angry:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Mun Okkoma 1 i ban

    Mun Okkoma Karanne , Nikan Pinata katin witharak kiyawa kiyawa, Asarana Minissunge Dadiya Mahansiyen kana ekai, Bona Ekai,

    Mun Mita wada higa Kewanam hodai ban, Onna deyakata uthara thiyenawa, Hee Hee
    Hamadama Duk widina Eka DUK widinawa Machan, Mun kiyawa Kiyawa,
    Higa Kanawa...:yes::yes::yes:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Mun Okkoma Karanne , Nikan Pinata katin witharak kiyawa kiyawa, Asarana Minissunge Dadiya Mahansiyen kana ekai, Bona Ekai,

    Mun Mita wada higa Kewanam hodai ban, Onna deyakata uthara thiyenawa, Hee Hee
    Hamadama Duk widina Eka DUK widinawa Machan, Mun kiyawa Kiyawa,
    Higa Kanawa...:yes::yes::yes:

    2.50 ubala boruwata kessata prayogikawa wena dee balan idapalla , 78 passe thami serama jalbari , onnam waren thraka karanna , wenama thread 1 daapan , politics talk walata
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගජං මල්ලී;5392562 said:
    අමාරුව හැදිල තියෙන්නෙ කාටද කියල බලන අය තේරුම් ගනීයි.:rofl::P

    Pathara denveemakata y uba boruwata uda penagena dagalanne , Irudina pathrea balapan , eken ubata athal ganna godak ewa athi
     
    Pathara denveemakata y uba boruwata uda penagena dagalanne , Irudina pathrea balapan , eken ubata athal ganna godak ewa athi
    ඉරුදින බිබික්කම මට බලන්න ඕන නෑ.
    යකෝ මේ රටේ ජාතික ධනය-අහිංසක මිනිස්සුන්ගේ ලේ,දහදිය,කඳුලු වලින් ගෙවනන බදු සල්ලි වලින් මොන පාටක මොන එකෙක් ‍ඬෙඟා නැටුවත් ඒක ජාතික අපරාධයක්.උඹට මචං කව්රුහරි එකෙක් හෝ එක පක්‍ෂයක් ලොකු ඇති.අපිට- මට නම් ඔය කොයි එකාගෙත් කෙරුවාව හොඳට පේනවා.පාට කන්නාඩිය ගලවල ලෝකෙ දිහා බලපං.උඹට මේව අහන-දකින කොට ආතල්ද?ආතල් කෙච්චරද කිව්වොත් මගේ නම් ලේ නටනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගජං මල්ලී;5392683 said:
    ඉරුදින බිබික්කම මට බලන්න ඕන නෑ.
    යකෝ මේ රටේ ජාතික ධනය-අහිංසක මිනිස්සුන්ගේ ලේ,දහදිය,කඳුලු වලින් ගෙවනන බදු සල්ලි වලින් මොන පාටක මොන එකෙක් ‍ඬෙඟා නැටුවත් ඒක ජාතික අපරාධයක්.උඹට මචං කව්රුහරි එකෙක් හෝ එක පක්‍ෂයක් ලොකු ඇති.අපිට- මට නම් ඔය කොයි එකාගෙත් කෙරුවාව හොඳට පේනවා.පාට කන්නාඩිය ගලවල ලෝකෙ දිහා බලපං.උඹට මේව අහන-දකින කොට ආතල්ද?ආතල් කෙච්චරද කිව්වොත් මගේ නම් ලේ නටනවා.

    I know it man ,, need to change the way of politics , i havent party , but hv a vision