ධම්මපදයෙන් අපේ දිවියට - 4

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    ධම්මපදයෙන් අපේ දිවියට - 4



    ෴ යමක වග්ග ෴
    පින්කළ තැනැත්තාට සතුට වැඩේ
    ධම්මික උපාසකතුමා (ගාථා අංකය 16)

    ෴෴

    6.jpg

    කුසල් කළ තැනැත්තා මෙලොව හා පරලොව බොහෝ සේ සතුටු වෙයි.

    ෴෴


    ඉධ මෝදති මෙච්ච මොදති
    කතපුඤ්ඤෝ උභයත්ත මොද්ති
    සො මොදති සො පමෙදති
    දිස්වා කම්මවිසුද්ධි'මත්තනො


    ෴෴

    අදහස : පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටුවෙයි. තමාගේ පිවිතුරු කම් දැක විශේෂයෙන් සතුටු වෙයි.

    ෴෴

    නිධාන කථාව :
    සැවැත්නුවර දැහැමින් සෙමින් කල් ගෙවන ධම්මික නම් උවසුවෙක් විසීය. ඔහු බොහෝ උවසුවන්ට ප්‍රධානය. අනුන්ට උපදෙස් දීමෙහි ඇදුරෙකි. ලොකු ධනවතෙක් නොවූවත් හේ උසස් ගුණවතෙකි. එසේම සිල්වතෙකි. ඉතා දැහැමි වූ ඔහුට දරුවෝ තුදුස් දෙනෙක් වූහ. සත් දෙනෙක් පුත් කුමරුවෝය. සත් දෙනෙක් දූ කුමරියෝය. බිරිඳ සැමියාටම සැසඳෙන ගුණවතෙකි. සිල් රැක්මෙන් ද පතිවත රැක්මෙන් ද යුක්තව වෙසේ. සැමියා සේම පිනට බොහෝසේ ලැදිය. දරුවෝද දෙමාපියන් අනුව යති. දන් පින් නිතොර කෙරෙන අතර සෑම විටම ස්ලාක දන් දෙයි. මේ පවුලට නිකැළැල්ය. ධනවත් කමට වඩා ගුණවත් කමට පසිඳු ය. මහ උවසු කෙමෙන් මහලු විය. ලෙඩ වී මරණයද ළංවිය.

    පියාගේ දහම් ඇසීමේ ද සඟුන් දැකීමේ ද ආශාව දත් දරුවෝ සඟුන් වැඩමවීම සඳහා දෙව්රම් වෙහෙරට සැලකොට යැවූහ. සඟුන් සොළොස් නමක් වැඩමවා උවසුගේ ඇඳවටා මොනවට පනවා තිබුණු අසුන්හි වැඩ උන්හ. උවසුගේ සොම්නස මහත් විය. සිල්වතුන් වහන්සේගේ දැකීම මට ඉතා ප්‍රියය ය. මම ජරාවෙන් හා රෝගයෙන් පෙළෙමින් සිටින්නෙමි. මගේ ඉඳුරෝ දුබලව ගියහ. බණ අසනු කැමැත්තෙමි. සතිපට්ඨාන සූත්ර්ය මට බොහෝ පුහුණුය. එය වදාළ මැනව යි පැවසීය.

    සතිපට්ඨාන සූත්‍රය දේසනා කරන කල දෙව්ලෝවල දෙව්හු අවුත් අහස සිටගත්හ.උවසුවට ගති නිමිති පහළවිය. පිළිගැනීමට සැපත් දෙවියන්ගේ අයැදුම නොපිළිගෙන අසන දහමට අවසරය ගනු සඳහා 'ටිකක් නවතින්න, ටිකක් නවතින්නැ'යි පැවසීය. ඒ දෙවියන්ට කළ දැන්වීමකි. එහෙත් තෙරුන් වහන්සේලා එය තමන්ට කළ අයදුමකැයි සලකා බණ දෙසුම නවතා වෙහෙරට වැඩියහ. උවසුතෙම කළුරිය කොට තුසිත දෙව්ලොව පිළිසිඳ ගත්තේය. සඟුන් ඒ කරුන බුදුරදුන්ට සැලක්ළ කල්හි, උවසුනට ගති නිමිති පහලවී කැටිව යාමට සපැමිණි දෙවියන් සමග ඒ කතාව කළ බව පවසා පින් කළවුන් මෙලොවත් මොනවට සතුටු වෙමින් වැස පරලොවත් අපමණ සැපවිඳ බොහෝ සෙයින් සතුටු වන බවද වදාළ සේක.


    ෴෴
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදූ! සාදු!! සාදු!!!
    මිතුර, බොහොම පින් ඔබට... :)

    තෙරුවන් සරණයි!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    gathi-nimithi kiyanne monawada bro..

    මං දන්න හැටියට ඊළඟ උපත සිදුවන තැනට අදාල සළකුණු: දිව්‍ය ලෝකෙ යන අයට දෙවිවරු පෙන එක; අපායෙ යන අයට ගිනි දැල් පේන එක...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මං දන්න හැටියට ඊළඟ උපත සිදුවන තැනට අදාල සළකුණු: දිව්‍ය ලෝකෙ යන අයට දෙවිවරු පෙන එක; අපායෙ යන අයට ගිනි දැල් පේන එක...

    Ooh!...i got it...thx for the info bro..:D