චූළ සුඤ්ඤත සූත්‍රය...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    චූළ සුඤ්ඤත සූත්‍රය...

    පින්වත් මිතුරනි,

    Ahmed මිතුරා ඇරඹු thread එකක මජ්ඣිම නිකායේ, උපරි පණ්නාසකයේ එන චූළ සුඤ්ඤත සූත්‍රයේ කොටසක් ගැන විමසා තිබුණා. එම සූත්‍රය, විමසීමට පෙර, වෙනම thread එකක පල කිරීමට සිත් වුවා...
    මෙය උපුටා ගන්නා ලද්දේ මහමෙව්නා බෝධිඥාන ත්‍රිපිටක පරිවර්තන යෙන්. මෙයට පෙර දිග post එකක් නිසා ඇති වූ ගැටළු සහගත තත්වයක් නිසා මෙය කොටස් 6න් පළ කරන්නේ. මේ thread එකේ පහළට කියවා ගෙන යන්න...

    බලන්න බුදු රජාණන් වහන්සේ ශූන්‍යතාව සරල ලෙස, ක්‍රම ක්‍රමයෙන් විස්තර කර දෙන හැටි...

    තෙරුවන් සරණයි!

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    3. සුඤ්ඤත වග්ගෝ
    3. සුඤ්ඤත වර්ගය
    3.3.1.
    චූළ සුඤ්ඤත සූත්‍රය
    ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ කුඩා දෙසුම

    මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

    "ස්වාමීනී, එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ ශාක්‍යවරුන්ගේ නාගරක කියන නියම්ගමේ. ඉතින් ස්වාමීනී, එහිදී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිම අසන ලද, පිළිගන්නා ලද දෙයක් තියෙනවා. 'පින්වත් ආනන්ද, මං මේ දිනවල බහුලව වාසය කරන්නේ ශූන්‍යතා විහරණයෙන්ය' කියලා. ස්වාමීනී, ඇත්තෙන්ම මා විසින් අසන ලද එම කරුණ මනා කොට ඇසූ දෙයක්ද? මනා කොට පිළිගත් දෙයක්ද? මනා කොට මෙනෙහි කළ දෙයක්ද? මනා කොට විමසූ දෙයක්ද?"

    "පින්වත් ආනන්ද, ඒකාන්තයෙන්ම ඔබගේ ඒ ඇසීම මනා කොට ඇසූ දෙයක්ම යි. මනා කොට පිළිගත් දෙයක්ම යි. මනා කොට මෙනෙහි කළ දෙයක්ම යි. මනා කොට විමසූ දෙයක්ම යි. ආනන්දය, මං ඉස්සරත්, දැනුත් බහුලව වාසය කරන්නේ ශූන්‍යතා විහරණයෙන් තමයි. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. මේ මිගාරමාතු ප්‍රාසාදය ඇතුන්ගෙන්, ගවයින්ගෙන්, අශ්වයින්ගෙන්, වෙළඹුන්ගෙන් ශූන්‍ය තැනක්. ඒ වගේම රන්, රිදී, මිල මුදලිනුත් ශූන්‍යයයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ පිරිස් පැමිණීමෙනුත් ශූන්‍යයයි. එහෙම වුනත් මේ ප්‍රාසාදයේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුසංඝයාගේ වාසය හේතුකරගෙන ඇති වන එකම ආකාර බවක් ඇද්ද, ඒක නම් තියෙනවා.

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් ආනන්ද, ඔන්න ඔය අයුරින් භික්ෂුව ගම පිළිබඳව ඇති සඤ්ඤාව මෙනෙහි නොකර, මිනිසුන් පිළිබඳව ඇති සඤ්ඤාවත් මෙනෙහි නොකර, අරණ්‍ය පිළිබඳව සඤ්ඤාව හේතුකොට ගෙන ඇතිවන එකම ආකාර බවක් ඇද්ද, එය පමණක් මෙනෙහි කරනවා. එතකොට ඒ අරණ්‍ය සඤ්ඤාව තුළ සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මැනැවින් බැසගන්නවා.

    එතකොට ඒ භික්ෂුව මෙහෙමයි දැනගන්නේ. 'ගම පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. මිනිසුන් පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩා මාත්‍රයක් තියෙනවා. ඒ අරණ්‍ය සඤ්ඤාව හේතුවෙන් ඇතිවන එකම ආකාර බවයි.' එතකොට ඔහු මේ අරණ්‍ය සඤ්ඤාව ගම පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ අරණ්‍ය සඤ්ඤාව මිනිසුන් පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ අරණ්‍ය
    සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව මනුෂ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, අරණ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, පෘථුවි සඤ්ඤාව හේතු කොටගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත පෘථුවි සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.

    පින්වත් ආනන්දය, එය මේ වගේ දෙයක්. හුල් සියයකින් ඇනපු, ගව හමක් හොඳට දිගඇරලා, ඇදලා, රැළි නැතුව තියෙනවා වගෙයි. ඒ වගේම භික්ෂුව මේ පොළොවේ උස් පහත් තැන් ඇද්ද, ගංඟාවන් ඇද්ද, වළ ගොඩැලි ආදී තැන් ඇද්ද, කඳු හෙල් විෂම පර්වත බෑවුම් ඇද්ද, ඒ සෑම දෙයක්ම මෙනෙහි නොකොට පෘථුවි සඤ්ඤාව හේතුවෙන් ඇතිවෙන එකම ස්වභාවයක් ඇද්ද, එය විතරක් මෙනෙහි කරනවා. එතකොට පෘථුවි සඤ්ඤාව තුළ තමයි ඔහුගේ සිත බැසගන්නේ. පහදින්නේ. පිහිටන්නේ. හොඳින් බැසගන්නේ.

    එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'මනුෂ්‍ය සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ පෘථුවි සඤ්ඤාව තුළ නෑ. අරණ්‍ය සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ පෘථුවි සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය පෘථුවි සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ පෘථුවි සඤ්ඤාව, මිනිසුන් පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ පෘථුවි සඤ්ඤාව, අරණ්‍ය සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ පෘථුවි සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව අරණ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, පෘථුවි සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකාසානඤ්චායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත ආකාසානඤ්චායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා. එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'අරණ්‍ය සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ ආකාසානඤ්චායතන සඤ්ඤාව තුළ නෑ. පෘථුවි සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ ආකාසානඤ්චායතන සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය ආකාසානඤ්චායතන සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ ආකාසානඤ්චායතන සඤ්ඤාව, අරණ්‍ය සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ ආකාසානඤ්චායතන සඤ්ඤාව, පෘථුවි සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව පෘථුවි සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකාසානඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.

    එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'පෘථුවි සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව තුළ නෑ. ආකාසානඤ්චායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව, පඨවි සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව, ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳ ව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව ආකාසානඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන
    ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා. එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'ආකාසානඤ්චායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව තුළ නෑ. විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක්
    නම් තියෙනවා. එය ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව, ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව, විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින්
    දැනගන්නවා. ඔය ආකාරයට පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.

    එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව තුළ නෑ. ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව, විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව, ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, අනිමිත්ත චිත්ත සමාධිය හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත අනිමිත්ත චිත්ත සමාධියෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.

    එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ අනිමිත්ත චිත්ත සමාධිය තුළ නෑ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ අනිමිත්ත චිත්ත සමාධිය තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය වනාහී 'මේ කය නිසාම, ආයතන හයකින් යුතු ජීවිතය නිසාම ඇති වූ පීඩාවක්ය' කියලා.

    එතකොට ඔහු මේ අනිමිත්ත චිත්ත සමාධි සඤ්ඤාව, ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ අනිමිත්ත චිත්ත සමාධි සඤ්ඤාව, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ මේ කය නිසාම, ආයතන හයකින් යුතු ජීවිතය නිසාම ඇති වූ පීඩාවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, අනිමිත්ත චිත්ත සමාධිය හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහු ගේ සිත අනිමිත්ත චිත්ත සමාධියෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.

    එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'මේ අනිමිත්ත චිත්ත සමාධිය' කියන්නේ විශේෂයෙන්ම සකස් කරපු දෙයක්. විශේෂයෙන්ම චේතනාවකින් සකස් වූ දෙයක්. ඉතින් 'විශේෂයෙන්ම සකස් වූ දෙයක් ඇද්ද, විශේෂයෙන් චේතනාවකින් සකස් කළ දෙයක් ඇද්ද, එය අනිත්‍යයයි. නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි' කියල දැනගන්නවා. ඔය විදිහට නුවණින් දන්නා විට, දක්නා විට කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු විට නිදහස් වුණු බවට ඤාණය ඇතිවෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. තවදුරටත් කළ යුතු දෙයක් නැතැ'යි දැනගන්නවා.

    ඊළඟ post එක හා සම්බන්ධයි...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    එතකොට ඔහු මෙහෙම නුවණින් දැනගන්නවා. කාමාශ්‍රවයන් නිසා හටගන්නා වූ යම් පීඩාවක් ඇද්ද, එය මේ අරහත්ඵලය තුළ නෑ. භවාශ්‍රවයන් නිසා හටගන්නා වූ යම් පීඩාවක් ඇද්ද, එය මේ අරහත්ඵලය තුළ නෑ. අවිද්‍යාශ්‍රවයන් නිසා හටගන්නා වූ යම් පීඩාවක් ඇද්ද, එය මේ අරහත්ඵලය තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් තියෙනවා. ඒ මේ ආයතන හයකින් යුතු කය නිසාම, ජීවිතය නිසාම ඇතිවෙන පීඩාව විතරයි. එතකොට ඔහු මේ අරහත්ඵල සඤ්ඤාව කාමාශ්‍රවයෙන් ශූන්‍ය වූ දෙයක් බව දැනගන්නවා. මේ අරහත්ඵල සඤ්ඤාව භවාශ්‍රවයෙන් ශූන්‍ය වූ දෙයක් බව දැනගන්නවා. මේ අරහත්ඵල සඤ්ඤාව අවිද්‍යාශ්‍රවයෙන් ශූන්‍ය වූ දෙයක් බව දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ මේ කය නිසාම, ආයතන හයකින් යුතු ජීවිතය නිසාම ඇතිවන පීඩාවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයට පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, පරම අනුත්තර වූ ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.

    පින්වත් ආනන්ද, අතීතයෙහි සිටි යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියකට පැමිණ වාසය කළාද, ඒ හැමෝම මේ පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියට පැමිණිලයි වාසය කළේ. ඒ වගේ ම පින්වත් ආනන්ද, අනාගතයේ පහළ වන යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියකට පැමිණ වාසය කරත්ද, ඒ හැමෝම මේ පාරිශුද්ධ වූ,
    පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියට පැමිණිලයි වාසය කරන්නේ. ඒ වගේම පින්වත් ආනන්ද, වර්තමානයේ සිටින යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියකට පැමිණ වාසය කරනවා නම්, ඒ හැමෝම මේ පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියට පැමිණිලයි වාසය කරන්නේ. එනිසා පින්වත් ආනන්ද, අපිත් පාරිශුද්ධ වූ, පරම අනුත්තර වූ, ශූන්‍යතා සමාපත්තියට පැමිණ වාසය කරමු'යි කියල පින්වත් ආනන්ද, ඒ විදිහටයි හික්මිය යුත්තේ."

    භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

    සාදු! සාදු!! සාදු!!!

    ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ කුඩා දෙසුම නිමා විය.

     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    අනේ ඔබට ගොඩක් පින්.. බුද්දාගම ගැන තව තවත් කුතුහලය උනන්දුව වැඩෙනවා ඔබහැම නිසා..ඔය කියන ආකාරයට මේ ඉතා සියුම් සිතක් ගැන බොහෝම ගැඹුරු දහම් කාරනාවක් වගේ මට පෙනෙන්නෙ..මට තාම මෙව්වා ගැන තේරුම මදි..නමුත් හරිම ආශාවක් තියෙනවා මේවා එගෙනගන්න.. ටික ටික ඉගෙන ගන්න ඕනේ..ඔබලාගේ උදවු දිගටම ලැබෙයි කියා ස්තුතිවන්ත වෙනවා නැවතත්.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    අනේ ඔබට ගොඩක් පින්.. බුද්දාගම ගැන තව තවත් කුතුහලය උනන්දුව වැඩෙනවා ඔබහැම නිසා..ඔය කියන ආකාරයට මේ ඉතා සියුම් සිතක් ගැන බොහෝම ගැඹුරු දහම් කාරනාවක් වගේ මට පෙනෙන්නෙ..මට තාම මෙව්වා ගැන තේරුම මදි..නමුත් හරිම ආශාවක් තියෙනවා මේවා එගෙනගන්න.. ටික ටික ඉගෙන ගන්න ඕනේ..ඔබලාගේ උදවු දිගටම ලැබෙයි කියා ස්තුතිවන්ත වෙනවා නැවතත්.

    පින්වත් මිතුර, මේ පිළිතුර ත් බලන්න කෝ
    http://www.elakiri.com/forum/showpost.php?p=5914374&postcount=2

    අපට ධර්ම මාර්ගයේ බොහෝ දුර යන්න තියෙන බව නේ ද පෙනෙන්නේ?

    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Good explanation

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!


    "පින්වත් ආනන්ද, ඒකාන්තයෙන්ම ඔබගේ ඒ ඇසීම මනා කොට ඇසූ දෙයක්ම යි. මනා කොට පිළිගත් දෙයක්ම යි. මනා කොට මෙනෙහි කළ දෙයක්ම යි. මනා කොට විමසූ දෙයක්ම යි. ආනන්දය, මං ඉස්සරත්, දැනුත් බහුලව වාසය කරන්නේ ශූන්‍යතා විහරණයෙන් තමයි. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. මේ මිගාරමාතු ප්‍රාසාදය ඇතුන්ගෙන්, ගවයින්ගෙන්, අශ්වයින්ගෙන්, වෙළඹුන්ගෙන් ශූන්‍ය තැනක්. ඒ වගේම රන්, රිදී, මිල මුදලිනුත් ශූන්‍යයයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ පිරිස් පැමිණීමෙනුත් ශූන්‍යයයි. එහෙම වුනත් මේ ප්‍රාසාදයේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුසංඝයාගේ වාසය හේතුකරගෙන ඇති වන එකම ආකාර බවක් ඇද්ද, ඒක නම් තියෙනවා.
    පින්වත් ආනන්ද, ඔන්න ඔය අයුරින් භික්ෂුව ගම පිළිබඳව ඇති සඤ්ඤාව මෙනෙහි නොකර, මිනිසුන් පිළිබඳව ඇති සඤ්ඤාවත් මෙනෙහි නොකර, අරණ්‍ය පිළිබඳව සඤ්ඤාව හේතුකොට ගෙන ඇතිවන එකම ආකාර බවක් ඇද්ද, එය පමණක් මෙනෙහි කරනවා. එතකොට ඒ අරණ්‍ය සඤ්ඤාව තුළ සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මැනැවින් බැසගන්නවා.

    එතකොට ඒ භික්ෂුව මෙහෙමයි දැනගන්නේ. 'ගම පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. මිනිසුන් පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩා මාත්‍රයක් තියෙනවා. ඒ අරණ්‍ය සඤ්ඤාව හේතුවෙන් ඇතිවන එකම ආකාර බවයි.' එතකොට ඔහු මේ අරණ්‍ය සඤ්ඤාව ගම පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ අරණ්‍ය සඤ්ඤාව මිනිසුන් පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ අරණ්‍ය
    සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.



    "As this palace of Migara's mother is empty of elephants, cows, horses and mares, empty of gold and silver, of assemblages of men and women, and there is only this that is not emptiness, that is to say the solitude grounded on the Order of monks; (grounded on, in this context, means dependent upon, contingent upon the Order of monks) even so, Ananda, a monk, not attending to the perception of village, of human beings, attends to solitude grounded on the perception of forest, (the perception of forest means the awareness of forest; means the monk is in the forest, there are other people around him and there is a village nearby. Not attending to those but being aware of the forest as a whole. His solitude is dependent upon the perception of forest only). His mind is satisfied with, pleased with, set on and freed in the perception of forest. (This does not mean that he is undergoing a wonderful pleasure, or any such thing. His mind is pleased, satisfied with, this awareness of forest as such). He comprehends thus: "The disturbances there might be resulting from the perception of village do not exist here; nor from the perception of' human beings. Those disturbances do not exist here." Let us take an analogy out of our own experience. When we are all together in the dining room, 150 of us, or however many there are, we are all talking away! There is the clatter of knives and forks, and so on. Loud laughter! And these are all the disturbances that one feels, if one is aware of the people, knives and so on. But if one is aware only in terms of the dining room as a whole, or of the meal, as such, then there are no disturbances). So the monk comprehends, 'This perceiving is empty of the perception of village, is empty of the perception of human beings and there is only this that is not emptiness, namely the solitude dependent upon the perception of forest.' (Do you get the idea? Awareness; clear awareness, full attention upon the whole - in which the parts are included - renders the separate parts as empty in relation to his consciousness; this is Void! These parts are Void with respect to his awareness). "He regards that which is not there as empty of it ' But in regard to what remains (that is, in this case, the forest as such) he comprehends, 'That being, this is." (Now the reference here, there is no further explanation, that being, the forest being, there is only this degree of disturbance, namely the perception of the forest as a whole).

    "Thus, Ananda, this comes to be for him a true, not a mistaken, utterly purified realisation of emptiness." (There is a true, purified realisation of emptiness with respect to the village, with respect to human beings. Thus far, it is a true realisation).


    http://www.andrew-may.com/zendynamics/emptiness.htm