දෙමළ (ශ‍්‍රී ලංකා) අභිසරුලිය මැරූ ඉන්දියා&#350

Sakibura

Member
Sep 20, 2009
226
10
0
දෙමළ (ශ‍්‍රී ලංකා) අභිසරුලිය මැරූ ඉන්දියා&#350

දෙමළ (ශ‍්‍රී ලංකා) අභිසරුලිය මැරූ ඉන්දියානුවාට සිරදඩුවම් Written by Ramani Thursday, 14 January 2010 16:08 Top Lanka News ජනවාරි 14
අද බ‍්‍රහස්පතින්දා සිංගප්පුර් අධිකරනය අභිසරුලියක් ඝාතනය කළ ඉන්දියානු ජාතිකයෙකුට කස පහර 12 ක් සහ බරපලත වැඩ ඇතිව 17 වසරක සිර දඩුවමක් නියම කළේ ය. මෙසේ දඩුවම් ලැබුයේ මධුර ජයචන්ද්‍ර රෙද්දි නැමති 21 හැවිරිදි තරුණයෙකි. ඔහු අතින් මැරුම් කෑ අභිසරු ලිය ශ‍්‍රී ලාංකික දෙමල කාන්තාවක් වු රසිකා දේවි ත්‍යාගරාජා නැමැති 21 හැවිරිදි තරුණියයි. ඈ මිය යනවිට සත්මස් හැවිරිදි ගැබිනියක්ව සිටිබව උසාවියෙදී අනාවරණය වුනි.
ජයචන්ද්‍ර මෙම අභිසරුලිය සමග ඇය පහස සපයන කාමරයට ගොස් ලිංගික ක‍්‍රියාවලින් අනතුරුව මුදල් බේරිමට යද්දි ඇතිවු ගණුදෙනු ආරාවුලක් ඇතිකර ගෙන තිබේ. එය විසදීමට උත්සාහ කර තියෙන්නේ තරුණියගේ ගෙල මිරිකීමෙනි. ඉන් පසුව මිය ගිය ඇයගේ සිරුර ඇද යටට ඔබා එළියට ගිය ඔහු වෙනත් අභිසරුලියක් කැදවාගෙන එම කාමරයටම පැමිණ ඈ සමග හැසිරී තිබේ.
සිංගප්පුරුව ඉතාම පිරිසිදු පොහොසත් රටක් වෙන අතර මෙහි නගර කිහිපයක්ම දස දහසක් තරම් අභිසරුලියෝ සිටිති. විශේෂයෙන්ම අභිසරුලියන් බහුලව සිටින ගේලන්ග් ප‍්‍රදේශයේ එක්තරා වීථියක්ම ශ‍්‍රී ලංකා අභිසරුලියන් වෙන්කර ගෙන සිටිති. ගේලන්ග් ශ‍්‍රී ලාංකික අභිසරුලියෝ දෙමළ සිංහල හා ඉස්ලාම් වශයෙන් නොබෙදී එකම සහෝදරියන් පිරිසක් වශයෙන් කටයුතු කරන පිරිසකි. ඔවුන් හසුරවන ශ‍්‍රී ලංකා පිම්පියන්ද ගේලන්ග් හි සිටිති.