රූප පෙට්ටිය

nwnbs

Member
:oo::oo::oo::oo::oo:
විඩාබර දෑස්

තෙහෙට්ටු වුනු මනස
ගොඩවුන නිවසට
පිට වුණි සුසුම...

අඹු දරු සියල්ල
කිමිදී රූප පෙට්ටිය තුල
නැත හා හූවක්
රූප පෙට්ටිය මිස

නිමවන විට එකක්
ඇරඹෙයි තව එකක්
නැත කිසි නිමාවක්
පුදුම නාට්‍ය බැලිල්ලක්

තිබිය යුතු සීමාවක්
බලන අය තුල වුවත්
සිතන්නට නැත් කාලයක්
පටන්ගෙන ඇත තව එකක්

අයියෝ...අනේ...
ඇයි එහෙම උනේ...
ලතැවෙයි සියල්ලෝ
මොකක්ද මේ විනේ...

නිවන්නට සිත් විඩා
සෑදූවද එදා
නැත එවන් හොඳ කතා
සියල්ල විකාර වෙලා

ආදරය විකිණෙනා
මැර කමින් රජවෙනා
බලන මොළ හිස් වෙනා
සමාජය විෂ වෙනා

සිතන්නට ගියොත් මේ ගැන
නිමක් නැත සිතිවිලි ගලා එන
අහෝ මාගේ සොඳුරු නිවහන
රූප පෙට්ටිය ගිල දමා ඇත
:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: RuZZa and tchin123

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    නිවන්නට සිත් විඩා සෑදූවද එදා නැත එවන් හොඳ කතා සියල්ල විකාර වෙලා Niyamai....harima lassani....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොච්චර අපුරු ඇත්තක්ද???

    අද රට හා එහි පවතින සමාජය අඩු වැඩි වශයෙන් පාලනය කරන්නේ රජයට වඩා රූප පෙට්ටිය බව කීවොත් මා ගොඩක් දුරට නිවැරදි යැයි සිතමි..

    මල්ලී අපි කාටත් හරියට අහු නොවුනු නමුත් දිනපතා ඇස ගැටෙනා පැහැදිලි සත්‍යයක් නිර්මානයට පාදක කර ගෙන් තිබීමම ඔබගේ දුර දිග සිතීමේ හා නිර්මාන කුසලතාවයේ අසිරිය මොනවට විදහා පායි...

    මල්ලියාගේ නිර්මාන ප්‍රවර්ධනය ඉතාමත් ඉහල මට්ටමක පවත්වා ගෙන යාම පිලිබඳ මා අවංකව බොහෝ සතුටු වෙනවා..

    මල්ලිට ජය!!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සාලය හරහා
    පවුල් ස0ස්ථාවට
    කඩා පැන්න
    රූප පෙට්ටිය....
    බැදීම් අවුල් කොට
    හැගීම් නැතිකොට
    සියල්ල විනාස කොට
    නිහඩවම
    පැත්තක

    (මේක මගේ අදහස....)
    සම්ස්තයක් විදියට ගත්තොත් අයියේ මම පෞද්ගලිකවම ඔය රූප පෙට්ටියෙන් හුගාක් දුරට ඈත් වෙලා ඉන්න කෙනෙක්...
    පොඩි කාලෙ එදන්ම මට ට්වි එකට ඇබ්බැහි වෙන්න දුන්නෙ නෑ....ඒ නිසාමද මන්දා ...මට ටීවී එක පෙන්නන්න බෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගොන් ටෙලි රූ
    කරයි මහ විනක්
    අවුල් කර ලොකු හිත්ද
    ඒ මදිවට පැටවුන්ද
    පොඩි කරන් උරුමයන්
    බිද දමා සමාජය
    මෙසේ ගියොතින් කලක්
    නැත අපට හෙටක්

    :growl::growl::growl::growl:
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Godaaaaaak atta hoda nirmanayak ayya...:yes:
    hawasata amma thaththa daruwo ekata hitiyat sathutin kata karanna paule prashnayak sakachcha karanna tibuna kalaya oya rupa pettiyata yata wela ohe terumak natiwama gewala danawa...nirmanaya 100% sarthakay
    11.gif
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "නිවන්නට සිත් විඩා
    සෑදූවද එදා

    නැත එවන් හොඳ කතා"

    සහතික ඇත්ත නුවන් අයියෙ, අපි පුංචිකාලෙ බලපු වැඩසටහන් වල හැටියට අද ඉන්න ළමයි බලන්නෙ මොනවද කියලා හිතෙනවා.
    අර්ථවත් සාර්ථක නිර්මාණයක්
     
    ආරූඩ වූ මනසකට
    රැවටී
    හුදෙක් ජන සමූහයා
    නොනැවතීම විදියි
    කර ගනිමින් තමන් ගේ දුක් ලෙසින්...

    samajaye ada bahulawadaknata lebena deyak wachana walata perala apita widinna dunata mage thuthi.
    ada oya rupa pettiya thula keyen kedenada hariyata gana ona yamak balanne.kuda daruwapawa ada kelam kiyana ekineka maragannawairakarana rupa dasun naraba en labaganna denuma palak weda jevithayata sarthaka paniwidayak laba nodenam....

    hadanna dewal nam godai eth.pawal sanasthawathuna sebe bedimak thibenam eka beariwena ekak nea.........

    (man podi kale natti kiyala bealu we alpayai.ewath hoda natta.....ape ammalath ehemai.eth ada artificial ammala nisa narak wenneth ape mathu param parawai)
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔව් ඒක ඇත්ත, ඒත් ඔයාලට හිතෙන්නෙ නැද්ද අද කාලෙ හැදෙන වැඩෙන අය රූප පෙට්ටියට වඩා කොම්පියුටරේට ඇබ්බැහි වෙලා කියල :P මොකද රූප පෙට්ටියෙ යන ඒවත් දැන් කොම්ප් එකෙන් බලන්න පුළුවන්නෙ :ලොල්:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ අදහසක් තියෙන ලස්සන කවියක්
    ඔව් ඉතිං දැන් ඒකත් බලාගෙන ගියාම drug එකක් වගේ තමා :D
     
    nwnbs

    Member
    කොච්චර අපුරු ඇත්තක්ද???

    අද රට හා එහි පවතින සමාජය අඩු වැඩි වශයෙන් පාලනය කරන්නේ රජයට වඩා රූප පෙට්ටිය බව කීවොත් මා ගොඩක් දුරට නිවැරදි යැයි සිතමි..

    මල්ලී අපි කාටත් හරියට අහු නොවුනු නමුත් දිනපතා ඇස ගැටෙනා පැහැදිලි සත්‍යයක් නිර්මානයට පාදක කර ගෙන් තිබීමම ඔබගේ දුර දිග සිතීමේ හා නිර්මාන කුසලතාවයේ අසිරිය මොනවට විදහා පායි...

    මල්ලියාගේ නිර්මාන ප්‍රවර්ධනය ඉතාමත් ඉහල මට්ටමක පවත්වා ගෙන යාම පිලිබඳ මා අවංකව බොහෝ සතුටු වෙනවා..

    මල්ලිට ජය!!
    ගොඩක් ස්තුතියි අයියේ...
    හැමදාමත් මේ රූප පෙට්ටිය නිසා මම ගොඩක් වද විඳිනව හිතින්. ඒ නිසාමයි මේක ලියන්න හිතුවෙත්.ස්තුතියි දිරි ගැන්වීමට...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "නිවන්නට සිත් විඩා
    සෑදූවද එදා

    නැත එවන් හොඳ කතා"

    සහතික ඇත්ත නුවන් අයියෙ, අපි පුංචිකාලෙ බලපු වැඩසටහන් වල හැටියට අද ඉන්න ළමයි බලන්නෙ මොනවද කියලා හිතෙනවා.
    අර්ථවත් සාර්ථක නිර්මාණයක්

    Look who's talking
    පොහ්:rofl:

    මළගෙවල් වල කතා පවත්වන්න නම් කියාපු කෙනා :P:P:P
     
    nwnbs

    Member
    සාලය හරහා
    පවුල් ස0ස්ථාවට
    කඩා පැන්න
    රූප පෙට්ටිය....
    බැදීම් අවුල් කොට
    හැගීම් නැතිකොට
    සියල්ල විනාස කොට
    නිහඩවම
    පැත්තක

    (මේක මගේ අදහස....)
    සම්ස්තයක් විදියට ගත්තොත් අයියේ මම පෞද්ගලිකවම ඔය රූප පෙට්ටියෙන් හුගාක් දුරට ඈත් වෙලා ඉන්න කෙනෙක්...
    පොඩි කාලෙ එදන්ම මට ට්වි එකට ඇබ්බැහි වෙන්න දුන්නෙ නෑ....ඒ නිසාමද මන්දා ...මට ටීවී එක පෙන්නන්න බෑ
    ඔයාගේ අදහසත් ඇත්ත නංගි...
    11.gif

    ඔයා ටීවී එකෙන් ඈත් වෙලා ඉන්න එක නම් හොඳයි.වැඩියෙන්ම කිසි තේරුමක් නැති ටෙලි නාට්‍ය වලින්...වැදගත් වැඩසටහන් (යනවනම්) බලන්න ඕන හැබැයි...
    ගොඩාක් ස්තුතියි අදහස් දැක්වුවාට...
    :)
     
    nwnbs

    Member
    ගොන් ටෙලි රූ
    කරයි මහ විනක්
    අවුල් කර ලොකු හිත්ද
    ඒ මදිවට පැටවුන්ද
    පොඩි කරන් උරුමයන්
    බිද දමා සමාජය
    මෙසේ ගියොතින් කලක්
    නැත අපට හෙටක්

    :growl::growl::growl::growl:
    නියම කතාව මිත්‍රයා...ලියල දාන්නකො ඕක තව ටිකක් එකතු කරල අපේ චිත්‍රපට කර්මාන්තය ගැනත් එක්කම...
    ස්තුතියි...:)
     
    nwnbs

    Member
    welawakata hodai but welawakata narakai..onamadeyak onawata wada oneme na kiyala katawak tiyanawa ne bro! nice and meaningful poem from you.keep writing!
    ඔව්.සීමාවක් නැතුව යන හැමදේම හොඳ නරකක් තේරුම් නොගෙන බලන එක තමයි වැරැද්ද...
    ස්තුතියි සහෝ...
    :)
     
    nwnbs

    Member
    Godaaaaaak atta hoda nirmanayak ayya...:yes:
    hawasata amma thaththa daruwo ekata hitiyat sathutin kata karanna paule prashnayak sakachcha karanna tibuna kalaya oya rupa pettiyata yata wela ohe terumak natiwama gewala danawa...nirmanaya 100% sarthakay
    11.gif
    ඒක තමයි නංගි.අපිට එකතුවෙලා කතාකරන්න තිබුන කාලය තමයි නැති උනේ.එකිනෙකාගෙන් ඈත්වෙනව නොදැනීම...
    ස්තුතියි අදහස් වලට...:)
     
    nwnbs

    Member
    "නිවන්නට සිත් විඩා
    සෑදූවද එදා

    නැත එවන් හොඳ කතා"

    සහතික ඇත්ත නුවන් අයියෙ, අපි පුංචිකාලෙ බලපු වැඩසටහන් වල හැටියට අද ඉන්න ළමයි බලන්නෙ මොනවද කියලා හිතෙනවා.
    අර්ථවත් සාර්ථක නිර්මාණයක්
    හ්ම්ම්....ඒක ඇත්ත නංගි...අද ගොඩක් ළමයින්ගෙ ළමා ගතියක් නෑ...
    ගොඩක් ස්තුතියි අදහස් වලට...
    :)
     
    nwnbs

    Member
    ආරූඩ වූ මනසකට
    රැවටී
    හුදෙක් ජන සමූහයා
    නොනැවතීම විදියි
    කර ගනිමින් තමන් ගේ දුක් ලෙසින්...

    samajaye ada bahulawadaknata lebena deyak wachana walata perala apita widinna dunata mage thuthi.
    ada oya rupa pettiya thula keyen kedenada hariyata gana ona yamak balanne.kuda daruwapawa ada kelam kiyana ekineka maragannawairakarana rupa dasun naraba en labaganna denuma palak weda jevithayata sarthaka paniwidayak laba nodenam....

    hadanna dewal nam godai eth.pawal sanasthawathuna sebe bedimak thibenam eka beariwena ekak nea.........

    (man podi kale natti kiyala bealu we alpayai.ewath hoda natta.....ape ammalath ehemai.eth ada artificial ammala nisa narak wenneth ape mathu param parawai)
    ඇත්ත සහෝ...අපේ මතු පරම්පරාව යන්නේ කොයිබටද කියන එක ප්‍රශ්නයක්...බලන දේවලින් ගන්න දේවල් තියෙනවද කියල කල්පනා කරන්නවත් කවුරුවත් උනන්දුවෙන්නෑ...ලිව්වොත් නරකද මේ ගැන යමක්...?
    ගොඩක් ස්තුතියි අදහස් වලට...:)