කහ පිලිකා නසන ඖෂධයකි

Sakibura

Member
Sep 20, 2009
226
10
0
කහ පිලිකා නසන ඖෂධයකි


Written by sanjeewa Thursday, 29 October 2009 03:14 Top Änka Newsඔක්තෝබර් 28
සිංහලයෝ හැම හොද්දකටම කහ භාවිතා කරති. ඒ සිරිත පටන් ගත්තේ කොයි කාලයේදැයි කියන්ට කිසිවෙකුට නොහැක. එහෙත් සිංහලයන් හැමදේම ඉන්දියාවෙන් ගත්තේ යයි කියන උගතෙකුගෙන් ඇසුවොත් දෙමළුන්ගෙන් ලැබුණු දායාදයක් යයි කියා එය ලබාගත් කාලවකවානුවත් කියනු නියතය. කහ තමිල්නාඩුවේ ප‍්‍රධාන කෘෂි වගාවක් බවට පත්ව තිබිම ඔවුන්ගේ තර්කයට අපුරු සාක්ෂියකි. එසේ නමුත් සිංහලයන් කහ භාවිතය ඉගෙණ ගත්තේ තමිල්නාඩුවෙන් හෝ ඉන්දියාවේ වෙන පලාතකින් නොවේ. මහාරාෂ්ට‍්‍රයද කහ වගාව පිළිබද ප‍්‍රසිද්ධියක් උසුලයි. මේ ප‍්‍රාන්තවල කහ සදහා වෙනත් නම් භාවිතා කෙරෙන අතර දෙමලෙන් කහ වලට මන්ජල් කියති. මන්ජල් තමිල්නාඩුවට ආවේ අරාබියෙන් යයි ඇතැම් ග‍්‍රන්ථයන්හි සදහන්වේ. එබැවින් කහ සිංහලයන්ට විශේෂ වු පැලෑටි නාමයකි.

කහ ඖෂධයක් බව සිංහල වෙද්දු දනිති. හන්දි වෙදකම සදහා තෙල් හිදිද්දිත් මැල්ලූම් හදද්දිත් කහ අනිවාර්්‍යයෙන්ම භාවිතා කරති. තෝත්තර වැඩ වලදීත් කහ භාවිතා කරති. එහෙත් කහ පිළිකා රෝග මර්දන ඹෟෂධයක් බව සිංහල වෙද්දු නොදනිති.

බිතානිය වෛද්‍ය වර්තාවක් උපුටා දක්වන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත කහ පිළිකා රෝග නසන ඖෂධයක් බව වෛද්‍ය පර්යේෂණ මගින් බිතානිය පිළිකා විද්්‍යාඥයින් සොයාගෙන ඇති බව සදහන් කරයි.
 
  • Like
Reactions: skybirb