රජයේ මතට තිත වැඩ පිළිවෙලට වැරදි ආදර්ශයක්

guamini

Member
Dec 9, 2009
699
98
0
රජයේ මතට තිත වැඩ පිළිවෙලට වැරදි ආදර්ශයක්

ජනපති මත්පැන් පාටියක් දීම "මතට තිතට" වැරදි ආදර්ශයක් නොවෙයි - එල්ලාවල මේධානන්ද හිමි
2009 දෙසැම්බර් 10 වෙනි බ්‍රහස්පතින්දා, 15:41
:eek::eek::eek::frown::shocked::eek::shocked::frown::frown::frown:


ජනාධිපතිවරයා ප්‍රියසම්භාෂණවලදී මත්පැන්වලින් සංග්‍රහ කිරීම රජයේ මතට තිත වැඩ පිළිවෙලට වැරදි ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමයේ නායක පුරා විද්‍යා චක‍්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ අද ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එල්ලාවල හමියෝ පසුගියදා සරත් ෆොන්සේකා මහතා සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී ප්‍රිය සම්භාෂණවලදී මත්පැන් ටිකක් ගත්තට කමක් නැහැ යනුවෙන් කළ ප්‍රකාශය ‍ර‍ට ‍බේබද්දන්ගේ පාරාදීශයක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තියක් ලෙස දැඩිව හෙළා දකින බව ප්‍රකාශ කළේය.

එහිදී නැගී සිටි මාධ්‍යවේදීන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්භාෂණයකදී මත් පැන් ටිකක් ගැනීම වරදක් නොවේ යයි පැවසීම හෙළා දකින හෙළ උරුමය පසුගිය 8 වෙනිදා රාත‍්‍රියේ ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් තුන් දහසක් පමණ කැඳවා මත්පැනින් සංග‍්‍රහ කිරීම හෙළා නොදකින්නේ මන්දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම එය හෙළ උරුමයේ කුහක කමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. ආණ්ඩුව ‘මතට තිත’ යයි කීවද මත්පැන් කර්මාන්තය රජයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් බවත් එවැනි තත්වයක් තුළ එය සමාජ ජීවිතයේ අංගයක් වීම යථාර්ථය නොවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

එහිදී මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් ‘‘ජනාධිපතිවරයාගේ සම්භාෂණයකදී මත්පැන් දීම වෙනම දෙයක්’’ ලෙස මේධානන්ද හිමියෝ ප්‍රකාශ කරත්ම මාධ්‍යවේදීන්ට සිනහ පහළවූ අතර එබැවින් උන්වහන්සේ පැවසූ කිසිවක් පැහැදිලිව ශ්‍රවණය කිරීමට නොහැකි විය.

ජනපති මත්පැන් පාටියක් දීම "මතට තිතට" වැරදි ආදර්ශයක් නොවෙයි - එල්ලාවල මේධානන්ද හිමි
2009 දෙසැම්බර් 10 වෙනි බ්‍රහස්පතින්දා, 15:41

http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4792:2009-12-10-10-14-25&catid=34:2008-10-13-08-28-51&Itemid=27