ජෙනරාල් ෆොන්සේකා මහනුවරදී ජාතියට දුන් ප‍

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජෙනරාල් ෆොන්සේකා මහනුවරදී....

    ජෙනරාල් ෆොන්සේකා මහනුවරදී ජාතියට දුන් ප‍්‍රතිඥාව


    endsj.jpg


    (ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.19, ප.ව.5.30) ජනාධිපති පදවි ප‍්‍රාප්තියෙන් පසුවත්මන් ජනාධිපති පාලනය විසින් යටපත් කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරමින් මවුබිමටත්, ජනතාවටත් ඉටුවිය යුතු සේවය උපරිම ශක්තියෙන් හා කැපවීමෙන් නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජාතියට ඊයේ (18) ප‍්‍රතිඥාවක් දුන්නේය.


    ජෙනරාල් ෆොන්සේකා මේ ජාතික ප‍්‍රතිඥාව දුන්නේ ඊයේ පෙරවරුවේ මහනුවර පුෂ්පදාන ශාලාවේදී අතිපූජ්‍ය මහා සංඝරත්න හා අන්‍යාගමික පූජකවරුන් හා විපක්‍ෂ සන්ධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් හමුවේදීයි.


    ජෙනරාල් ෆොන්සේකා දුන් ජාතික ප‍්‍රතිඥාව මෙසේයි.


    මගේ ජනාධිපති පදවි ප‍්‍රාප්තියෙන් පසු වත්මන් එ්කාධිපති පාලනය විසින් යටපත් කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ධුරයේ පළමු නිල කාර්යය ලෙස පාර්ලමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයින් පත්කොට ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම ස්ථාපිත කරමි.


    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය වන සියලූ දේශපාලන පක්‍ෂවලින් සමන්විත අපක්‍ෂපාතී භාරකාර ආණ්ඩුවක් පත්කර මහ මැතිවරණය සාධාරණව පැවැත්වීමට පියවර ගනිමි.


    ජනාධිපති ධුරයට පත්වී මසක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කෙටුම්පත භාරකාර ඇමති මණ්ඩලයක අනුමැතිය ලබාගෙන මාස 6 ක් ඇතුලත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නීති ප‍්‍රතිපාදන ප‍්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කොට මහජන විශ්වාසනීයත්වය සුරක්‍ෂිත කරමි. වත්මන් එ්කාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසු ජනතාවට වගකියන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මගේ මව්බිමටත් ජනතාවටත් මගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙලා ඉටු කිරීම උදෙසා මගේ උපරිම ශක්තියෙන් සහ කැපවීමෙන් කටයුතු කරමි.


    යුද්ධයෙන් අවතැන් වූවන්ට ජීවත් වීමට පහසුකම් සලසා දීමට ප‍්‍රමුඛතාව දෙමි.


    ත‍්‍රස්තවාදී සැකකරුවන් ලෙස දැනට අත්අඩංගුවේ පසුවන සියලූදෙනාම එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවරයන් අනුගමනය කරන අතරම ඔවුන් පුනරුත්ථාපනය කිරීම හෝ චෝදනා නොමැති අය නිදහස් කිරීමට කටයුතු සූදානම් කරමි. වසර 30 ක යුද්ධය නිසාවෙන් අවතැන් වූ හෝ තම පදිංචි ගම්බිම් අතහැරීමට සිදුවූ සියලූ ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අභිමතය අනුව පදිංචි වී සිටි ස්ථානවල යළි පදිංචි කරවීමට කටයුතු කරමි.


    අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා අණ පනත් සකස් කරන අතර පුවත්පත් මණ්ඩල පනත අහෝසි කර නිදහස් හා සාධාරණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට පියවර ගන්නෙමි.


    ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සර්ව සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට හැකි ඉක්මනින් කටයුතු කරන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජයේ හා පෞද්ගලික මාධ්‍ය ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය නෛතික ක‍්‍රියාමාර්ග නොපැකිලව ගනිමි. රටේ ජනතාව තම අයිතීන් දිනා ගැනීම සඳහා ගනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගවලට බාධාකාරී වන නීතිමය බාධකයන් ඉවත් කිරීමට කටයුතු කරමි. අල්ලස හා දූෂණය නැවැත්වීමට අවශ්‍ය මූලික නීතිමය ව්‍යූහය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර ඊට අවශ්‍ය සමාජ මතයද තහවුරු කිරීමට කටයුතු කරමි. මෙම ජාතික ප‍්‍රතිඥාවේ අඩංගු සෑම කරුණ්ම සම්පූර්නයෙන්ම ඉටු කිරීම මාගේ ප‍්‍රමුඛ වගකීමක් බව මම පිලිගනිමි.


    r8h1z8.jpg



    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg
     
    Last edited:

    Similar threads