ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page කරන කලට පව් මීරිය මී සේ
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up කරන කලට පව් මීරිය මී සේ - 12-22-2009, 01:30 AM

පින්වත් මිතුරනේ,

අපි හැමෝම ආසයිනේ සැප විඳින්න​. ඒ වෙනුවෙන් අපි නානාප්‍රකාර දේවල් කරනවනෙ. කොටින්ම කියතොත් මේ හැම දෙයක්ම කරන්නෙ සැප ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්නෙ. නමුත් අපි අතරෙ මේ 'සැප​'පිළිබඳ තියෙන ආකල්ප විවිධාකාරයි. සැප කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපට විවිධාකාර පිළිතුරු ලැබේවි. ඉතින් මේ සැපයේ තියෙන විවිධත්වය වගේම ඒ සැප කරා යන මාර්ගත්, ඒ වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙතුත් විවිධයි. මෙන්න මෙතන තමයි බොහෝ අයට වරදින තැන​. වරද්ද ගන්න තැන​. මොකද මේ ප්‍රුථඃජන ස්වභාවය ඉක්මවා නොගිය බොහෝ දෙනා ඉන්නේ සැපයෙන් අන්ධ වෙලා. සැපයට මුලා වෙලා. ඉතින් ඒ අය උත්සහ කරන්නේ කෙසේ හෝ සැප උදා කර ගැනීම, ළඟා කරගැනීම මිසක එය නිවැරදි මාර්ගයෙන්, නිවැරදි ආකාරයට කිරීම නෙවේ. පින්-පව් අමතක වෙනවා. එක්කො ඒ ගැන විශ්වාසයක් නෑ. සැප ලැබීමේ චේතනාවෙන් අන්ධ වෙලා ඒ කරා යන නිසා හරි වැරැද්ද පේන්නෙ නෑ. කර්ම විපාක ගැන විශ්වාසයක් නෑ. අවබෝධයක් නෑ. ඉතින් මේ ආකාරයට මුලාවෙන් මුලාවට පත් වෙලා නිරයගාමී පව් රැස් කරන අය අද අනන්තවත් ඉන්නවනෙ. අපට එදිනෙදා හමුවෙනවනෙ. මේක අද කාලෙට විතරක් විශේෂ වුන දෙයක් නෙවේ. බුද්ධ කාලෙත් ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිද්ධ වුනා. ඒ මෙන්න මේ විදියට​.....
Reply With Quote
(#2)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up 12-22-2009, 01:32 AM

එදා දඹදිව උදේනි කියන නුවර හිටියා බොහොම ධනවත් සිටුවරයෙක්. මේ අයට හිටියේ එකම දරුවයි. ඒ දුවක්.....'ඉසිදාසි' කියලා. රූ සපුවෙන් අනූන​, බොහොම නිහතමානී,ගුණ යහපත් කෙනෙක්. ඉතින් නිසි කළ වයස පැමිණුනාම කුල සිරිත් අනුව මේ දියණිය තවත් උසස් සිටු පවුලකට සරණපාවා දුන්නා. මෙයා තම ස්වාමියාට සැලකුවේ දෙවියකුට වගේ. දරුවකුට වගේ. බොහොම ආදරයෙන්,භක්තියෙන්, කරුණාවෙන්. ගෙදර වැඩකටයුතුත් බොහොම යුහුසුළුව​, ඕනෑකමින් සොයාබලා කරනවා. ගෙදර අයටත් බොහොම ගරු සරුයි. ඉතින් හැමෝම සතුටු වුනා දාහකින් හොයා ගන්න බැරි විදියේ ලේලියක් පවුලට එකතු වීම ගැන​. ඔය විදියට මාසයක් විතර ගත වුනා. නමුත් හැමදාම ඉසිදාසිට ස්වාමිපුරුෂයගෙන් දොස්. කොච්චර හොඳ කළත් දොස්ම තමා අහන්න ලැබෙන්නේ. ඉතින් දවසක් මේ ස්වාමිපුරුෂයා තමන්ගේ දෙමව්පියන්ට මෙහෙම කියනවා. "මට නම් බැහැ මේ ඉසිදාසිත් එක්ක පවුල් කන්න​. මෙයාව වහාම ගෙදර ගිහින් ඇරලවන්න​. නැතිනම් මම යනවා මේ ගෙදරින්." මේ දෙමව්පියො පුදුම වෙලා හේතු විමසන්න ගත්ත​. "මගෙන් හේතු අහන්න එපා. මට කියන්න හේතු නැහැ. මම දන්නෙ මෙච්චරයි. මට ඉසිදාසිත් එක්ක පවුල් කන්න බැහැ. මට මෙයාව පිළිකුල්." ඉසිදාසිගෙ කසාදෙ මේ විදියට කඩාකප්පල් වෙලා යද්දි ඒ දෙමව්පියො බොහොම දුකින් මෙයාව එයාගෙ දෙමව්පියන්ට භාර කළා.
Reply With Quote
(#3)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up 12-22-2009, 01:34 AM

බොහොම තරුණ වයසේ හිටපු ඉසිදාසිව ඊට පස්සේ තවත් සිටු පවුලකට සරණපාවා දුන්නා. කලින් පරිදිම එයා කටයුතු කළා. නිවසට ශ්‍රියා කාන්තාව පැමිණුනා කියලා හැමෝම සතුටු වුනා. ඒත් මාසයයි. කලින් දේවල් ඒ විදියටම සිද්ධ වුනා. දෙවනි කසාදෙත් කැඩිල ඉසිදාසි ආයෙත් ගෙදර ගියා.

ඉතින් දේවල් මේ විදියට සිද්ධ වෙද්දි මෙයාගෙ දෙමව්පියොත් බොහොම දුක් වුනා. ඔය විදියට කාලෙ ගතවෙලා යද්දි දවසක් මේ සිටු මැදුරට ආවා කඩමාල්ලක් පොරවා ගෙන පොල්කටුවක් අතින් ගත්ත තරුණයෙක් හිඟමන් ඉල්ලගෙන​. සිටුතුමා මේ හිඟන තරුණයාට ගෙනාවා යෝජනාවක්. හිඟනකම අතහැරලා සිටු පවුලේ මිල මුදල්, වතු පිටි බලා කියා ගෙන ඉසිදාසිව සරණපාවාගෙන ඉන්න​. මෙයාට අදහාගන්න බැරි වුනා. හරියට නිකං ස්වීප් එකක් ඇදුන වගේනෙ. එක පයින් කැමති වුනා. සිටු පවුලට එකතු වුනා. කාලය හෙමින් ගතවෙලා ගියා. දවසක් මේ තරුණයා සිටුතුමා ළඟට ඇවිල්ල මෙහෙම අහනවා. "සිටුතුමනි, කෝ මගේ අර පොල්කට්ටයි, කඩමාල්ලයි.... මට ඒ දෙක ආපහු දෙනව ද​?පුරුදු හිඟමන මට හොඳයි. මට නම් බෑ මේ ඉසිදාසිත් එක්ක තවත් පවුල් කන්න​. මට ඈව පිළිකුල්".... කොයිතරම් සැප සම්පත් ලැබුනත් එයාගෙ තීරණේ වෙනසක් වුනේ නැහැ. සිටුතුමාට බැරි වුනා එයාව නවත්තන්න​. ඒ තරුණයා නැවතත් ඒ විදියට හිඟමනට වැටෙද්දි ඒ කැඩිල ගියේ ඉසිදාසිගෙ තුන් වෙනි කසාදෙ.

Last edited by dewage55; 12-22-2009 at 01:38 AM.
Reply With Quote
(#4)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up 12-22-2009, 01:39 AM

ඉසිදාසිට එයාගෙ ජීවිතය එපා වුනා. දිවි නසාගන්න පවා සිත් පහල වුනා. ඔය අතරෙ තමයි ජිනදත්තා කියන සිල්වත් භික්‍ෂුව ඒ නිවසට පිඬුසිඟා වැඩියෙ. මෙයාගෙ හිත වෙනස් වුනා. මහණ කමට හිත ගියා. පෙරැත්ත කරලා දෙමව්පිය අවසරයත් ලබා ගත්ත​. පැවිදි බවට පත්වෙලා දවස් හතෙන් උතුම් අරහත්වය සාක්‍ෂාත් කළා.

අරහත් බව ලැබීමත් එක්කම එතුමියට​ ලැබුනා පෙර ජීවිත දැකීමේ නුවණ - පුබ්බේනිවාසානුස්සති ඥාණය​. ඒ තුලින් විමසලා බැලුව ගිහි ජීවිතේ අර වගේ කටුක අත්දැකීම විඳින්න සිදුවුනේ පෙර කර්මයක් වත් ඵල දීලද කියලා……

ඊට ආත්ම භව හතකට කලින් එයා බොහොම ප්‍රසිද්ධ​,ධනවත් රන්කරුවෙක්. දඹදිවම ඒරකච්ඡ කියන නගරයේ.යෞවන මදයෙන් මත්වෙලා තම ධනය කාන්තාවන් සඳහාම වියදම් කලා. නිරතුරුවම වැරදි කාම සේවනයේම යෙදුන​. ඇති පදමට කම් සැප වින්ද වැරදි ආකාරයෙන්.
ඒ මනුස්ස ජීවිතෙන් චුත වෙලා කෙලින්ම ගිහින් ඉපදුනේ නිරයේ. අවුරුදු දහස් ගානක් නිරයේ දුක් වින්දා.
නිරයේ ආයුෂ ඉවර වෙලා තිරිසන් ලෝකෙ. වැඳිරියකගෙ කුසේ උපන්නා. ඉපදිලා දවස් හතයි. රැලේ නායක වඳුරා මේ පැටියගෙ පුරුෂ ලිංගය හූරල තුවාල කළා. දන්නවනෙ වඳුරන් ගෙ වැඩ​. ඉතින් ඒකම පැසවලා පනුවො ගහල ඌ මලා
Reply With Quote
(#5)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up 12-22-2009, 01:41 AM

ඊළඟ ආත්මෙ ආයෙමත් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ බූරුවකුගෙ කුසේ. බර අදින සත්තුන්ගෙ ව්‍රුෂණ කෝෂ අක්‍රිය කරන එක දැනටත් කරනවනෙ. මෙයාගෙ හාම්පුතා මෙයාටත් ඒ දේම කළා. ඒ අක්‍රිය කරන්නෙ ඇඹරීමෙන් හෝ තැලීමෙන්. මේ වතාවෙ සිද්ධ කලේ ඇඹරීමෙන්. එහෙම කරද්දි තුවාල වුනා. ඒක සුව වුනේ නෑ. තුවාලෙ වන වෙලා පනුවො ගහල ඒකෙන්ම මැරිල ගියා.
ආයෙත් වතාවක් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ ගව දෙනකගෙ කුසේ. බර අදින සතෙක්නෙ. කලින් වතාවෙ වගේම ව්‍රුෂණ කෝෂ අක්‍රිය කළා හාම්පුතා විසින්. මේ වතාවෙ කලේ තළල​. තුවාල වුනේ නැහැ. නමුත් මේ සතාගෙ දෑස් අන්ධ වෙලා ගියා. මුළු ජීවිත කාලෙම අන්ත සරණ දුක් විඳිමින් බර වැඩ කරල මැරිල ගියා.
ඊළඟ වතාවෙ ආව මනුස්ස ලෝකෙට​. වීදියේ දාසියකගේ කුසේ උපන්නා. ඒ වතාවෙ නපුංසකයෙක්! අවුරුදු තිහයි ඒ වතාවෙ මිනිස් ලෝකෙ එයාට ආයුෂ තිබුනෙ.
ආයෙත් වතාවක් මනුස්ස ලෝකෙ එන්න ලැබුනා. ඒ පාර ණය බරින් අන්තෙටම මිරිකිලා ගිය පවුලක ගෑනු දරුවෙක්. ණය ගෙවා ගන්න බැරි වුන තැන ණය දුන්න මුදලාලි මේ ගෑනු දරුවව අරගෙන ගියා ණයට හිලව් වෙන්න​. මෙයා එතකොට තරුණියක්. ණය දෙන මුදලාලිගෙ පුතා මෙයාව තියා ගත්ත දෙවනි බිරිඳ විදියට​. එදා ඉඳල මෙයා අර සිල්වත්, ගුණවත් පළවෙනි බිරිඳට ද්වේෂ කරනවා. ඉරිසියා සිතින්මයි වාසය කළේ. මොකද ස්වාමියාගෙ වැඩි ආදරය,අවධානය යොමු වුනේ පළවෙනි බිරිඳට නිසා.

ඉතින් ඒ සියළු පව් ගෙවලා තමයි ‘ඉසිදාසි’ විදියට ඊළඟ ජීවිතේ ඉපදුනේ සැඟවෙලා තිබුනු පිනක් ඉස්මතු වෙලා. ඒත් එයාට කලින් ජීවිතේ අර සිල්වත්, ගුණවත් පළමු බිරිඳට ද්වේෂ සිතින්, තරහ සිතින්, ඉරිසියා සිතින් සැලකීම නිසා තමයි මේ ජීවිතේ විවාහ ඔක්කොම කඩාකප්පල් වුනේ.

ඉතින් බලන්න එක ආත්මෙක අන්ධයෙක් වගේ වැරදි කාම සේවනයේ යෙදිලා ආත්ම කීයක් අන්ත අසරණ විදියට අනන්ත දුක් වින්දද..... කලින් ආත්මෙ ඉරිසියා සිතක්,ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක ඵල දුන්න හැටි ටිකක් හිතල බලන්න​. වර්තමාන ලෝකෙ මේවට උදාහරණ ගෝනි ගණනින් තියෙනවනෙ. වල කපා ගන්න අයයි වලේ වැටිච්ච අයයි දෙගොල්ලන්ගෙම​. අඩුගානෙ පංච සීලෙවත් නොරකින අය දැන්වත් අවධි වෙන්න​. නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න​. මේ ගමන ඒ තරම්ම අනියතයි.මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ.

තෙරුවන් සරණයි!!!

(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත 'ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා - ථේර ථේරී ගාථා' ග්‍රන්ථය ඇසුරෙන්)
Reply With Quote
(#6)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
12-22-2009, 05:10 AM




විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ....
Reply With Quote
(#7)
Old
sudunone's Avatar
sudunone sudunone is offline
Senior Member
sudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura aboutsudunone has a spectacular aura about
 
Posts: 3,784
Join Date: May 2009
12-22-2009, 10:54 AM

අද කාලෙ පවුල් මෙච්චර කඩාකප්පල් වෙන්න ඔය වගේ පූරුවෙ කර්මත් හුගක් දුරට බලපානව ඇති.
Reply With Quote
(#8)
Old
llrajitha's Avatar
llrajitha llrajitha is offline
Senior Member
llrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of light
 
Posts: 4,840
Join Date: Jan 2008
12-22-2009, 09:53 PM

මගේ ඇඟේ මයිලුත් ටිකක් කෙලින් උනා වගේ..... පොඩි කාලෙකට ලැබෙන වැරදි වින්දනයක් වෙනුවෙන් අවුරුදු දාස්ගානක් විඳවන්න ඕනයැ. අම්මෝ... පන්සිල් රැකගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි.

================================================== ====================


මේ හැබෑටම නපුංසකයෙක් කියන්නෙ මොකෙක්ද? මට මේක මෙතනම අහන්න හිතුනෙ මේක මෙතනත් කියල තියෙන නිසා. මම දන්න විදිහට නපුංසකයෙක් කියන්නෙ ගැහැණුත් නොවන පිරිමිත් නොවන කෙනෙකුටනේ? එහෙම කෙනෙක් ඉන්නෙ කොහොමද? (මට මේක මාර අවුලක්) මේ කියන්නෙ ඉංග්‍රීසියෙන් transexual කියන තත්වයද?
Reply With Quote
(#9)
Old
smallvilleclerk50's Avatar
smallvilleclerk50 smallvilleclerk50 is offline
Senior Member
smallvilleclerk50 is a jewel in the roughsmallvilleclerk50 is a jewel in the roughsmallvilleclerk50 is a jewel in the roughsmallvilleclerk50 is a jewel in the roughsmallvilleclerk50 is a jewel in the roughsmallvilleclerk50 is a jewel in the rough
 
Posts: 5,747
Join Date: Jan 2009
12-22-2009, 10:09 PM

අද කාලේ පරදාර සේවනය වැඩි නිසා වෙන්න ඕන, එන්න එන්නම මේ වගේ පවුල් ප්‍රශ්න වැඩි වෙන්නේ.
මට කියන්නතියෙන්නෙ ඉතින් මේක තමයි
Its better to try different positions with the same woman than trying same position with different women
Reply With Quote
(#10)
Old
dewage55's Avatar
dewage55 dewage55 is offline
Senior Member
dewage55 is on a distinguished road
 
Posts: 762
Join Date: Jan 2008
Location: Saudi arabia[sri lanka] padukka
Send a message via Yahoo to dewage55 Send a message via Skype™ to dewage55
Up 12-23-2009, 01:18 AM

Quote:
Originally Posted by llrajitha View Post
මගේ ඇඟේ මයිලුත් ටිකක් කෙලින් උනා වගේ..... පොඩි කාලෙකට ලැබෙන වැරදි වින්දනයක් වෙනුවෙන් අවුරුදු දාස්ගානක් විඳවන්න ඕනයැ. අම්මෝ... පන්සිල් රැකගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි.

================================================== ====================


මේ හැබෑටම නපුංසකයෙක් කියන්නෙ මොකෙක්ද? මට මේක මෙතනම අහන්න හිතුනෙ මේක මෙතනත් කියල තියෙන නිසා. මම දන්න විදිහට නපුංසකයෙක් කියන්නෙ ගැහැණුත් නොවන පිරිමිත් නොවන කෙනෙකුටනේ? එහෙම කෙනෙක් ඉන්නෙ කොහොමද? (මට මේක මාර අවුලක්) මේ කියන්නෙ ඉංග්‍රීසියෙන් transexual කියන තත්වයද?

transexual kiyala kiyanne mama danna widihata mentally sidda wena deyak, physically thiyena kenekuta neuter, eunuch wage word ekak thamai use karanne.
Reply With Quote
Reply

Bookmarks

Tags
dhamma

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14892 seconds with 6 queries