සරත් ෆොන්සේකා සිද්ධියෙන් පාඩමක්‌

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
සරත් ෆොන්සේකා සිද්ධියෙන් පාඩමක්‌

(2009/11/08 දිවයින)

සරත් ෆොන්සේකා සිද්ධියෙන් පාඩමක්‌
මහාචාර්ය නලින් ද සිල්වා

මේ ලිපිය ලියන මොහොත වන විට සරත් ෆොන්සේකා මහතා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇමරිකා එක්‌සත් ජනපදයෙන් පිට වී ඇති බව වාර්තා වෙයි. ලංකාණ්‌ඩුව ඒ මහතාට පිට වී ආපසු ඒමට උපදෙස්‌ දී ඇති බව ද ඇ. එ. ජනපදයට බලපෑම් කර ඇති බවද පැහැදිලිය. ඇ. එ. ජ. ෆොන්සේකා මහතාට එසේ පිට වී යැමට ඉඩ දුන්නේ ඔවුන්ට කළ බලපෑම් හේතුවෙන් මිස ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම නොමනා ක්‍රියාවක්‌ යෑයි ඔවුන්ට අවබෝධ වූ නිසා නොවේ. ෆොන්සේකා මහතාගෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබඳව ප්‍රශ්න කිරීමට යන බව මෙරට තානාපති අංශ ඔස්‌සේ ලංකාණ්‌ඩුවට දැන්වීමට කටයුතු කෙළේ හිටපු හමුදාපතිවරයාම වීම මෙහිදී කැපී පෙනෙන කරුණකි.

ලංකාණ්‌ඩුවට නොදන්වා එසේ ප්‍රශ්න කිරීම්වලට භාජන වීමට ෆොන්සේකා මහතාට ඉඩ තිබූ නමුත් ඒ මහතා එසේ නො කෙළේය. එසේ නොකිරීම ඒ මහතාගේ ගෞරවයට හේතුවෙයි. ලංකාණ්‌ඩුව ද ප්‍රශ්න කිරීම ගැන දැනගත් මොහොතේ සිට ක්‍රියාත්මක විය. ඇ. එ. ජනපද ආණ්‌ඩුව හා බලධාරීන්ට තම විරෝධය පළ කළ ලංකාණ්‌ඩුව ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමකින් තොරව ආපසු ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. අවසානයේදී ඇ. එ. ජනපද ආණ්‌ඩුවට ප්‍රශ්න කිරීම් අකුළා ගැනීමට සිදු විය.

බටහිර රටවල් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව ඊනියා යුද්ධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බව අප මේ තීරුවෙන් පෙන්වා දුන්නේ යුද්ධ අපරාධ ගැන සාකච්ඡා නොවූ කාලයකය. එපමණක්‌ නොව මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර රටවල සංචාරය කිරීමේ අවදානමක්‌ ඇති බව පෙන්වා දුන් අපි ඒ මහතා එසේ සංචාරය නොකරන්නේ නම් මැනවි යෑයිද කීවෙමු. බොහෝ දෙනාට මේ කරුණු අමතක වන්නේ අවාසනාවකට වුවත් සිංහල සංස්‌කෘතියේ අංගයක්‌ ලෙසිනි.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය පිළිබඳ අපට අපේ ම වූ ප්‍රවාද ඇත. ඒ අප ගොඩනඟා ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි පදනම් වෙමිනි. එකිනෙකින් ස්‌වායත්ත නොවූ ආර්ථික, දේශපාලන හා සංස්‌කෘතික සංරචක ඔස්‌සේ ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව යටත්විජිතවාදය අවුරුදු පන්සියයකට වැඩි කාලයක්‌ තිස්‌සේ මුළු ලෝකය පුරාම ඔවුන්ගේ සංස්‌කෘතිය, ආර්ථික රටාව හා දේශපාලන ව්‍යqහ ප්‍රචලිත කිරීමට උත්සාහ කරයි. බටහිරයන්ට ඇත්තේ හුදු ආර්ථික හා දේශපාලන වුවමනාවන් පමණක්‌ නොවන බව අපේ මූලික ප්‍රස්‌තුතයක්‌ වෙයි. වෙනත් අය මෙන් නොව බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි සංස්‌කෘතික සංරචකයද අපි සැලකිල්ලට ගනිමු. ඇතැමුන් ඒ සංස්‌කෘතික ඌනිතවාදයක්‌ ලෙස දකින්නේ අපේ ප්‍රවාද අවතක්‌සේරු කිරීමට බව අපි දනිමු.

මෙරට දෙමළ ජාතිවාදය පනස්‌හයෙන් පසුව ඇතිවූවක්‌ ය යන මිථ්‍යාව හෙළිදරව් කළ අපි එහි ආරම්භය හා විකාශය ලන්දේසීන් මුහුදුබඩ පෙදෙස්‌ පාලනය කළ කාලය දක්‌වා ගෙන ගියෙමු. ඒ සම්බන්ධයෙන් ලියෑවුණු සාහිත්‍යයක්‌ අප සතු වන අතර මෙරට අඛණ්‌ඩ දෙමළ ඉතිහාසය ද ඒ කාලයෙන් ඔබ්බට නොයන බව පෙන්වීමට සමත්වීමු. විශේෂයෙන්ම යාපනයේ වත්මන් ජනගහණය වැඩිවශයෙන් පැවතෙන්නේ ලන්දේසීන් මෙරටට ආනයනය කළ වෙල්ලාලයන්ගෙන් බව කියා සිටියෙමු. බටහිරයන් මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම සඳහා මුල සිටම ඔවුන් විසින් නිර්මාණය කරන ලද දෙමළ ජාතිවාදය යොදාගෙන ඇති ආකාරයද අපි පෙන්නුම් කෙළෙමු. එසේ ම කොටි සංවිධානය පසුපස ඇති බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව යටත්විජිතවාදය ද අපි හෙළිදරව් කෙළෙමු. මෙහි අතුරු කතාවක්‌ ලෙස බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය විසින් තම ආර්ථික හා සංස්‌කෘතික ආධිපත්‍යය පැතිරවීමට හා තහවුරු කිරීමට බටහිරින්ම යෑපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනෙන ආකාරයද අපි විස්‌තර කෙළෙමු. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව යටත්විජිතවාදයෙහි ප්‍රබල ආයුධයකි.

මේ සියල්ල අපේ ප්‍රවාද මගින් කියෑවුණු අතර ඒ නව නිර්මාණ විය. අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව ජාතික චින්තනයෙන් බිහිවී ඇති කිසිවක්‌ නොමැති බව කියන පඩියන්ට ඒ පිළිතුරක්‌ විය. අනෙක්‌ අතට බටහිර මතිමතාන්තර හැරෙන්නට වෙනත් කිසිවක්‌ නොදත් පුස්‌සන් කියන පරිදි නොව ඒ කිසිවක්‌ සුද්දන්ට විරුද්ධව කෙරෙණු ඊනියා යුද්ධ චණ්‌ඩි කතා නොවීය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය හා යටත්විජිතවාදය ගැන අප සතුව තිබු දැනුම (අපේ ප්‍රවාද) සමග ඊනියා අපරාධ චෝදනාව ජනාධිපතිතුමාට හා සෙසු අයට එල්ලවන බව දැනගැනීමට අපට අපහසුවක්‌ නොවිණි.

විසිවැනි සියවසේ අගභාගයේ තම වීරයා වූ ප්‍රභාකරන් මරාදැමීම පිළිබඳව බටහිරයන්ට ඇත්තේ තදබල කෝපයක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහලත්වය දුර්වල කිරීමට, හැකිනම් නැතිකිරීමට බටහිරයන් යොදාගත් දෙමළ ජාතිවාදයේ අංගයක්‌ වූ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීම පිළිබඳව බටහිරයන් වියරු වැටී සිටින බව රහසක්‌ නොවේ. බටහිරයන් අපට කරන කෙණෙහිළිකම්වල කෙළවරක්‌ නැත. මෙරට විනිශ්චයකරුවන් කිහිප දෙනකු ෆිජී දුපතට යැමේදී ඔස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය ක්‍රියාකළ ආකාරය මේ සම්බන්ධයෙන් ඇති ආසන්නම උදාහරණය වෙයි. ඒ සිද්ධිය මුල්කරගෙන ෆිජී ආණ්‌ඩුව එරට ඔස්‌ටේ්‍රලියානු හා නවසීලන්ත තානාපතිවරුන්ට ආපසු යැමට අණකර ඇත.

සරත් ෆොන්සේකා මහතා හා ආණ්‌ඩුව අතර යම් විරසකයක්‌ ඇති බව රටටවත් අවශේෂ ලෝකයටවත් රහසක්‌ නොවේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව යටත්විජිතවාදයේ මෙරට තවත් නියෝජිතයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස (පසුගිය දා ඊනියා සංධානයකට එළඹුණු ම. සමරවීර, රා. හකීම්, මනෝ ගනේෂන් ආදීහු) ප්‍රභාකරන්ගේ සිංහල හා මුස්‌ලිම් මස්‌සිනාලා වෙති. ප්‍රභාකරන් මෙන්ම ඔවුහු ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි සුවච සේවකයෝ පමණක්‌ වෙති. මේ අය ද බටහිරයෝ ද ඒ විරසකය ඔස්‌සේ ආණ්‌ඩුවට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා යොදා ගැනීමට උත්සාහ කරති. ප්‍රභාකරන්ගේ සිංහල හා මුස්‌ලිම් මස්‌සිනාලා සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නේ තමන්ට ජයගත හැකි අපේක්‍ෂකයකු නැතිවීම, මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද යම් ප්‍රමාණයකින් වුව අඩුකිරීම හා අවසානයේදී දී සරත් ෆොන්සේකා මහතාගේ කීර්තිය නැති කිරීම මුල්කරගෙනය. කලින් කී විරසකය නොවන්නට මේ මස්‌සිනාලාට එවැනි උත්සාහයක්‌ ගැනීමටවත් නොහැකිවනු ඇත. ඇ. එ. ජ. සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ දී ප්‍රභාකරන්ගේ මස්‌සිනාලාගේ සංධානය ඒ මහතා වෙනුවෙන් කුමක්‌ කෙළේද? පිළිතුරු කිසිවක්‌ නැත යන්නය.

ඇ. එ. ජනපද ආණ්‌ඩුව සරත් ෆොන්සේකා මහතා ලවා තොරතුරු ලබාගැනීමට උත්සාහ කෙළේ විරසකය මුල්කරගෙනය. ෆොන්සේකා මහතාට එරට පුරවැසිකම ලබාගැනීමේ හැකියාවක්‌ ඇත. එසේ පුරවැසිකම ලබාගත හැකි පුද්ගලයකු ලවා වෙනත් ආණ්‌ඩුවකට විරුද්ධව තොරතුරු ලබාගැනීමට තැත් කෙළේ නම් ඇ. එ. ජ. ආණ්‌ඩුව තම පුරවැසියන් විදේශීය රටවල ඔත්තු බලන්නන් ලෙස යොදාගැනීමට සූදානම් බව පෙන්නුම් කෙළේය. අනෙක්‌ අතට ඔවුන් ෆොන්සේකා මහතාගෙන් තොරතුරු ලාබාගැනීමට උත්සාහ කෙළේ හමුදා නිලධාරියකු ලෙස නම් ඇ. එ. ජ. ලංකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන තත්ත්වයකට ආසන්න තත්ත්වයකට පත්වීමට තිබිණි. වෙනත් රටක හමුදා නිලධාරියකු බලය යොදා ඒ රටට විරුද්ධව යොදා ගැනීම යුද්ධ ප්‍රකාශ කරන තත්ත්වයකට ආසන්න තත්ත්වයකි. ඇ. එ. ජ. අවසාන මොහොතේදී හෝ සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න නොකිරීමට තීරණය කිරීමෙන් ජාත්‍යන්තරව ඇතිවීමට තිබූ අර්බුදයක්‌ තාවකාලිකව නැතිවී ගියේය.

එහෙත් අර්බුදය මුළුමනින්ම පහව ගොස්‌ නැත. අප කලින් කියා ඇති පරිදි දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය තවමත් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා එහිදී බටහිරයන් විසින් යොදා ගැනෙති. අද ඇතැම් පඬියන් (ප්‍රභාකරන් පැරැදවීමට නොහැකි යෑයි එදා කීවෝ ද ඔවුහුමය.) ඊනියා නැවත සංවිධානයවීම් (රීග්‍රෑපින්) යෑයි කියන්නේ අප එදා ද කී මේ ප්‍රවණතාවටය. ජනාධිපතිතුමා ද සරත් ෆොන්සේකා මහතා ද දෙමළ ජාතිවාදයේ හා බෙදුම්වාදයේ ක්‍රියාකාරීත්වය ගැන දනිති. අපට දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි වූයේ පළමුව ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය. දෙවනුව ආරක්‍ෂක ලේකම්තුමාගේ අප්‍රතිහත ධෛර්යය හා අධිෂ්ඨානය හා තුන්වැනුව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාගේ හමුදා මෙහෙයවීම් හා හතර වැනුම රණවිරුවන්ගේ කැපකිරීම් හේකුකොටගෙනය. අද ඇ. එ. ජනපදයේ උපක්‍රමය වැරැදී ගියේ ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා සරත් ෆොන්සේකා මහතා එක්‌ව ක්‍රියාකිරීම නිසාය. මතුවටද එක්‌ව ක්‍රියාකිරීම අවශ්‍ය වෙයි. ඒ අතර බටහිර ආධිපත්‍යයට එරෙහිව ප්‍රබල ජාත්‍යන්තර සංවිධානයක්‌ ගොඩනැඟීම ද කළ යුතු වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතාට එහි දී විශේෂ කාර්යභාරයක්‌ ඉටුකළ හැකිය.
 
Last edited:
  • Like
Reactions: Amalka101

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Kiyapu manz chatr unath aththa kathawa
    Manz chatr kiwwe mekai mama Prof. Nalin de Silva ge katha godak kiyawala tiyanawa,but mata danila thiyanawa porage samahara adahs hena jathiwadi wadi
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Sarath Fonseka Saga

    by Nalin de Silva
    2009/11/04/




    Apparently General Sarath Fonseka has been asked to give information on the Defence Secretary Mr. Gothabhaya Rajapaksa by the American state department and as neither them is a pavena parandela, our series on Pavena Parandel has to give way to add our two cents worth comments on the latest episode of the American involvement in our affairs. Both Sarath Fonseka and Gothabhaya Rajapaksa are "war heroes" and it is unfortunate that the relationship between them after the killing of Prabhakaran has not been very cordial. I use the words "war heroes" within inverted commas as there was no war in this country during the last sixty five years or so and we have experienced only operations against the JVP and the LTTE. Those were legitimate operations and only a humanitarian from the state department or his or her henchmen and henchwomen (or shall we say henchpersons) would think of war crimes against the President, Defence Secretary, Army Commander or any other officer in the armed forces. The Americans and the other westerners who have committed more war crimes against humanity during the last five hundred years or so in the name of western Christian modernity than during the entire previous history of mankind have no moral right whatsoever to speak of the so-called war crimes of the others. Even at present the Americans are involved in war crimes and it is well known that during the humanitarian operations against the LTTE under the leadership of General Sarath Fonseka the army behaved excellently setting an example to the Americans and the others.
    Neither Assistant Secretary of State Robert Blake nor Secretary of state Hillary Clinton could be considered a friend of Sri Lanka. It appears that Clinton has no clue as to where Sri Lanka is, except perhaps that it is closer to India than to the US, and what sort of problems the country faces. She is neither friend nor foe of Sri Lanka and as a seasoned politician she would not try to upset Sri Lanka on her own. Though Clinton made that infamous statement on using rape as a weapon by the Sri Lankan armed forces it would not have come from her pen or the word processor. However it is very unlikely that Robert Blake did not know anything about the statement before it was made.
    In our articles to The Island as well as Divaina we predicted long time ago that there was a possibility of framing charges of "war crimes" against the President and the others by the western countries. In fact, in one of the articles in Divaina we mentioned that it would not be advisable for the President to visit the western countries. Now General Sarath Fonseka is in the US and the US State Department will try to make use of the visit to harass the General and the government of Sri Lanka to take revenge for killing Prabhakaran. It is not clear who the State Department is targeting at present but what is clear is that in the long run neither the Rajapaksas nor the Fonsekas are safe in the US.
    It is the western oriented education that we receive in the schools and the universities that make us to seek greener pastures and green cards in the west. Certainly we do not dream of living in India or Myanmar if we have to leave Sri Lanka for some reason or other. Our educational system is more geared for employment in the west and we flee the country to seek freedom to the west if it is possible to do so. Some of us may have had experience of a sojourn in western Asia or the so-called middle east but it is entirely to make a quick buck (I am using the American jargon) and return home. The pastures are not so green in those parts of the world and neither would they issue green cards to the people from the rest of Asia.
    It is unfortunate that Gen. Sarath Fonseka had to go to the US at this juncture apparently in connection with his green card issued by the government of the US. As a person aspiring to become a citizen of the US, he could be questioned by the FBI or the Department of Homeland Security or the State Department. If the State Department questions one of the would be US citizens to gather information on the Defence secretary or any other official including the former commander of the army and the present chief of Defence staff it is tantamount to using would be USA citizens to spy on officials in so called friendly countries and it is downright treachery and nothing else. On the other hand if the General is questioned as the former commander and/or the present chief of Defence by the American Department of State, it almost amounts to declaring war against a so called friendly country.
    The government of Sri Lanka should immediately take action to mobilise the entire non western world against this high handed activities of the US. The former Non Aligned Movement should be reactivated, with the inclusion of Russia, China and other countries of the former socialist bloc as a countervailing force vis-a-vis the western countries. The government of Sri Lanka should lose no time in campaigning against the forced questioning of Gen. Fonseka. The US, which speaks of human and fundamental rights of individuals, should be forced to honour those rights of the General and allow him to return to Sri Lanka immediately if he wishes to do so.
    It is clear that if not for the political leadership given by the President, the operations against the LTTE would not have succeeded. He had the courage and the political conviction to stand up to pressure exerted by the western powers and to continue military operations. The Defence Secretary played a key role in carrying out military offensives and he, too, deserves the credit that he has been given. However, it is clear that the role played by Gen. Sarath Fonseka has not been appreciated enough and not much credit has been given to him. I may be wrong on this score but if so then it is the duty of the government to correct me.
    However, whatever credit given or not, Gen. Fonseka should not allow himself to be used by either the Opposition parties as the so-called common candidate or by the US State Department to frame charges against the Defence secretary.
    The government and the General have been provided with a golden opportunity to close ranks and work as a team once again this time against the mentors of separatism. The General on the other hand should disassociate himself from the local agents of separatism and terrorism in Sri Lanka in the Opposition ranks. The Americans, the UNP and the JVP are on the same wave length, as regards opposition to the present government, and the Americans and the UNP are trying to use whatever differences between the General and the government, again created by traitors with vested interests, to their advantage.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC


    :lol:
    He is a paid writer.
    How much he got?

    ඔයාට සිරිකොතෙන් ගෙවන ගානට වඩා වෑඩි නම් ඔයාට එයාගේ ජොබ් එක කරන්න පුලුවන්, නෑද්ද අතුල මහත්තයො