Kelaniya “රටට මතට තිත” බුදුන් වැඩි පින් බිමේ පන්ස
මහින්ද චිනතනය යටතේ මතට තිත සංකල්පය ක්‍රියාත්මක වන අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ බුදුන් වැඩිය පින් බිම ලෙස පූජනීයත්වයට පත් කැලණිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන 48 ක් දැනට පිහිටා ඇති අතර, මත්පැන්හල් 44 ක් ද ඇති බව කැලණිය ජනතාව පවසති. මෙම මත්පැන්හල් පවත්වාගෙන යෑමට කැලණියේ භාරකරු යැයි කියාගන්නා ප්‍රබල දේශපාලනඥයෙකු වන ඇමැතිවරයෙකුගේ අනුමැතිය හා කැලණිය හා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබී ඇතැයිද ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම මත්පැන්හල්වලින් ඉහත කී දේශපාලනඥයා මාසිකව කප්පම් ලෙස මුදල් අය කරන බවත්, ඇතැම් අවස්ථාවල එයට කැලණිය හා කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන්ද යොදවන බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.
මේ අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේ බස් රථ හිමියෙකු වන ජනප්‍රිය ගායකයෙකුට අයත් සූදු පොලක් ඇතුළු සූදු පොළවල් ගණනාවක්ද මේ වන විට කැලණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙක් කොතෙකුත් පැමිණිලි කළද පොලිසිය හෝ අදාල වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එයට හේතුවද මෙම මැර කමට ප්‍රසිද්ධ අදාල දේශපාලනඥයා බවත් පැවසේ.
Source :- http://wp.me/pI5Gy-3C

“රටට මතට තිත” බුදුන් වැඩි පින් බිමේ පන්සල් 48යි – තැබෑරුම් 44 යි