මෛත්‍රී චිත්ත විමුක්තිය ගැන වදාළ දෙසුම

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මෛත්‍රී චිත්ත විමුක්තිය ගැන වදාළ දෙසුම

    ඛුද්දක නිකාය - 1(ඉතිවුත්තක පාළි -1. ඒකක නිපාතය -3. තුන්වෙනි වර්ගය)

    නමෝ තස්ස භගවතෝ අරහ‍තෝ සම්මාසම්බුද්ධස්ස
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    1.3.7.
    මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය
    මෛත්‍රී චිත්ත විමුක්තිය ගැන වදාළ දෙසුම
    2.7. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
    “පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා. හාත්පසින් දිලිසෙනවා. බබලනවා. පින්වත් මහණෙනි, මේ තාරුකාවල යම් ප්‍රභාෂ්වර බවක් තියෙනවා නම්. එය සඳක ඇති ප්‍රභාෂ්වර බවෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නෑ. ස‍‍‍‍ඳේ ප්‍රභාෂ්වර බව ඒ සියල්ල පරදවලා දිලිසෙනවා. හාත්පසින් දිලිසෙනවා. බබලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.

    පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැසි කාලෙ ඉවර වෙලා එන අන්තිම මාසෙදී, සරත් කාලෙදී, වළාකුළු ඈත් මෑත් වෙලා අහස හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ අහසේ හිරු මඬල මුදුන් වෙන කොට එතෙක් වෙලා අහසේ තිබුණු අඳුරු ගතිය නැතිවෙනවා. සියලු අඳුර පරදවලා දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.

    පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. රෑ අලුයම් කාලයේදී බබලන ඕසධී තාරුකාව තමයි දිලිසෙන්නෙත්, හාත්පසින් දිලිසෙන්නෙත්, බබලන්නෙත්. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.”

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

    “යම් කෙනෙක් හොඳින් සිහි නුවණ තුළ පිහිටලා අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා.

    එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවෙක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?

    සමහර රජවරු ඉන්නවා. ඔවුන් බොහෝ සත්වයන් ගැවසී සිටින මේ මහ පොළොව දිනපු ඉසිවරු වගෙයි. ඔවුන් අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල කියන නොයෙක් ජාතියේ යාග කරමින් හැසිරෙනවා.

    (ඒ වුනත් ඒ යාගයෙන්) ඉතා හොඳට පුරුදු කරපු මෛත්‍රී සිතක් තියෙන කෙනාට රැස්වෙන පිනෙන් සොළොස් කලාවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නෑ. එය සියලු තරුවල එළය තිබුනත් ඒ එළිය සඳ එළියේ ප්‍රභාවයේ සොළොස් කලාවෙන් එකත් තරම්වත් වටින්නේ නෑ වගේ.

    යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රීය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ.”

    මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
    සාදු! සාදු!! සාදු!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්.

    නිතර පුහුණු කරන්න හොඳ භාවනාවක්. :D
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    "යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රීය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ"

    බලන්න... මෙත් සිත වැඩීමෙන්, බහුලව වැඩීමෙන් අපගේ සිත කෙතරම් පිරිසිදු වෙනවා ද කියා...
    ඒ වගේම, මේ සූත්‍රයේ මනාව පෙන්වා ඇති විදිහට මෙත් සිත වැඩීම මහත් පින් කමක්...
    අපිත් උත්සාහ කරමු මෙත් සිත, ක්‍රම ක්‍රමයෙන් දියුණු කර ගන්න ට...

    සාදු! සාදු! සාදු! බොහොම පින් මිතුර ඔබට මේ තේමාව මතු කිරීම ගැන...

    තෙරුවන් සරණයී!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කැලේ ඉදන් භාවනා කරන අයට සත්තුන්ගෙන් කරදර ඇතිවෙන් නැත්තෙත් මෛත්‍රී චිත්ත තරංග මගින් ඇතිවෙන පරිසරය නිසා නේද...