ධම්මපදයෙන් අපේ දිවියට - 6,7
෴ යමක වග්ග ෴
සිත විනිවිද යන රාගය
නන්ද තෙරුන් වහන්සේ (ගාථා අංක 13,14)
෴෴
❝භාවනාවෙහි නො වැඩුන සිත තුළ රගය විනිවිද යයි.❞
෴෴
යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගෝ සමති විජ්ඣති
අදහස : මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුනු නොකළ සිත රාගයෙන් තෙත් වෙයි.
නිධාන කථාව :
රජගහ නුවර වැඩ විසූ බුදුරදහු පිය රජතුමන්ගේ අයදීම පිළිගෙන කිඹුල්වත් පුරයට වැඩි සේක. ඒ සමග පිරිවර සවුවෝ විසි දහසක් පමණ වූහ. එහිදී පියවූ සුදොවුන් මහරජුන් සෝවාන් සකෘදාගාමි අනාගාමි යන මග පලයන්හිද, මරණ සමීප කල රහත් පලයෙහිද පිහිටුවූ සේක. නන්ද කුමරුගේ අබිසෙස් (වොටුනු පැළඳවීමේ) මඟුලය, රජමැදුර පිවිසීමේ මඟුලය, ආවාහ මඟුලය යන තෙමඟුල එකම දවසක සිදුකිරීමට නියමිතව තිබුණි. නන්ද කුමාරයෝ ගිහි සබඳකමින් ද බුදුරදුන්ගේ සහෝදරයෝය. කුඩා මවු දේවියගේ පුතණුවෝ ය.
ආවාහ මඟුලට නියමිතව සිටියේ බොහෝ පසිඳු වූ රූසිරියෙන් අගපත් ජනපදකල්යාටනි කුමරිය සමඟය. නන්ද කුමරුගේ සිත සිය පෙම්වතිය කෙරෙහිද ජනපද කල්යා ණි කුමරියගේ සිත සිය පෙම්වතා කෙරෙහිද තදින් ඇලි පැවතිණ. එහැම මගුලට පෙර බුහුරදහු පැවිදි මගුලට නන්ද කුමරුන් කැඳවූහ. 'අරියපුත පෙම්වත, පෙරලා වහා එන්න', යි කුමරිය කියද්දී පෙම්වතී සොවින් පෙළෙද්දී නන්ද කුමරු පැවිදි විය. එහෙත් ජනපදකල්යාණී පෙම්වතාගේ ඊම නිතොර පැතුවාය. පෙම්වතී කෙරෙහි තදින් බැඳුනු පෙම්හද කකියා ගිය නන්දයෝ සසුනේ නොඇලී සිව් රු හරණට සූදානම් වූහ.
බුදුරජාණන් වහන්සේ මේ බව දැන නන්ද තෙරුන් තමන් වහන්සේ ඉදිරියට කැඳවා ඒ සත්යරයිදැයි ඇසූහ. නන්ද ස්ථවිරයන් වහන්සේ ඒ එසේයැයි කී කල්හි කුමක් නිසා ශාසනයට නොඇලුණහුද? බඹ්සර රකින්නට ඇති අපහසුව කුමක්ද? කුමක් නිසා ගිහි වන්නට සිතුවහූද? කියවූ යයි වදාළ සේක. ස්වාමිනි ශාක්යම දුවකවූ ජනපදකල්යාණි එදා අප ගෙදරින් එද්දී ම දැක අඬ අඬා දුව ඇවිත් ආරිය පුත්රසය වහා එන්නැයි කී වචනය මට නිතර සිහි වේ. ඒ සිහිවන විට මගේ ගත සිත පෑරී යයි. සසුනෙහි ඇලුම් නැතිවේ. නිතර සිහියට නගින්නේ ජනපදකල්යාණියයි. එහෙයින් මහනකමට සිත නොනගී. සිවුරු හැර යාමට අදහස' ය යි නන්ද තෙරුන් කී විට බුදුන් වහන්සේ තෙරුන් අත ගෙන ඉදු බලයෙන් තව්තිසා දෙව් ලොවට ගෙනයන්නෝ අතර මග මිනිසුන් දැවූ හේනක දැවීගිය කණුවක් මත හුන් දැවුන කන් නාසා හා වලිගා ඇති එක් පුළුටු වැඳිරියක පෙන්වා දෙව්ලොවට නැග එහි සක් දෙව් රජුට උපස්ථානයට ආ පරවියන්ගේ පා වැනි පා ඇති දැකුම් කලු දෙවඟනන් පන්සීයක් දැක්වූ සේක.
අනතුරුව තෙරුන් අමතා නන්දය, දැන් ඔබ ගේ අදහස කෙසේද? ජනපද කල්යා ණිය ඔබගේ සිත් ගන්නේද? මේ දෙවඟනන් සිත් ගන්නේද? වඩා දැකුම් කළු කවුරුන්ද? ජනපද කල්යාණියද හැඩ? මේ දෙවඟනන්ද? කියන්න, නන්දය, ඔබේ සිත් ඇලුනේ කවුරුන් කෙරෙහිදැ' යි කියවු යි' වදාළ සේක. එවිට නන්ද ස්ථවිරයන් වහන්සේ ස්වාමිනි, ජනපද කල්යාණිය අප එද්දී අතර මගදී කපාහල කන් නාසා හා වලිග ඇති පුළුටු වැඳිරිය වැනිය. ඈ මේ දෙවඟනන්ට මොන ලෙසකින්වත් සම නොවේ. මේ දෙවඟනෝ හැඩය. දැකුම් කළුය. මා සිත් ගනිති'යි කීහ. බුදුරජාණන් වහන්සේ එසේ නම් ඔබ සසුන්හි සිත් අලවා බඹසර රකින්න. මම දෙවඟනන් පන්සීයක් ලබා දීමට ඇප වෙමියි. වදාල විට ස්වාමිනි මට දෙවඟනන් පන්සීයක් ලබාදීමට ඇප වන සේක් නම් මම භාග්ය.වතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරෙමි'යි තෙරුන් වහන්සේ කීහ. බුදුන් වහන්සේ නැවත නන්ද තෙරුන් දෙව්රම් වෙහෙරට කැඳවාගෙන ආහ.
එවේලේ එහි භික්ෂූ වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ කුඩා මෑණියන්ගේ පුත් නන්ද තෙරණුවෝ දෙවඟනන් ලබා ගැනීමට බඹසර රකිතියි ද උන් ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ ඇපවූහ'යි ද දැන 'ඒකද' නන්ද ස්ථවිරයන් කුලියට වැඩ කරන්නෙක, විකුණා ගන්නා ලද්දෙක, දෙවඟනන් ලබා ගැනීමට බඹසර හැසිරෙන්නෙක, බුදුරජාණන් වහන්සේ ඔහුට දෙවඟනන් පන්සීයක් ලබාදෙන්නට පොරොන්දු වූහ'යි නන්ද තෙරුන්ට අපහාස ලෙසින් කථා කරන්නට වූහ. එවිට ස්ථවිර තෙමේ යහළුවන්ගේ ඒ කථාවෙන් හටගත් ලජ්ජාවෙන් මිරිකුනේ පෙළුනේ, එයින්ම භික්ෂු පිරිසෙන් වෙන්ව ගියේ, තනිවූයේ, අප්ර,මාද වූයේ, කෙලෙස් තවන වීර්ය ඇත්තේ, අත්හල ආත්ම ආලය ඇත්තේ, රාග සිතට නිගා කොට පිළිකුල් කොට භාවනා වඩා වැඩි දවස් නොයවාම රහත් ඵලයට පැමිණියේය. ඒ නිමිති කොට බුදුරදහු භාවනා වශයෙන් නොවැඩූ සිත රාගය විනිවිද යන බව ද භාවනාවේ හොඳට වඩා පුරුදුවූ සිත රාගය විනිවිද නොයන බවද වදාළ සේක.
෴ යමක වග්ග ෴
භාවනා සිත රාගයෙන් නො කෙලෙසේ
නන්ද තෙරුන් වහන්සේ (ගාථා අංක 13,14)
෴෴
❝හොඳින් පුරුදු කළ භාවනාවෙහි වැඩුණු සිත තුළ රාගය විනිවිද නොයේ.❞
යථා අගරං සුච්ඡන්නං
වුට්ඨී න සමති විජ්ඣති
එවං සුභාවිතං චිත්තං
රාගො න සමති විජ්ඣති
අදහස : මනාව සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුනු කළ සිත රාගයෙන් නොතෙමෙයි.