හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!
හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!
අතීතයේදී හික්‌කඩුව වූ කලී ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන ඉතා අහිංසක සංචාරක පුරවරයකි. සුපිරිසිදු සිනිදු සුදු වැලි තලාවකින් සුසැදි වෙරළ තීරයකිනුත් ඊට ඔබ්බෙන් වූ සුනිල දිය පිරි නොගැඹුරු මුහුදු තීරයකිනුත් ඊටත් එපිටින් වූ අලංකාර ස්‌වාභාවික කොරල් පරයකිනුත් ඒ කොරල් අතර නිරතුරුව සැරිසරන විසිතුරු මත්ස්‍ය සම්පතකිනුත් පොහොසත් මේ වෙරළ තීරය හොයා එදා ලෝකයේ සතර දිග් භාගයෙන් බුරුතු පිටින් සංචාරකයෝ ලංකාවට ආ බව අපට හො¹කාරවම මතක ඇත.
එදා එසේ බුරුතු පිටින් ලංකාවට ඇදී ආ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ අප්‍රමාණ සෞන්දර්යයෙනුත් ශ්‍රී ලංකාවාසීන්ගේ කරුණා පරවශ ආදරබර සැලකිල්ලෙනුත් අමන්දානන්දයට පත්ව වසරක් පාසා යළි යළිත් මෙහි පැමිණීම පුරුද්දක් කරගත් බව ද අපට මතකය.
තවත් පිරිසක් එදා ද ලංකාවට ඇදී ආවේ තවත් අරමුණු වලටය.
ඔබට අවශ්‍ය ළාබාල පෙනුමැති හුරුබුහුටි නාඹර අපූරු කොලුගැටයෙක්‌ද... එසේ නම් ඔබ යා යුතු හොඳම තැන හික්‌කඩුව.... කියා ලොව සංචාරක කර්මාන්තයේ එදා තිබූ තවත් ප්‍රකට කට කතාවක් නිසා ලංකාවට පැමිණි සංචාරකයෝද සිටියහ.
මේ සියලු කතා අතීතයට අයත් ඒවාය. දශක තුනකට ආසන්න කාලයක් තිස්‌සේ අපේ රටේ අනාගතය විනාශ කළ රුදුරු යුද්ධයේ බයංකාර දුමාරයේ අන්ධකාරයෙන් හික්‌කඩුව ද වැසී ගියේය. සංචාරක කර්මාන්තය ජීවිකාව කරගත් ව්‍යාපාරිකයන්ට හා හික්‌කඩුවේ ජනතාවට අවසානයේ යන එනමං නැති වූවේය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් සුනාමියද පැමිණ හික්‌කඩුව සමතලා කර දමා ගියේය.
අපේ ඒ අතීත කතා සියල්ල අවසන්ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප වීරෝදාර හමුදාවෝ නැවතීමේ තිත තැබුවාත් සමඟම හික්‌කඩුව පුරවරය යළිත් විකසිතව සිනා වෙන්නට පටන් ගත්තේය. අගෝස්‌තුවෙන් ඇරඹෙන සංචාරක සමය (සීසන් එක) දෙස හික්‌කඩුවේ ජනතාව විශ්වාසයෙන් යුතුව දෑස් දල්වා බලන්නට පටන් ගත්හ.
ඔක්‌කොම හරි දැන් ඉතින් මේ සීසන් එකේ මුදලවත් ගොඩ ගන්න ඕන. මොනව කරල හරි හික්‌කඩුවට සංචාරකයෝ ටිකක් අද්දවල ගත්තොත් ඉතින් අපි ගොඩ තමයි. හික්‌කඩුවේ ව්‍යාපාරික ප්‍රජාව හා ජනතාව සැවොම එසේ සිතන්නට පටන් ගත්හ.
වත්මන් රජයේ සංචාරක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත සංචාරක මණ්‌ඩලය විසින් හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය කළේ මේ අරමුණ මුදුන්පත් කර ගැනීමට බව සැකයක් නැත. සැබැවින්ම එය සංචාරක මණ්‌ඩලය සතු යුතුකම ද වන බව අපගේ හැඟීමය.
ඒ අනුව සියල්ල සංවිධානය කෙරිණි. හික්‌කඩුවේ වෑවල හා නාරිගම යන ප්‍රදේශ දෙක අතර වූ වෙරළ තීරය සැණකෙළිය සඳහා තෝරා ගැනිනි. අගෝස්‌තු 1, 2, 3 යන තෙදින තුළ මේ අපූරු සැණකෙළිය පැවැත්වෙන බව සංචාරක කර්මාන්තය පුරා ප්‍රචාරය කෙරිණි. දවස පුරාම විවිධ ක්‍රියාකාරකම් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කෙරිණි.
අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක් හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක් ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක් නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.
එහෙයින් සංචාරකයෝ කෙසේ වෙතත් කොළඹ හැන්දෑවට, හැන්දෑවට උස් පහත් සමාජ ශාලාවලට එක්‌රැස්‌වන තරුණ තරුණියෝ බුරුතු පිටින් අගෝස්‌තු 01 වැනිදා වනවිට හික්‌කඩුවට ඇදී එන්නට පටන් ගත්හ.

German suddo tikak thamai patan gaththe 