මා දේශපාලනයට එන බව කිසිවකුට කියා නෑ

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මා දේශපාලනයට එන බව කිසිවකුට කියා නෑ

මා දේශපාලනයට එන බව කිසිවකුට කියා නෑ
ජෙනරාල් සරත් ෆොන්සේකා

නෝමන් පලිහවඩන

තමා දේශපාලනයට පිවිසෙන බවට මෙතෙක්‌ කිසිවකුට හෙළිකර නැති බවද තමා සිය තනතුර කරගෙන දිගටම සේවය කරන බවද ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවැසීය.

මේ දිනවල විශේෂ කතා බහට ලක්‌වී ඇති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (16 දා) සවස "දිවයින ඉරිදා සංග්‍රහය" සමග දුරකතනය ඔස්‌සේ සම්බන්ධ වෙමින් මේ බැව් සඳහන් කළේය. එහිදී ඒ මහතා වෙත අප නැඟූ පැනයනට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඔබ ගැන මේ දිනවල කා අතරත් කතා බහට ලක්‌වෙනවා. ඔබ දේශපාලනයට පිවිසෙන කතාවේ සත්‍යයක්‌ තිබේද?

පිළිතුර - කවුද කියන්නේ, මම ඒ කතාව කාටවත් කියලා නැහැ.

ප්‍රශ්නය - එහෙනම් එවැනි කතා පැතිරුනේ ඇයි?

පිළිතුර - ඒ කතා කොහෙන් ආවද? කවුද කිව්වේ කියලා මම දන්නේ නැහැ.

ප්‍රශ්නය - එසේ නම් ඔබ හමුදා නිලධාරීන් අමතා හමුදා ඇඳුමෙන් සැරසී කරන අන්තිම කතාව යෑයි සඳහන් කළේ ඇයි?

පිළිතුර - හමුදාපති තනතුරේදී මම ඔවුන් සමග දිගටම ඇමතීම් කළා. දැන් එම තනතුරේ නැහැ. අනික මාධ්‍ය නඟන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම සූදානම් නැහැ.

ප්‍රශ්නය - ඔබ පිටරට යන කතාවක්‌ පැතිරී තිබෙනවා එය ඇත්තද?

පිළිතුර - නැහැ.

http://www.divaina.com/2009/10/18/news07.html




ආරක්‍ෂක හමුදා මාණ්‌ඩලික මූලස්‌ථානයට සමීප වූ ත්‍රිමස්‌කටියර්ස්‌ කණ්‌ඩායමේ ද්විත්ව රංගනය




"මෙවන් තොරතුරු හෙළිවෙද්දී පසුගිය සඳුදා ආරක්‍ෂක මණ්‌ඩල ප්‍රධානි සරත් ෆොන්සේකා වෙනුවෙන් සම්මාන උත්තමාචාර උත්සවයක්‌ පැවැත්වූහ. මෙම උත්සවය ඇමතූ ජනරාල්වරයා හමුදා ඉතිහාසය තුළ තමා සහභාගි වන අවසාන උත්සවය මෙය විය හැකි යෑයි කළ ප්‍රකාශය මෙරට ජනතාවට ප්‍රහේළිකාවක්‌ විය.

ජනරාල්වරයාගේ මෙම ප්‍රකාශය මෙරට සිංහල කොටි හිතවාදීහු විගස යුරෝපා කොටි වෙබ් අඩවිය වෙත ද යවා තිබිණි. මෙම උත්තමාචාර උත්සවයේදී ජනරාල්වරයා මෙලෙස පවසා තිබිණි. "පසුගිය කාලය තුළ කොටි සංවිධානය කොතරම් ප්‍රබලව සිටියේදැයි සඳහන් කළහොත් විදේශ රටක ජන නායකයකු මෙරට ජනාධිපතිවරයකු ඇතුළු ප්‍රභූන් විශාල සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමට තරම් ශක්‌තිමත් වී තිබිණි. සියලුම ලෝ වැසියන් මවිතයට පත් කරමින් තිස්‌ වසරක ශාපය නිමා කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය සුණුවිසුණු කිරීමට හැකි වූයේ නිකම්ම නිකම් වාසනාවකට නොවේ. මේ ප්‍රතිඵල ලබාගැනීමට යුද හමුදාවට ඉතා විශාල කැප කිරීමක්‌ ඉටු කිරීමට සිදුවිය. මෙම සාර්ථක ප්‍රතිඵලය ලැබීමට මූලිකව හේතු වූයේ යුද හමුදාවේ වසර 3 1/2 ක කාලය තුළ සිදු කරන ලද වෙනස්‌කම්ය. හමුදාව තුළ උසස්‌ විනයක්‌ පවත්වාගෙන යැමටත් දූෂණය වැළැක්‌වීමටත් ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණවලට රුකුලක්‌ විණි. පසුගිය සමයේ ජයග්‍රාහී මාවතකට ගෙන යැමට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය වැඩ කොටස දවස පුරා වැය කිරීමට සිදුවිය නිලධාරීන්ට ලිපිකරුවන් මෙන් සවස 4.30 ට නිවසට යැම අත්හැර නියම ජෙනරාල්වරුන් ලෙස වැඩ කර තමාගේ යුතුකම ඉටු කිරීමට සිදුවිය. යුද්ධය කටුක වූ බැවින් ඊට දායකවූවන් කැමැත්තෙන්ම යුද්ධයේ පීඩනයට මුහුණ දුන් අතර දුර්වල අය එම ක්‍රියාදාමය විවේචනය කිරීමේ යෙදුණත් අද අප භුක්‌ති විඳින මේ ප්‍රීතිය එකී පීඩනයට මුහුණ දී සතුටින් රාජකාරිය කළ දක්‍ෂ නිලධාරීන් ලබාදුන් ජයග්‍රහණයේ ප්‍රතිඵලයකි. කොටි ත්‍රස්‌තවාදය පරාජය කරමින් ලෝකයේම ප්‍රශංසාවට ලක්‌වීම සඳහා මඟ විවර කරදුන් ජනාධිපතිතුමාටත්, අවශ්‍ය සෑම සහායක්‌ම ලබාදුන් ආරක්‍ෂක ලේකම්තුමාටත්, ත්‍රස්‌තවාදය ජය ගැනීමට දිවි හිමියෙන් කැපවූ සියලු රණවිරුවන්ටත්, ඊට ශක්‌තිය ලබාදුන් රණවිරු පවුල්වල අයටත් සියලු රට වැසියන්ටත් ගෞරව පූර්වක ස්‌තුතිය හා ප්‍රණාමය පුද කරමි."

 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
|හිටපු හමුදාපතිවරයා මෙම ප්‍රකාශයන් කිරීමෙන් පසුදින තමිල්නාඩු හින්දු පත්‍රය හා යුරෝපා කොටි වෙබ් අඩවිය කියා සිටියේ හිටපු හමුදාපති දේශපාලනයට සම්බන්ධ වන බවට කොළඹ මාධ්‍ය විසින් පවසන බවයි.

මේ කොළඹ මාධ්‍ය කවුරුන් ද යන්න දැන් හෙළිවී ඇත. නෝර්වේ අරමුදල් මත යෑපෙන කොළඹ එන්.ජී.ඕ. කම්පැණියක්‌ මෙයට වසර කීපයකට පෙර යුද හමුදා මූලස්‌ථානය වෙත ඉතා සූක්‍ෂම ලෙස මාධ්‍ය එන්.ජී.ඕ. කණ්‌ඩායමක්‌ යොමු කරනු ලැබීය. දැන් ආරක්‍ෂක මණ්‌ඩල මූලස්‌ථානයට සමීපව ක්‍රියා කරන්නේ මේ කණ්‌ඩායමයි. මොවුහු ද්විත්ව රංගනයක යෙදෙන බව ආරක්‍ෂක බලධාරීන්ට අවබෝධ වූයේ නැත. ශ්‍රී ලංකාවේ රජයත්, හමුදාවත් මාධ්‍ය මර්දනයක යෙදෙන බවට ලොව පුරා සාවද්‍ය ප්‍රචාරයේ යෙදෙන එකම කණ්‌ඩායමේ ප්‍රධානතම ක්‍රියාකාරීන් වූයේ ආරක්‍ෂක මණ්‌ඩල මූලස්‌ථානයට සමීප වූ මෙකී පිරිසයි.

හමුදා නිලධාරීන් විසින් ත්‍රිමස්‌කටියර්ස්‌ නමින් හඳුන්වන මෙකී කණඩායමට අවශ්‍ය වූයේ වෘත්තීය නිපුණත්වයෙන් යුත් හිටපු හමුදාපතිවරයා දේශපාලනයට යොමු කිරීමයි. එ සිය එන්.ජී.ඕ. කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහායි. මොවුන් බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන අන්තර්ජාල මඩ වෙබ් අඩවිය මෙහෙයවන එස්‌.ජී. නමැත්තාට සම්බන්ධ යෑයි ආරක්‍ෂක ප්‍රධානීන්ට පවා වාර්තා වූයේ නැත.

දොස්‌තර ජෙකිල් ඇන්ඩ් මිස්‌ටර් හයිඩ් නම්වූ ග්‍රන්ථයේ එන එකම මිනිසා ද්විත්ව චරිත මැවූ අයුරින් පසුගිය කාලය මුළුල්ලේම මඩ වෙබ් අඩවියට ප්‍රවෘත්ති සපයමින් හිටපු හමුදාපතිවරයා පොදු ජනාධිපති අපේක්‍ෂකයා බවට දැඩි ලෙස ප්‍රචාරයක්‌ ගෙන ගියේය.

ඇතැම් වාර්තාවල හිටපු හමුදාපතිවරයාට සමීපතම ආරංචි මාර්ග පවසන බවටත් සඳහන් විය. එ අතරේ ඔවුහු තවත් මෙහෙයුමක්‌ දියත් කළහ. එනම් තමන්ට ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක ප්‍රධානීන්ගෙන් මරණීය තර්ජන එල්ල කළ බව කියමින් සති කීපයක්‌ හමුදා රැකවරණ ලබාගැනීමයි.

සටන් විරාම සමයේ සිට ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතකයන් ගරිල්ලන් යෑයි හැඳින්වූ මෙකී ත්‍රිමස්‌කටියර්ස්‌ කණ්‌ඩායම ජර්මනියේ කොටි හිතවාදී ෙ-.ඩී.එස්‌. සංවිධානයට හමුදාවට එරෙහිව තොරතුරු සපයන බව හමුදා බලධාරින්ට ද වාර්තා නොවිනි.

මේ අතර තමා කිසිසේත් දේශපාලනයට සම්බන්ධ වන්නේ නැතැයි හිටපු හමුදාපතිවරයා එAෂියන් ටි්‍රබ්‍රියුන් වෙබ් අඩවියට පැවසීම නිසා ත්‍රිමස්‌කටියර්ස්‌ කණ්‌ඩායම කලබලයට පත් වූහ. අද මේ අඳබාල කණ්‌ඩායමේ කොන්ත්‍රාත්තුව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට වාර්තා වී ඇත. හමුදා උපාංග නිපදවන සමාගමක්‌ සමග හිතවත්කම් පවත්වන්නේ කවුරුන්දැයි යන්නත් හෙළිවී තිබේ.

කපිතාන් නීලම්ගේ දිගුදුර විහිදුම් බළකාය පාවාදීම අනුමත කළ මේ කණ්‌ඩායම හිටපු හමුදාපතිවරයා දේශපාලනයට යොමු කරලීම සඳහා දියත් කර ඇති මෙහෙයුමේ පසුබිම දැන් අනාවරණය වී ඇත.

හිටපු ජනරාල්වරුන් වූ ලකී අල්ගම හා ජානක පෙරේරා දේශපාලනයට යොමු කරලීමෙන් කොටි ඔවුන්ගේ ජීවිත බිලි ගත්හ. අද කොටි ආධාරකරුවන්ගේ අංක එකේ ඉලක්‌කය හිටපු හමුදාපතිවරයායි.

ඉන්දියාවේ සික්‌ ත්‍රස්‌තයන් එරට රන්දෙවොල මෙහෙයුම දියත් කළ ජනරාල් අරුන් විද්‍යාව ඝාතනය කළේ වසරකට පසුවය.
මේ තත්ත්වය මත හිටපු හමුදාපතිවරයාගේ ජීවිතය අනතුරකට ලක්‌ කිරීමේ අයුරින් ෙද්‍රdaහී ක්‍රියාදාමයක්‌ මෙහෙය වන්නන් ගැන වඩා සුපරීක්‍ෂාකාරී විය යුතුව ඇත.

හිටපු හමුදාපතිවරයා දේශපාලනයට ගෙන එAමට උත්සාහ කරන මෙහෙයුමේ අරමුණ රජය හා ආරක්‍ෂක බලධාරීහු අතර ගැටුමක්‌ ඇති කර රටේ ජාතික ආරක්‍ෂාව අවතක්‌සේරුවකට ලක්‌ කිරීමයි.|


http://www.divaina.com/2009/10/18/defence.html
 
Last edited:

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    deshapalanayata yanne na kiyalath naa pora!

    Cummon general!! lets go fr da presidency! Api oba samagay
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    deshapalanayata yanne na kiyalath naa pora!

    Cummon general!! lets go fr da presidency! Api oba samagay



    මේ අතර තමා කිසිසේත් දේශපාලනයට සම්බන්ධ වන්නේ නැතැයි හිටපු හමුදාපතිවරයා එAෂියන් ටි්‍රබ්‍රියුන් වෙබ් අඩවියට පැවසීම නිසා ත්‍රිමස්‌කටියර්ස්‌ කණ්‌ඩායම කලබලයට පත් වූහ.

    oya article eka hoyala meake danna pulwannam