දිය රෙද්දෙන් සිංහල බෙල්ල කපන නෝර්වේ රහස් Š
http://www.toplankanews.com/index.php?option=com_content&view=section&layout=blog&id=2&Itemid=2
දිය රෙද්දෙන් සිංහල බෙල්ල කපන නෝර්වේ රහස් හමුදාව
Written by ලලිත් රාජපක්ෂ Saturday, 03 October 2009 05:17 Top Lanka News ඔක්තෝම්බර් 02
ශ‍්‍රී ලංකාව දෙකට කැඞීමේ පරමාර්ථයෙන් බිහිවු ඇල්ටීටීඊ සංවිධානය පසු පස ක‍්‍රියාත්මක වු මහා ජාත්‍යන්තර බලවේගය පිළිබද සාමාන්‍ය දැනුමක් ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසකට ඇත. එවැනි දැනුමක් නැත්තවුන් විශාල පිරිසක් ද සිටිති. පොදුවේ ඒ කවුරුත් නෝර්වේ සාමදුතයා ගැන දනිති. ලංකාවේ අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහව නොමග යවා ඇල්ටීටීඊ සංවිධානය සමග සාම ගිවිසුමකට අත්සන් කරවුයේ නෝර්වේ සාමදුතයා විසින්ය යන පුවත ඒ කවුරුත් අතර ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සාමදුතයා ඇල්ටීටීඊයට ආයුධ සැපයීමේ පසුපස සිටිය බව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව බාරයේ පසුවෙන ඇල්ටීටීඊයේ ප‍්‍රධාන ආයුධ ජාවාරම්කරුවා කේ පීගෙන් කියවී තියෙන කතාවකි. ඊට සම්බන්ධ බොහෝ තොරතුරු ශ‍්‍රී ලංකාවේ පත්තරවල සදහන්ව තිබුණි.
නෝර්වේ රට ඇල්ටීටීඊය පරාජයවීමෙන් පසුව හෝ ලංකාවට විරුද්ධව ඔවුන් කරන කටයුතු නැවැත්වුයේ නැත. ජනාධිපතිවරයා , ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක හමුදාවේ නායකයින් ජනසංහාරයක යෙදුන බව කියවමින් ඔවුන් ජාත්‍යන්තර අධිකරණයකට යොමුකිරීමට උල්පන්දම් දිම ඔවුන්ගේ ක‍්‍රියාවකි. ඊළගට ඇල්ටීටීඊ අපරාධකරුවන් සැගවී සිටින අවතැන්වුවන්ගේ කදවුරු බදාගෙන ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කරන රටක් යයි චෝදනා නගන්ට වීම ඔවුන්ගේ තවත් ක‍්‍රියාවකි. නොර්වේ ඇමතිනියක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම්වරයා යුද්ධය කෙරෙන අවස්ථාවේ ලංකාවට එක්සත් ජාතින්ගේ සේනාවක් නොයැවීම ගැන ඔහුට විරුද්ධව චෝදනා නැගීම ලේකම්වරයා ලංකාවට විරුද්ධ කිරීමට කිරීමේ පරමාර්ථයෙන් කළ වැඩකි.
ලංකාව බිදීමේ ව්‍යාපාරයට නෝර්වේ රට හවුල්වීම පිළිබදව සාකච්ඡා කිරිමේදී දන්නා ප‍්‍රසිද්ධ මෙබදු කාරණා හැරුනවිට කිසිම විටක සංවාදයට ලක් නොවුන කාරණා ද තිබේ. බොහෝ දෙනෙක් නොදන්නා එම කාරණා දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩය. නෝර්වේ ආධාරමත ක‍්‍රියාත්මක නෝරාඞ් සංවිධානය ශ‍්‍රී ලංකාවේ ජාතිභේදය වැපිරිම සදහා අනුගමණය කර තියෙන වැඩ පිළිවෙල නිදසුනකි. ඒ යටතේ දෙමළ ඩයස්පෝරාවේ අදහස් තහවුරු කිරීම හා සිංහල ජාතිය දුර්වල කිරීමේ උවමනාවෙන් වැරදි අදහස් පැතිරවීම සදහා ජනවාර්ගික අධ්‍යාපන පිළිබද ජාත්යන්තර කේන්ද්‍රය නමින් ආයතනයක් අටවාගෙන සිංහලෙන් පොත් ප‍්‍රකාශයට පත්කරයි. සිංහල ජාතිය හා බුදුසසුන පිළිබද දුර්මත රාශියක් පැතිරවීමෙන් නමක් දිනාගෙන සිටින ඇමරිකාවේ ජීවත්වෙන මහාචාර්ය ගනනාථ ඔබේසේකර ඒ සදහා යෙදි සිටී.
මානව විද්‍යාව යනු ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් බිදීම සදහා බටහිර රටවල් යොදාගෙන තියෙන විෂයකි. මනුෂ්‍යයාට ඉතාම ප‍්‍රයේජණවත් විෂයක් ලෙසින් ආරම්භවු නමුදු මානව විද්‍යාව යටත් විජිත භාවයෙන් නිදහස් වු රටවලට විරුද්ධව භයානක අවියක ලෙසින් යොදාගැනීමට බටහිර රටවල් සමත් වී සිටිති. මෙම කාරියේදී බටහිර රටවල් විසින් ආසියානු හා අප‍්‍රිකානු රටවල උගතුන් පිරිසක් වහලූන් කරගෙන සිටිති. ගනනාථ ඔබේසේකර ඇමරිකාවේ පදිංචිවීගෙන උගත් වහලෙකුගේ කාර්‍යය කරයි. ඔහුගේ සංස්කාරකත්වයෙන් නෝරාඞ් පදනමේ ආධාරයෙන් ජනවාර්ගික අධ්‍යාපන කේන්ද්‍රය නැමැති හබකයෙන් ගොඩගේ සමාගමෙන් ප‍්‍රකාශයට පත්කර තියෙන මලල කතාව නිදසුනකට ගනිමු.
මලල කතාව යනු පැරණි ජන කාව්‍ය සංග‍්‍රහයකි. මලලයන් ලංකාවට පැමිණි විස්තරය සදහන් වෙන මෙම ජන කාව්‍යය සංග‍්‍රයේ මලලයන් ද්‍රවිඩයන් නොවන බව මොනවට පැහැදිලි ව තිබේ. ගනනාථ ඔබේසේකර සංස්කරණයෙන් පිටවෙන මලල කතාව මගින් කෙරෙන්නේ සත්‍යය අසත්‍යයෙන් යටපත් කිරිමකි. එහි පසු කවරයේ සදහන මෙසේය.
"අකමැත්තෙන් වුවද දක්ෂිණ භාරතීය සංක‍්‍රමණිකයන්ගෙන් ලංකාවේ ඇතැම් ප‍්‍රදේශ ජනාවාස වීම පිළිගැනීමට සිදුවේ".
සෟජුව නොකිවත් දෙමළ ඩයස් පෝරාව ඊළාම් ඉතිහාසයක් ඉදිරිපත් කරන සමයක දක්ෂිණ භාරතීය සංක‍්‍රමණිකයින්ගෙන් ලංකාවේ ප‍්‍රදේශ ජනාවාස වු බව කීමෙන් අගවන්නේ ලංකාවේ ජනාවාස පිහිටුවීමේදී සිංහලයන් මෙන්ම දෙමලූන්ද ඊට සම්බන්ධ බවයි.
මෙය ඇත්තක් වගේ පෙනෙන බොරුවකි. දක්ෂිණ ඉන්දියාව දෙමළ දේශයක් නොවේ. තමිල්නාඩුව බීකානිය සමයේ පිහිටුවා ගත්තකි. ඉන්දියාවේ දක්ෂිණා පථයේ පුරානයේ හි වු ආර්‍ය රාජධානි දෙමළ අධිරාජ්‍යය විසින් යටත්කර අවශෝෂණය කර තිබේ. එබැවින් පුරානයේ ලංකාවට පැමිණි මලල, කාලිංග , පාණ්ඩ්‍ය ඈ බොහෝ ජාතින් දෙමල වශයෙන් පෙන්නීම වංචනික ක‍්‍රියාවකි. ඉතිහාසය සගවා වංචාවක යෙදීමකි.
http://www.toplankanews.com/index.php?option=com_content&view=section&layout=blog&id=2&Itemid=2
දිය රෙද්දෙන් සිංහල බෙල්ල කපන නෝර්වේ රහස් හමුදාව
Written by ලලිත් රාජපක්ෂ Saturday, 03 October 2009 05:17 Top Lanka News ඔක්තෝම්බර් 02ශ‍්‍රී ලංකාව දෙකට කැඞීමේ පරමාර්ථයෙන් බිහිවු ඇල්ටීටීඊ සංවිධානය පසු පස ක‍්‍රියාත්මක වු මහා ජාත්‍යන්තර බලවේගය පිළිබද සාමාන්‍ය දැනුමක් ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසකට ඇත. එවැනි දැනුමක් නැත්තවුන් විශාල පිරිසක් ද සිටිති. පොදුවේ ඒ කවුරුත් නෝර්වේ සාමදුතයා ගැන දනිති. ලංකාවේ අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහව නොමග යවා ඇල්ටීටීඊ සංවිධානය සමග සාම ගිවිසුමකට අත්සන් කරවුයේ නෝර්වේ සාමදුතයා විසින්ය යන පුවත ඒ කවුරුත් අතර ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සාමදුතයා ඇල්ටීටීඊයට ආයුධ සැපයීමේ පසුපස සිටිය බව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව බාරයේ පසුවෙන ඇල්ටීටීඊයේ ප‍්‍රධාන ආයුධ ජාවාරම්කරුවා කේ පීගෙන් කියවී තියෙන කතාවකි. ඊට සම්බන්ධ බොහෝ තොරතුරු ශ‍්‍රී ලංකාවේ පත්තරවල සදහන්ව තිබුණි.

Last edited: