නවාංග වූ බුද්ධ ශාසනය...

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නවාංග වූ බුද්ධ ශාසනය...

ගෞතම බුදු සසුන දිගු කල් පැවැතීමට නම්....

බුද්ධ ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක් ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා, එයට පිළිතුරක් දිය හැකි වන්නේ ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.:yes::yes:

සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.:)

සුත්ත

'සුත්ත' යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු බුද්ධ දේශනා යි.

ගෙය්‍ය


ගෙය්‍ය යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ ‘ගෙය්‍ය’ නමින් වදාරා තිබෙන්නේ.

වෙය්‍යාකරණ

වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.

අනන්ත ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වෙය්‍යාකරණ වදාරන කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ, චතුරාර්ය සත්‍ය යි. අනන්ත ලක්ඛණ සූත්‍රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්, එහිදී දුක්ඛාර්ය සත්‍යයට අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.





 
  • Like
Reactions: shammee

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගාථා

ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා ‘ගාථා’ කියලා.

උදාන

සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු නිමිතිකරගෙන දහම් කරුණු මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී ‘බුදු අම්මෝ’ ‘අනේ අපොයි’ ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත් බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම කරුණුයි. ඒවා තමයි, ‘උදාන’ කියා කියන්නේ. උදාන, ශාස්තෘ ශාසනයට අයිති කොටසක්.

ඉතිවුත්තක

ඉතිවුත්තක කියා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම් කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.

ජාතක

ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත් කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල; බුද්ධ දේශනාවල දහම් කරුණු හා සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.

අබ්භූත ධම්ම

බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත ධම්ම’ යනුවෙන් සඳහන් වන්නේ, ඒවා යි.

වේදැල්ල

වේදැල්ල යනු, ප්‍රශ්නෝත්තර වශයෙන්; සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්, නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.

==============================================
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්, ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ බලවත්වීමෙන්, ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි ‘විනය’ කියලා කියන්නේ.

උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු, ශික්ෂා පද යි.

ඒ වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය උදෙසීමක් කළ යුතු බවයි. එය ‘පාමොක් උදෙසීම’ නමින් හැඳින්වෙනවා. ශික්ෂා පදත්, පාමොක් උදෙසීමත්; ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.

එනිසා, ඔබ හොඳට මතක තබාගත යුතුයි, බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ, ශ්‍රාවක පිරිසටම යි. භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි, ශාසනය අතුරුදන් වන්නේ. එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ, නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන, ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂාපද ආරක්ෂා කිරීමත්, දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්‍රාතිමෝක්ෂය උදෙසීමත් කළ යුතු යි.


මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි - ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.:D:yes::D

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 'බුදුසරණ' පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙණි.
http://www.lakehouse.lk/budusarana/2009/12/31/tmp.asp?ID=vision05
http://dhammamedicine.blogspot.com/2009/12/blog-post_31.html
සටහන-නයනා නිල්මිණි
 
විනයෝ නාම සාසනස්ස ආයු යනුවෙන් බුදු පියාණන් වදාළ පරිදි නවාංග සාසනය මෙන්ම විනය ශික්‍ෂාවන් රැකගැනීමත් සසුනේ(හෝ වෙනත් ඕනම සමාජයක්-පදනමක්) පැවැත්මට අදාළ මූළික අවශ්‍යතාවක්. බෙහෙවින් පිං මෙය මෙහි පලකලාට!:)
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
යාළුවා ඇත්තටම මගේ නොදන්න කමට මෙහෙම කියනවට සමා වෙන්න. මම දන්න විදියට බුද්ධ ශාසනය ට නවාංග බුද්ධ ශාසනය කියන්නේ ඔය කියන කරුණු නිසා නම් නෙමෙයි. මන් දන්න විදියට ඔයාගේ ඔය බෙදීම ඇතුලත් වෙන්නේ අභිධර්ම පිටකය වර්ග කිරීමේදී. ඔය බුද්ධ ධර්මය එතනදි වර්ග කරන එක් ආකාරයක්.

මන් දන්න විදියට බුද්ධ ශාසනයට නවාංග බුද්ධ ශාසනය කියන්නේ අෂ්ට පුද්ගල ධර්ම විස්තරය හා බෝධිය යන අංග නවය ඇතුලත් නිසයි.

කාලාම සුත්රයත් අමතක කරන්න එපා. මන් හරියටම හරිද කියන්න නම් මන් දන්නේ නෑ. ඒත් ටිකක් මේ ගැනත් හිතලා බලන්න.

තෙරුවන් සරණයි.​
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල කියන අංග නවයටනෙ නවාංග කියන්නෙ...හ්ම්ම්ම්ම්..බලමු...:oo::oo:
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    3wmh_ec8_u7sk2.jpg