පලාගිය කොටි නායක රාම් යළි අත්අඩංගුවට

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
පලාගිය කොටි නායක රාම් යළි අත්අඩංගුවට

(උපුටා ගැනීම: 2009/11/10 දිවයින)

හමුදා අත්අඩංගුවෙන් පලාගිය නැගෙනහිර කොටි නායක රාම් යළි අත්අඩංගුව

හේමන්ත රන්දුණු

යුද හමුදා අත්අඩංගුවේ සිටියදී පලාගිය කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ නායක "රාම්" නැමැත්තා මින්නේරිය ප්‍රදේශයේ කැලෑවක සැඟවී සිටියදී යුද හමුදාව විසින් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසු ඊයේ (9 වැනිදා) දහවල් අල්ලා ගැනීමට සමත් විය. නැගෙනහිර කොටි නායකයා අත්අඩංගුවට ගෙන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ කඳවුරක රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී මොහු පලාගොස්‌ ඇත්තේ ඉකුත් 07 වැනිදාය.

කොටි නායකයා පලායැමෙන් පසු යුද හමුදාව විසින් එම ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර ඊට හමුදා සෙබළු තුන්දහසකට ආසන්න පිරිසක්‌ සහභාගි වූහ.

දින දෙකක්‌ තිස්‌සේ සිදු කළ මෙහෙයුම්වලින් පසු රාම් මින්නේරිය වැවට ආසන්නව පිහිටි වනාන්තරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට යුද හමුදා කණ්‌ඩායමක්‌ සමත් විය.

කරුණාඅම්මාන් කොටි සංවිධානයෙන් ඉවත්වීමෙන් පසු නැගෙනහිර කොටි නායකයා වූයේ රාම්ය. නැගෙනහිර පළාත පිළිබඳව මනාදැනුමක්‌ ඇති රාම් ආරක්‌ෂක අංශ වෙත එල්ල කළ දැවන්ත ප්‍රහාර ගණනාවකට නායකත්වය ලබා දුන්නේය.

නැගෙනහිර පළාත රජයේ පාලනයට නතුකර ගැනීමෙන් පසු රාම් කොටි කණ්‌ඩායමක්‌ සමග නැගෙනහිර ප්‍රදේශයේ කැලෑවල සැඟවී සිට විවිධ ප්‍රහාර එල්ල කළහ.

දුෂ්කර ගම්මානවලට කඩාවැදී අහිංසක වැසියන් මරාදැමීම හේන් ගොවීන්ව වෙඩි තබා ඝාතනය කිරීම, බස්‌ රථවලට ක්‌ලේමෝ බෝම්බ අටවා විනාශ කිරීම ඇතුළු ප්‍රහාර ගණනාවකට රාම් නායකත්වය දුන්නේය.

රාම් සමඟ සිටි කොටි කණ්‌ඩායම පොලිස්‌ විශේෂ කාර්ය බලකාය මගින් විනාශකර දැමීමෙන් පසු රාම් වෙනත් ප්‍රදේශයකට පලා ගොස්‌ තිබිණි.
 
Last edited: