අසුභ සඤ්ඤාව පුරුදු කරමු

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අසුභ සඤ්ඤාව පුරුදු කරමු

20rlkp5.jpg

භාවනා වාක්‍ය

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ...

මේ කයේ තියෙනවා..., කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර...

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන ඒ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

සාදු...! සාදු...!! සාදු...!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
සාදු සාදු සාදු.
රාගය, මාන්නය, ලෝභය අඩු කර ගන්න හොඳ භාවනාවක්.
ඔබට බොහොම පින්.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එලුවො, අර වෙන මොකක්ද නූලක ඔයා දාලා තිබුණෙ ආහාර ගැන පැවතෙන්න ඕනෙ විදිහ. ඒකත් මෙතනට එකතු කරන්නකො. (අර කෙළත් එක්ක මිශ්‍ර වෙලා ..... කතාව)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එලුවො, අර වෙන මොකක්ද නූලක ඔයා දාලා තිබුණෙ ආහාර ගැන පැවතෙන්න ඕනෙ විදිහ. ඒකත් මෙතනට එකතු කරන්නකො. (අර කෙළත් එක්ක මිශ්‍ර වෙලා ..... කතාව)

මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

බඩවැල් වලට ගියාම මේ අහාරය අසූචි බවට පත් වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

මේ අහාරය අනුභව නොකර තිබ්නොත් ඒත් මේක පිළිනි වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...

මේ අහාර උයන්නේ නැතිව තිබුනොත් කුනුවෙලා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි..., පිළිකුලයි...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය ආහාරය පිළිබඳව පිළිකුල් භාවනාව වඩන එක බොහොම උපකාරි වෙයි මහත අයට/ දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ නිසා තමන් කැමති ආහාර පාලනය කරන්න වෙලා තියෙන අයට.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය ආහාරය පිළිබඳව පිළිකුල් භාවනාව වඩන එක බොහොම උපකාරි වෙයි මහත අයට/ දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ නිසා තමන් කැමති ආහාර පාලනය කරන්න වෙලා තියෙන අයට.

aniwa...:lol::)

kamata kadara wunama prethayo welalu upadinne...:shocked:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔය ආහාරය පිළිබඳව පිළිකුල් භාවනාව වඩන එක බොහොම උපකාරි වෙයි මහත අයට/ දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ නිසා තමන් කැමති ආහාර පාලනය කරන්න වෙලා තියෙන අයට.

    :yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වෙනස් වෙන දේ අනිත්‍යයි, අනිත්‍ය දේ දුකයි, දුක් සහගත දේ මමය මගේය කියල බදාගන්න මම කැමති නෑ... :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගිරිමානන්ද සූත්‍රයෙ එන දස සඥ්ඥා ජීවිතයට එක් කර ගන්න පුලුවන්නම් හොඳයි. අනිත්‍ය සඥ්ඥාව, අසුභ සඥ්ඥාව, අනත්ත සඥ්ඥාව, ආදීනව සඥ්ඥාව, පහාණ සඥ්ඥාව සහ ආනාපාන සතිය ටික ටික හෝ පුහුණු කරන්න පුලුවන්නම් වටිනවා.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගිරිමානන්ද සූත්‍රයෙ එන දස සඥ්ඥා ජීවිතයට එක් කර ගන්න පුලුවන්නම් හොඳයි. අනිත්‍ය සඥ්ඥාව, අසුභ සඥ්ඥාව, අනත්ත සඥ්ඥාව, ආදීනව සඥ්ඥාව, පහාණ සඥ්ඥාව සහ ආනාපාන සතිය ටික ටික හෝ පුහුණු කරන්න පුලුවන්නම් වටිනවා.

    me wage wadagath dewal gana ape ayata thiyana danuma adui....mewa post karanna puluwannan hugak watinawa...:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනිත්‍ය සඤ්ඤාව

    අනිත්‍ය භාවනාව වඩන විට එය සිදු කල යුතු ආකාරය මෙසේ ය. නිහඩ නිශ්කලංක වීවේකි පරිසරයක් තෝරා‍ ගෙන එහි වාඩි වන්න

    දැස් පියාගෙන මෙසේ සිතන්න

    ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි

    ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි

    කණට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    කණට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    නාසයට දැනෙන ගද සුවද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    නාසයට දැනෙන ගද සුවද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    සිතට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    සිතට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.

    ***

    මේහි සදහන් අරමුණු අතරින් ඔබට වඩාත් උචිත යැයි හැගෙන අරමුණක් ගෙන එය අනුව අනිත්‍ය මෙනෙහි කිරීම අරම්භ කරන්න මේ ආයතන 6 ම මුලින් ම ගෙන නොවැඩීම ඔබේ සතිය වඩාත් යහපත්ව හා ශක්තිමත්ම තබාගැනීමට හේතු වන්නේ ය. එ බැවින් ඒ එකක් ගෙන එය දිගින් දිගට වඩන්න පසුව ඒ පහම ගෙන ‍එකට වඩන්නට හැකි වෙන දවසක් එනු ඇත. එතෙක් කලබල නොවී සිටින්න.:):)

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    me wage wadagath dewal gana ape ayata thiyana danuma adui....mewa post karanna puluwannan hugak watinawa...:)

    ගිරිමානන්ද සූත්‍රය ලස්සනට පැහැදිලි කළ පොතක් තිබුණා පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේගෙ. මට ඒකෙ නම මතක නැහැ වෙබ් අඩවියෙන් හොයන්න. අංගුත්තර නිකායෙ පරිවර්තනයකුත් නෑනෙ.
    මේව නිතර කතා කරන එකේ හොදේ තමයි, ප්‍රශ්නයක්, කරදරයක් ආ වෙලාවට ටක් ගාල ධර්මය මතක් වෙන එක. ළඟදි දවසක මට ප්‍රශ්න වැලක් ඇවිත්, අනපේක්ෂිත බලාපොරොත්තු කඩ වීමකට මුහුණ දෙන්න වුණා; මට එක පාරටම හිතුණෙ මට ඕනෙ විදිහට පවත්වන්න මගෙ ආත්මයක්, මමෙක් නැතිකොට වෙන මොනව වෙන්නද කියල. :lol: ඉතින් හිත හදා ගන්න වෙලා ගියෙ නෑ.:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ළඟදි දවසක මට ප්‍රශ්න වැලක් ඇවිත්, අනපේක්ෂිත බලාපොරොත්තු කඩ වීමකට මුහුණ දෙන්න වුණා; මට එක පාරටම හිතුණෙ මට ඕනෙ විදිහට පවත්වන්න මගෙ ආත්මයක්, මමෙක් නැතිකොට වෙන මොනව වෙන්නද කියල. :lol: ඉතින් හිත හදා ගන්න වෙලා ගියෙ නෑ.:)

    eeka aththa....mama,mata, mage kiyala kisi deyak ne....:no: