මහින්දගේ බෑණා

guamini

Member
Dec 9, 2009
699
98
0
මහින්දගේ බෑණා මාර්ග නඩත්තුව මුවාවෙන් රු. කෝටි 56කට විදී.
mahinda_shashindra.jpg


http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4805:-------56-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

2009 දෙසැම්බර් 11 වෙනි සිකුරාදා, 16:33


ඌව පළාත් සභාව ඇස්තුමේන්තු වැය ප‍්‍රකාශය යටතේ 12 වන පරිපූරකය මගින් 2009 වර්ෂය සදහා අයවැයෙන් අනුමත නොකරන ලද නමුත් අබලන් වී ඇති මාර්ග අලූත් වැඩියා කිරීම සදහා කෝටි 56ක මුදලක් සම්මත කර ගැනීමට සමත්ව ඇත. 2009 වර්ෂය නිම වීමට තවත් ඇත්තේ දින 20ක තරම් කෙටි කාලයක් සදහා වුවත් ඊයේ දිනයේ (09 දින& සම්මත කරගැනීමට ආණ්ඩු පක්‍ෂයට හැකියාව ලැබිනි. මෙයට විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සුදත් බලගල්ල මහතා පමණක් වීම විශේෂත්වයකි.
අප කරන ලද විමසීමකට අනුව අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ මෙම පරිපූරකය මගින් මාර්ග අලූත් වැඩියාවට මිලියන 560 මුදලක් දවස් 20ක් ඇතුලත වියදම් කරන්නේ කෙසෙද යන්න ගැටළුවක් බවත්, ටෙන්ඩර් කැදවීමට හෝ කාලයක් නොමැති වටපිටාවක් තුළ මේ සිදුවන්නේ මාර්ග අලූත්වැඩියාව මාර්ගයෙන් මෙම මුදල් ගසා කෑමට බවත් පවසන ඒ මහතා මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගැනීම අනිවාර්යයෙන්ම මුදල්ගසා කෑමට හෝ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කොටගෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ බෑනණුවන් වන ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහ ඇමැතිවරයාගේ අලූත්ම සැලසුමක් වන බවටද චෝදනා කරයි. මෙම මාසය පුරාවට හා ඉදිරි මාසය ඇතුලතද ධාරාණිපාත වැසි ඌව පළාතට ඇද හැලෙන බැවින්ද , හදුනාගත් මාර්ග මීට අමතරව ඌව පළාතේ පැවැතීමත් ඒවා අලූත්වැඩියා කිරීමට සම්මත අයවැයෙන් කටයුතු නොකිරීමත් මෙම මුදල ගසා කෑම සම්බන්ධයෙන් ඇතිවන ප‍්‍රබල සැකයක් බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරත් පැවසීය.
 

deceylon

Member
Apr 15, 2008
155
4
0
Maha ekage parema thamai unge pawlath yanne.
mewa kage sallida. Lankawe duppath janathawa Dawasata Eka welai bath kanne.