 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
~.: (S) InfectiONs .:~ + -
11-08-2009, 07:41 AM
ලිංගිකව බෝවන රෝග
ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
උපදංශය
හර්පිස්
ගොනෝරියා
වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන
ලිංගික ඉන්නන්
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:42 AM
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ - ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ස්‍රාවයන් පිටවිම
මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්‍රාවයන්
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත තුවාල
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දිය බුබුලු වැනි ඉදිමිම්
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටිති හෝ එවැනි වර්ධනය විම්
- ලිංගේන්ද්‍රිය ඉදිමිම හො රතු විම
- වෘෂණ කෝෂය ඉදිමිම
- කාන්තාවන්ගේ යටිබඩ වේදනා
- මුත්‍රා කිරිමේ දී වේදනාවක් ඇතිවිම,සහ නිතර නිතර මුත්‍රා පිටවිම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:42 AM
මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- සහකරුවන් කිහිප දෙනෙකු සිටින පිරිස්
- ගණිකාවන්
ලිංගිකව සමිප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිථල
- කාන්තාවන් වදභාවයට පත් කරන, පැලොපියනාල ද්‍රබලතා සදහා ප්‍රධානතම හේතුවක් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි.
- ප්‍රතිකාර නොකරන ලද උපදංශය රෝගයේ මුල් අවස්ථාවලදී නියමිත
ප්‍රතිකාර හේතුවෙන් මළදරු උපත් 4කින් එකක් සහ නවජ මරණවලින් 14%ක් සිදුවෙයි.
- ලිංගික සම්ප්‍රේෂණය වන රෝග අතරින්වඩාත් බරපතල රෝගයක් වන පැපිලෝමා වයිරස් (ලිංගික ඉන්නන්) රෝගය, ගැබ් ගෙල පිළිකා සදහා හේතු සාධකයකි.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:43 AM
ගොනෝරියා - රෝග ලක්ෂණ
- කාන්තාවන්ගේ
- සාමාන්‍යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. නමුත් යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයන්, මුත්‍රා දැවිල්ල ,සංසර්ගයෙන් පසු සුළු වශ ප්‍රමාණයකින් සිදුවන රුධිර වහනය යටි බඩේ වේදනාව සම්බන්ධයෙන් ඔවුන් පැමිණිලි කිරිමට ඉඩ ඇත.
- පුරුෂයින්
- මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවිම
- මුත්‍රා දැවිල්ල
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:43 AM
හර්පිස්- රෝග ලක්ෂණ
- කාන්තාවන්ගේ
- යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ කලවා ආශ්‍රිතව, වේදනාකාරි, දියර පිරි බිබිලි වැනි තුවාල ඇතිවේ. මෙමගින්, තවද මුත්‍රා දැවිල්ල, යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීමද සිද්‍රවිය හැක.
- පුරුෂයින්ගේ
- ශිෂ්ණයේ ඇතිවන වේදනාකාරි තුවාල, මුත්‍රා මාර්ගයෙන් පිටවන ස්‍රාවයන් හා මුත්‍රාශයේ දැවිල්ල මෙහි රෝග ලක්ෂණයි.
- හිසේ කැක්කුම, කොන්දේ කැක්කුම, උණගතිය හා ඇගේ පතේ රුදාව ද ඇතිවිය හැක.
- 70 %ක් පමණ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මුලින්ම ඇතිවන මෙම රෝග ලක්ෂණ සති 2-4 අතර කාලයේ දී සුවවේ.
- රෝගය වැළදුණු පුද්ගලයන්ගෙන් අඩකටත් වඩා නැවත නැවතත් රෝගය උත්සන්නවිම් වලට මුහුණ දෙයි. මුල් අවස්ථා හා සැසදිමේ දී මෙහිදි ඇතිවන තුවාල හා වේදනාව අඩුය. මෙවැනි අවස්ථාවකට පෙර වේදනාව, කලවා , උකුල හා කෙන්ඩා ප්‍රදේශ හිරිවැටිම ආදි ලක්ෂණ දක්නට ලැබේ.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:44 AM
ක්ලැමිඩියා ආසාදනය - රෝග ලක්ෂණ
- කාන්තාවන්ගේ
- බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ඇතැම් විට මුත්‍රා දැවිල්ල, යටි බඩේ කැක්කුම හා සංසර්ගයෙන් පසු රුධිර වහනය ආදිය ඇතිවිය හැකිය.
- පුරුෂයන්ගේ
- ඇතැම්විට රෝග ලක්ෂණ නොපෙන්වයි. මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවිම හා මුත්‍රා දැවිල්ල මෙහි රෝග ලක්ෂණවේ.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:44 AM
උපදංශය - රෝග ලක්ෂණ
- කාන්තාවන්ගේ
- වේදනාවක් රහිත තුවාල ලිංගේන්ද්‍රිය,ගැබ්ගෙල , නාසය ,මුඛය හෝ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවේ. ශරීරය තුළ ඇතිවෙන තුවාල නොදැක පැවතිය හැකි අතර එවැනි අයගේ මුල්ම රෝග ලක්ෂණය ලෙස ද්විතියික උපදංශය අවස්ථාවේ ඇතිවන ඇගේ පලු දැමිම දැක්විය හැක.
- පුරුෂයින්ගේ
- ශිෂ්ණය, නාසය, මුඛය , ගුද මාර්ගය හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත වේදනා රහිත තුවාල ප්‍රතිකාර නොගතහොත් ද්විතියික උපදංශය දක්වා උග්‍ර විය හැක.
- මුලින් ම ඇතිවන තුවාල සති කිහිපයකින් සුවවන අතර , ඉන්පසු කැසිමකින් තොරව සිරුරේ පලු දැමිමක්, ඇගේ පතේ රුදාව, උණ, කුද්දටි ඉදිමීම, අක්මා ප්‍රද්‍රහය (හෙපටයිටිස්) , හන්දිපත්රැදාව (ආතරයිටිස් )හා හිසකෙස් හැලියාම යන තත්ත්ව ඇතිවිමක් සිදුවේ. මේ ලක්ෂණ සති හෝ මාස ගණනක් පැවතිය හැක.
- ප්‍රතිකාර නොගතහොත් අන් අයට බෝ නොවන තෘතියික උපදංශ අවස්ථාව ඇතිවේ. මෙය ස්නායු පද්ධතියට හා හෘදය වස්තුවට ද බලපැම් ඇති කරයි. මෙ මගින් මරණය පවා ඇතිවිය හැක.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:44 AM
HIV / AIDS
HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome)සාදන වයිරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකර රෝගවලට එරෙහිව සටන් කිරිමට සිරුරට ඇති හැකියාව අඩු කරයි.
HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිදු රෝගයක් නොපෙන්වා වසර ගණනාවක් ජිවත්විය හැක. නමුත් අවසානයේ දී AIDS තත්ත්වය ඇතිවේ. එහිදී ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී ඇති බැවින් රෝගවලට එරෙහිව සටන් කිරිමේ හැකියාව නොමැති වී නිරෝගි පුද්ගලයන් ආසාදනය නොකරන අවට පරිසරයේ සාමාන්‍යයෙන් පවතින බැක්ටිරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරුවේ.
HIV ඒක් පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්විමකිනි. ආසාදිත මවගෙන් ගර්භනි සමයේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයකු භාවිත කල ඉදිකටු, සිරින්ජ්, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරිම් රෝගය පැතිරෙන තවත් ක්‍රමයකි. ආසාදිත රුධිරය පාරාවිලනය මගින් ද රෝගය බෝවේ. නමුත් සිපගැනිම නිසා HIV ආසාදනය සිදු නොවේ.
HIV හෝ සුව කළ නොහැකි රෝගි තත්වයක් වුවද , ඇනටිරෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIVවලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ මගින් රෝගය සිරුර තුළ පැතිරිම පමා කරන අතරම, AIDS රෝගින්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරයි. මෙම ඖෂධ මගින් දරු ප්‍රසුතියේ දී මවගෙන් දරුවාට රෝගය බෝ විම ද අවම කෙරේ. රෝගින්ට ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන්ටද අවස්ථානුකුල ලෙස ප්‍රතිකාර කළ හැක.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:44 AM
HIV පිළිබද සත්‍ය නමි
- සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදුරුවේ.
- සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනාගැනේ
- සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ.
- සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි.
HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය
HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝ කාලයක් (වසර ගණනාවක්) ජිවත් විය හැක. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගය තුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවිමට ඉඩ ඇත. නමුත් කල් යාමේ දී සිරුර තුළ වයිරස ගුණනය විම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීමේන් විවිධ රෝග ලක්ෂණ ඇතිවේ.
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
11-08-2009, 07:45 AM
HIV/ AIDS පිළිබදව ඔබ දැනගත යුතු දේ
මුඛ සංසර්ගය කෙතරමි අවදානමිද?
මේ හරහා ද HIV ආසාදනය විමේ හැකියාවක් පවති. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සිරිම් ආදියේ ස්පර්ශ විම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරිමේ සම්භාවිතාව අවමය.
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|