නියාම ධර්ම

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බෞද්ධ කර්ම සංකල්පයට අනුව කයින් සිදුවන දෙයකට වුවද මනසේ සබඳතාවක් නොවන‍හොත් එය කර්ම ගණයට නොවැටේ. කර්ම ලෙස හැදින්වෙන්නේ සිතා මතා කරන ක්‍රියාවන්ය. සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම කරන බැවින් “මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා ‍කොට ඇත. සම්පූර්ණ කර්මයක් සිදුවීමට චේතනාව පමණක් ප්‍රමාණවත් නැත. නමුත් ප්‍රධාන වන්නේ චේතනා බැවින් එය කර්මය ලෙස හඳුන්වනු ලැබේ.එසේ චේතනාව මුල් කොට ඇති ක්‍රියා කර්මය ලෙස හැඳින්වීම බෞද්ධ කර්මය ‍සංකල්පයෙහි විශේෂත්වයකි.

පුද්ගල ජීවිතය හා බැදුණු සෑම සිද්ධියක්ම පෙර භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යයි නූහැන්වීම ද බෞද්ධ කර්ම ධර්මයේ විශේෂත්වයකි. පුබ්බේකත හේතුවාදය හෙවත් සියල්ල ම පෙර කර්මය අනුව සිදුවෙතැයි කැරෙන ඉගැන්වීම වැරදි දෘෂ්ඨියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඇතැම් සිද්ධි පෙර කර්ම බලපෑමෙන් විය හැකිය. ඇතැම් ඒවා කාලගුණික දේශගුණික විපර්යාසය අනුව මෙන්ම ආර්ථික සාමාජික බලපෑම් අනුවද විය හැකිය. බුදුදහමේ නියාම ධර්ම පිළිබඳව උගන්වන්නේ මෙම කරුණ පැහැදිලි කිරීමටය.:yes:

නියාම ධර්ම පහකි.

1. උතු නියාම

2. බීජ නියාම

3. කම්ම නියාම

4.
ධම්ම නියාම

5.
චිත්ත නියාම

උතු නියාමය නම් ඒ ඒ සමයන්හි ඇති වන කාලගුණික වෙනස් වීම්ය දැඩි නියං කාලයක ජලය හිඟ වීම , ගොවිතැන් පාළු වීම, ආහාර පාන දුර්ලභ වීම, බෝවන රෝග බහුල වීම, ආදිය නිසා පුද්ගලයාට කරදර හිරිහර සිදු වෙයි. වර්ෂාපතනය සම ව සිදුවන කාලවල එම දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු නොවේ. මේ වෙනසට හේතු වූයේ පුද්ගලයාගේ කර්මය නොව කාලගුනික වෙනස්වීම් ය.

කොස් ඇටයකින් කොස් පැලයක් හට ගන්නේ බීජ නියාමය අනුවය. දරුවන් මවුපියන්ගේ හැඩරුව ගැනීමද බීජ නියාමයට අනුව සිදු වන්නකි. ගමනක් විලාසය, කටහඩ ආදිය ද මවුපියන්ගේ බීජ උරුමයට අනුව සිදු වේ. රූමත් මවුපිය දෙපලකට අතිශයින් විරූපී දරුවකු ලැබුනහොත් එහිදී බීජ නියාමය පරදවා ඇතැම් විට කර්ම නියාමය ක්‍රියාත්මක විනැයි සිතිය හැකිය.

කර්මයක් සිදු වූ විට විපාක ගෙන දෙන ශක්තියක් එහිම ඇතුලත් වේ. බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමමකින් හෝ බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමකින් තොරව සුදුසු පරිසරයක් ගොඩ නැගුනු විට විපාකය ඉදිරිපත් වේ. විපාකය ඉදිරිපත් වන්නේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් වශයෙනි.
ඇතැම් කර්ම මේ ජීවිතයේදී ම විපාක දෙන අතර ඇතැම් ඒවා ළඟ ආත්ම භාවයේදී විපාක දෙයි. සසර කවදා හෝ විපාක දිය හැකි කර්ම ද ඇත. ඇතැම් කර්ම විපාක නොදී අහෝසි වී යයි. කරමයන්ගේ මේ ස්වභාවය කර්ම නියාමයයි.

ස්වාභාවික ව පුද්ගලයෙක් වයස්ගත වීම, ඔවුන්ගේ කෙහෙ රවුලු පැසීම, ඇඟ රැලි වැටීම, දත් හැලීම, ආදිය ධම්ම නියාමය පැහැදිලි කැරෙන නිදසුන්ය. ඒවා අතීතයේ කරන ලද කර්මයන්ගේ විපාක ලෙස හැඳින්විය නොහැකිය.

සිත් ඇතිවීම, නැතිවිම, ක්ෂණිකව සිදුවන්නකි.ඉතා දුර වහා ගමන් කරන ශක්තියක් සිතෙහි ඇත. එක් ක්ෂණයක සිත් දෙකක් ඇති නොවේ. ලෝභ චේතනාදියෙන් යුක්ත වූ විට සිත ඊට අනුව ක්‍රියාත්මක මේ. ඒ සිතේ ස්වභාවයයි. චිත්ත නියාමය ලෙස හැඳින්වෙන්නේ මෙම ස්වභාවයයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
උතු බීජ නියාමොච
කම්ම ධම්ම නියාමතා
චිත්තස්සච තියාමො
ඤෙය්‍යා පඤ්ඤ නියාමතා
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම පින්.

බෞද්ධයො හුඟක් වෙලාවට පටලව ගන්න දෙයක් මේ. මොක වුණත් 'ඒ මගෙ කරුමෙ' කියල හිතන්නයි හුඟක් අය පෙලඹෙන්නෙ. විභාග අසමත් වෙන්නෙත් කරුමෙට; ලෙඩ වෙන්නෙත් කරුමෙට; කැමති අය දාල යන්නෙත් කරුමෙට; බස් එක වැරදෙන්නෙත් කරුමෙට....:oo:

නමුත් නියාම ධර්ම ගැන කතා කළාම තේරෙනවා අපට සිද්ධ වෙන දේවල්වලට තවත් දේවල් බලපාන බව. ඒ නිසාම තමයි අපට වෙන්න ඉඩ තියෙන යම් අනතුරක්, කරදරයක් වළකා ගැනීමෙ හැකියාව අපට ලැබෙන්නෙත්. වැස්ස දවසට කුඩයක් අරන් ගියානම් 'කරුමෙට' තෙමෙන්න වෙන්නෙ නෑ.(උතු නියාම) වෙලාවට නැගිටලා, ලෑස්ති වෙලා ගමනක් යනවනම් 'කරුමෙට' සිද්ද වෙනව කියල හිතන් ඉන්න ගොඩක් නරක දේවල් වළක්වා ගන්න පුළුවන්.

චිත්ත නියාම ගැන තව පැහැදිලි කරන්න පුළුවන්ද?
 
shenat

Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    බොහොම පින්.

    බෞද්ධයො හුඟක් වෙලාවට පටලව ගන්න දෙයක් මේ. මොක වුණත් 'ඒ මගෙ කරුමෙ' කියල හිතන්නයි හුඟක් අය පෙලඹෙන්නෙ. විභාග අසමත් වෙන්නෙත් කරුමෙට; ලෙඩ වෙන්නෙත් කරුමෙට; කැමති අය දාල යන්නෙත් කරුමෙට; බස් එක වැරදෙන්නෙත් කරුමෙට....:oo:

    නමුත් නියාම ධර්ම ගැන කතා කළාම තේරෙනවා අපට සිද්ධ වෙන දේවල්වලට තවත් දේවල් බලපාන බව. ඒ නිසාම තමයි අපට වෙන්න ඉඩ තියෙන යම් අනතුරක්, කරදරයක් වළකා ගැනීමෙ හැකියාව අපට ලැබෙන්නෙත්. වැස්ස දවසට කුඩයක් අරන් ගියානම් 'කරුමෙට' තෙමෙන්න වෙන්නෙ නෑ.(උතු නියාම) වෙලාවට නැගිටලා, ලෑස්ති වෙලා ගමනක් යනවනම් 'කරුමෙට' සිද්ද වෙනව කියල හිතන් ඉන්න ගොඩක් නරක දේවල් වළක්වා ගන්න පුළුවන්.

    චිත්ත නියාම ගැන තව පැහැදිලි කරන්න පුළුවන්ද?

    :lol::yes::yes::yes:
    11.gif
    :)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    බෞද්ධ කර්ම සංකල්පයට අනුව කයින් සිදුවන දෙයකට වුවද මනසේ සබඳතාවක් නොවන‍හොත් එය කර්ම ගණයට නොවැටේ. කර්ම ලෙස හැදින්වෙන්නේ සිතා මතා කරන ක්‍රියාවන්ය. සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම කරන බැවින් “මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා ‍කොට ඇත. සම්පූර්ණ කර්මයක් සිදුවීමට චේතනාව පමණක් ප්‍රමාණවත් නැත. නමුත් ප්‍රධාන වන්නේ චේතනා බැවින් එය කර්මය ලෙස හඳුන්වනු ලැබේ.එසේ චේතනාව මුල් කොට ඇති ක්‍රියා කර්මය ලෙස හැඳින්වීම බෞද්ධ කර්මය ‍සංකල්පයෙහි විශේෂත්වයකි.

    පුද්ගල ජීවිතය හා බැදුණු සෑම සිද්ධියක්ම පෙර භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යයි නූහැන්වීම ද බෞද්ධ කර්ම ධර්මයේ විශේෂත්වයකි. පුබ්බේකත හේතුවාදය හෙවත් සියල්ල ම පෙර කර්මය අනුව සිදුවෙතැයි කැරෙන ඉගැන්වීම වැරදි දෘෂ්ඨියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඇතැම් සිද්ධි පෙර කර්ම බලපෑමෙන් විය හැකිය. ඇතැම් ඒවා කාලගුණික දේශගුණික විපර්යාසය අනුව මෙන්ම ආර්ථික සාමාජික බලපෑම් අනුවද විය හැකිය. බුදුදහමේ නියාම ධර්ම පිළිබඳව උගන්වන්නේ මෙම කරුණ පැහැදිලි කිරීමටය.:yes:

    නියාම ධර්ම පහකි.

    1. උතු නියාම

    2. බීජ නියාම

    3. කම්ම නියාම

    4.
    ධම්ම නියාම

    5.
    චිත්ත නියාම

    උතු නියාමය නම් ඒ ඒ සමයන්හි ඇති වන කාලගුණික වෙනස් වීම්ය දැඩි නියං කාලයක ජලය හිඟ වීම , ගොවිතැන් පාළු වීම, ආහාර පාන දුර්ලභ වීම, බෝවන රෝග බහුල වීම, ආදිය නිසා පුද්ගලයාට කරදර හිරිහර සිදු වෙයි. වර්ෂාපතනය සම ව සිදුවන කාලවල එම දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු නොවේ. මේ වෙනසට හේතු වූයේ පුද්ගලයාගේ කර්මය නොව කාලගුනික වෙනස්වීම් ය.

    කොස් ඇටයකින් කොස් පැලයක් හට ගන්නේ බීජ නියාමය අනුවය. දරුවන් මවුපියන්ගේ හැඩරුව ගැනීමද බීජ නියාමයට අනුව සිදු වන්නකි. ගමනක් විලාසය, කටහඩ ආදිය ද මවුපියන්ගේ බීජ උරුමයට අනුව සිදු වේ. රූමත් මවුපිය දෙපලකට අතිශයින් විරූපී දරුවකු ලැබුනහොත් එහිදී බීජ නියාමය පරදවා ඇතැම් විට කර්ම නියාමය ක්‍රියාත්මක විනැයි සිතිය හැකිය.

    කර්මයක් සිදු වූ විට විපාක ගෙන දෙන ශක්තියක් එහිම ඇතුලත් වේ. බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමමකින් හෝ බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමකින් තොරව සුදුසු පරිසරයක් ගොඩ නැගුනු විට විපාකය ඉදිරිපත් වේ. විපාකය ඉදිරිපත් වන්නේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් වශයෙනි.
    ඇතැම් කර්ම මේ ජීවිතයේදී ම විපාක දෙන අතර ඇතැම් ඒවා ළඟ ආත්ම භාවයේදී විපාක දෙයි. සසර කවදා හෝ විපාක දිය හැකි කර්ම ද ඇත. ඇතැම් කර්ම විපාක නොදී අහෝසි වී යයි. කරමයන්ගේ මේ ස්වභාවය කර්ම නියාමයයි.

    ස්වාභාවික ව පුද්ගලයෙක් වයස්ගත වීම, ඔවුන්ගේ කෙහෙ රවුලු පැසීම, ඇඟ රැලි වැටීම, දත් හැලීම, ආදිය ධම්ම නියාමය පැහැදිලි කැරෙන නිදසුන්ය. ඒවා අතීතයේ කරන ලද කර්මයන්ගේ විපාක ලෙස හැඳින්විය නොහැකිය.

    සිත් ඇතිවීම, නැතිවිම, ක්ෂණිකව සිදුවන්නකි.ඉතා දුර වහා ගමන් කරන ශක්තියක් සිතෙහි ඇත. එක් ක්ෂණයක සිත් දෙකක් ඇති නොවේ. ලෝභ චේතනාදියෙන් යුක්ත වූ විට සිත ඊට අනුව ක්‍රියාත්මක මේ. ඒ සිතේ ස්වභාවයයි. චිත්ත නියාමය ලෙස හැඳින්වෙන්නේ මෙම ස්වභාවයයි.

    machan pls tell me niyama daham athulath wanne mona pitakayeda, i mean the source sutta or abhidhamma.. bohoma pin
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උතු නියාමයට ඍතු නියාමය කියලත් කියනවා...ඊට අදාලව පාලනය වන දේවල් එකිනෙක ගත්තොත්..

    1. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල්
    2. වතුර පහලට ගැලීම
    3. ගුරැත්වා කර්ශනය
    4. ආකාශ වස්තූන්ගේ (සද,ග්‍රහලෝක...) රිද්මයානුකූල චලනය
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    චිත්ත නියාම ගැන තව පැහැදිලි කරන්න පුළුවන්ද?

    මනුෂ්‍යයෙකු දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ සතර අපාගත වූවෙකු නිර්මාණය වනනේ කම්ම නියාම ධර්මයේ බලපෑමෙනි. එම සංස්කරණය සංඛාර නම් වෙයි. කම්ම නියාම ධර්මයෙහි පාලිතයෙකුව සිටින තාක් සත්ත්වයා සාංසාරිකයෙකු වෙයි. යම් දවසක යම් මොහොතක කම්ම නියාම ධර්මය විජයග්‍රහණය කොට මුලිනුපුටා අහෝසි කිරීමට කෙනෙකුට හැකි නම් සසර ගමන නිම කළා වෙයි. මෙහිදී ක්‍ෂය කෙරෙන්නේ නියාම ධර්මය නොව ඒ ධර්මතාවය ඇති කරවන්නා වූ හේතු පද්ධතියයි.
    මේ ක්‍ෂය කිරීම කෙරෙන්නේ කෙසේද? ඒ ක්‍රමවේදය පැහැදිලි කරනු ලබන්නේ චිත්ත නියාම ධර්මය මගිනි. විශ්වයේ ඇති අති ප්‍රබලතම නියාම ධර්මය එයයි. භව පැවැත්ම හෙවත් සංසාරය සහ භව නිරෝධය හෙවත් නිවන යන දෙකම අපට ඇති උරුම දෙකකි. කාය, වචී, මනෝ වශයෙන් සියලු සංස්කාර රැස් කරවනු ලබන්නේ සිත මගිනි.
    සිතට ඇති ඒ හැකියාව සර්වබලධාරී මැවුම් කරුවෙකුගේ බලපරාක්‍රමයෙන් ලත් එකක් නොව චිත්ත නියාම ධර්මයේ ස්වභාවයයි. සමථ විපස්සනා වශයෙන් සම්‍යක් වර්ධිත සිතකට සංස්කාර රැස්කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නතර කිරීමේ හැකියාවද චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ බලයකි. කර්ම රැස් කිරීමේ ක්‍රියාවලිය සහමුලින්ම එමගින් නැති කළ විට එයට තවත් කරන්නට දෙයක් ඉතිරිව නැත. නමුත් කයක් නැතිව සිතට නොවිසිය හැකි ධර්මතාවයට අනුව, තත් භවයේ කාය නිරෝධය වනතුරු සිත සුවසේ වෙසෙයි. එම ස්වභාවයේ සිත් ක්‍රියා සිත් නම් වේ. ඒ සිත් දරා සිටින්නා රහතන් වහන්සේ ය.
    චිත්ත නියාම ධර්මය පිළිබඳ තවත් වැදගත් හෙළිදරව්වක් තථාගත ධර්මයෙන් අපට විවෘත කර දෙයි. ‘අසරීරං ගුහාසයං’ යනුවෙන් දැක්වෙන සිතට සමස්ත විශ්වයේ සියල්ල සමග සම්දන්ධ විය හැකිය. තවද අනෙකුත් සියලුම නියාම ධර්මයෙන් ස්වකීය පාලනයට ගත හැකි වීම චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ ලක්ෂණයකි. පරචිත්ත විජානන, දිබ්බසෝත, දිබ්බ චක්ඛු ආදී ඤාණ වශයෙන් දක්වා සිත් ගැන අප අසා ඇත. අවකාශය විනිවිද යන මෛත්‍රී චිත්ත ශක්තිය ගැන ධර්ම ස්පර්ෂය ලැබූ බෞද්ධයිනට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

    :):)

    http://www.lakehouse.lk/budusarana/2009/09/04/tmp.asp?ID=vision04
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    චිත්ත නියාමය

    ‍‍1. ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන බුදු සමයේ ඉගැන්වේ. ඒ අතුරෙහි මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමයන් චිත්ත නියාමයයි.

    2. බුදුන් වහන්සේ තරම් සිතේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ හැඳින්වූ වෙනත් ශාස්තෘවරයෙකු නැති තරම්ය. මිනිසා ගේ සියලු ක්‍රියාකාරකම් වලට මනස ශ්‍රෙෂ්ඨ වන බව බුද්ධ දේශනා තුළින් පැහැදිලි වේ. රූපාදී ඇස ගැටීමෙන් කිසිවෙකු ගේ මෙහෙයවීමකින් තොරව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇතිවීම චිත්ත නියාමයයි.

    3.
    සිත පිළිබඳ ගැඹුරු දහමක් ඉගෙනීමට ධම්මපදයේ එන ගාථා තුළින් පුළුවන. ‘මනො පුබබඞගමා ධම්මා’ යන ගාථාවෙන් මිනිසා කරන සෑම ක්‍රියාවකටම සිත මුල් වන බවයි. ‘දූරඞගමං එකචරං’ යන ගාථාවෙන් සිතේ ස්භාවය පිළිබඳ හැඳින්වීමක් කර ඇත.

    [FONT=&quot]දූරංගමං ඒකචරං[/FONT]
    [FONT=&quot]අසරීරං ගුහාසයං[/FONT]
    [FONT=&quot]යේ චිත්තං සංයමෙස්සංති[/FONT]
    [FONT=&quot]මොක්ඛන්ති මාරබන්ධනා[/FONT]

    [FONT=&quot]යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ[/FONT][FONT=&quot]තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ [/FONT][FONT=&quot]ශරීර ගුහාවේ නිදන්නා වූ[/FONT][FONT=&quot]මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.[/FONT]

    [FONT=&quot]-ධම්ම පදය – චිත්ත වග්ග – [/FONT]5-

    මනො පුබබඞගමා ධම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=286044

    සහ

    http://www.elakiri.com/forum/showthread.php?t=286059

    4.‘සුදුද්දසං සුනිපුනං’ මිනිසාට යා නොහැකි කඳු හෙල්, පර්වත, සාගර තරණය කිරීමට සිත සමත් ය.

    සුදුද්දසං සුනිපුණං යත්‍ථකාමනිපාතිනං
    චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී

    දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.​

    සුදුද්දසං – මනාසේ දක්නට අපහසු වූ
    සුනිපුණං – ඉතා සියුම් වූ

    එසේම ඉතා සියුම් වූ සිත කැමති වූ අරමුණු වල වැටේ. එමගින් තණ්හා, උපාදාන යනාදිය ඇතිවේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    චිත්ත නියාමය (සාරාංශය)

    සෑම ඉන්ද්‍රියක්ම අපට නොපෙනෙන සිත පෙරටු කරගෙන කුසල අකුසල ධර්මය රැස් කරනු බවයි.ඉතා සුළු කාලයක් තුළදී ඉතා වේගයෙන් බොහෝ සිත් ඉපදී නැතිවී යයි. සිතේ මේ වේගාත්මක ස්වභාවය චිත්ත නියාමය නම් වේ.:D:D