ඔයා දන්නවද ?

  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔයා දන්නවද
    ඔයා නැතිව ගෙවෙන
    හරි පාළු වෙලාවකදි
    කවුරුත් නැති තැනකට ගිහින්
    මම පුංචි ගාණක් හදනවා...

    ඔන්න මම මාව ගන්නවා...
    පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
    දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
    බිංදුවයි.
    හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
    ඉන්නවද... ම්.. නෑනෙ.

    ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
    පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
    අඩුකරනවා...
    උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
    ඔයාට පුදුම හිතෙයි
    උත්තරය බිංදුවයි
    එතකොට හිතන්න වස්තුවේ
    ඔයාගෙ ආදරේ ඇරෙන්න
    මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා

    මම මාව ගන්නවා
    පස්සෙ මගේ ආදරේ ගන්නවා
    ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
    මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
    මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
    අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
    එකට එකතු කරනවා
    ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
    මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
    එකතු කලාම ලැබෙන උත්තරය
    ඔව් ඒ ' ඔයා'...

    මම මගේ පුංචි අහිංසක හිතේ
    සතුට ගන්නවා...
    අනේ රත්තරන් ඒක දශම ගානක්
    ඒත් මම ඒ පුංචි ඉලක්කම
    මගේ හිතේ සතුට කියන පුංචි අගය
    ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
    මටම පුදුමයි
    මට උත්තරය ලෙස ලැබෙන්නෙ
    අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
    ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
    මම මේ විඳින්නෙ
    ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්

    ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
    නැත්තෙ කියලා
    අනේ මගේ අහිංසක මෝඩයෝ...
    ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
    හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
    බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
    මම බෙදන්නෙ නෑ
    ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
    ඔයාගෙ හදවතවත්
    බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....

    ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
    පස්සෙ මාව ගන්නවා...
    පස්සෙ ඔයාවයි මාවයි එකට
    එකතු කරනවා ....
    අනේ කොච්චර ලස්සනද
    ඔයා දන්නවද
    මට ආපු උත්තරේ ....
    නිකමට හිතල බලන්න
    ඔයා + මම = .....
    මොකක්ද උත්තරේ .....
    ම්.... ඔයා හරි.

    කවදද අපි එහෙම එකතු වෙන්නෙ
    මෙහෙම දෙතැනක ඉඳල
    අපි කොහොමද අපේ සිහින
    සැබෑ කරගන්නෙ .....

    ජීවිතේ අමාරුයි .. මං දන්නවා
    මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
    ඔයාගෙ ඔළුවට ආවොත්....
    අනේ ඔයාට දුක හිතෙයි ...

    ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
    ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
    මං ආස ඔයාගෙ ලේ රස්නය
    මගෙ පපුවට දැනෙනවට ....
    ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
    බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
    ඇල් වෙන්න බලනවා ....

    මට කියන්න
    මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
    ඇයි දන්නවද එහෙම අහන්නෙ
    ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
    හිතෙන්නෙ හරියට
    මං ජීවත් නොවෙනවා කියලයි ...

    හරි ඉක්මනට ... මටත් ...
    ජීවිතේ හැඩ බලන්න ආසයි
    තනියම නෙමෙයි ... ඔයා එක්ක ...

    ඉතින් රත්තරන්
    කියන්නෙ එක දෙයයි
    ඉක්මනට බැඳල
    හෙමිහිට ජීවත් වෙමු .....

    18678_262731230797_258299170797_3228471_1853323_n.jpg

     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු මහත්තයා;6450346 said:
    මේ නිර්මාණය මගේ එකක් නෙමෙයි. මම ආදරය කරපු ගැහැණු ලමය ( හංසි ) මට එවපු එකක්. ඒත් ඒකෙ ලස්සන නිසාම ඒක දාන්න හිතුනා :):)

    :eek::eek::eek::shocked:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    WoooooooooW Maxxa....:):)
    Mata mage GF kiyana ewa mathak una...:(:(
    Attatama eya oyata godak adarei wagee...:):)
    Machan mama Rep 1k dunna...habai umbata nemai oka liyapu nangita....:lol::lol:

    Godak lassanai atthamai:) :)

    Rep+
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    WoooooooooW Maxxa....:):)
    Mata mage GF kiyana ewa mathak una...:(:(
    Attatama eya oyata godak adarei wagee...:):)
    Machan mama Rep 1k dunna...habai umbata nemai oka liyapu nangita....:lol::lol:

    Godak lassanai atthamai:) :)

    Rep+

    එයා මට ගොඩක් ආදරේ කරා තමයි මචං. :):) ඒත් දැන් එයා මා ලඟ නෑ. :(:(

    See this http://www.elakiri.com/forum/showthread.php?t=386652
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇතතටම ඇග කිලි පොලා යන නිර්මාණයක් මචන්
    උඹෙ අනික් ත්‍රෙඩ් එකේ තියෙන එකත් නියමෙටම ලියල තියෙනව මට කියවල ඉවරඋනාම ඉන්නෙ computer එක ඉස්සරහද කියලවත් මතක නැති උනා
    උඹල දෙන්නට එක්වෙන්න ලැබේවා තියන බාධක දුරුවේවා කියල ප්‍රාර්ථනා කරනව
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලස්සන නිර්මාණයක් මචෝ. ඇත්තටම ආදරේ හරි පුදුමයි මචෝ... මම දන්න විදියට එළකිරි එකේ ගොඩක් දෙනෙක්ට ඔය තත්වෙ මචන්.(මටත් :() ඇත්තටම ආදරේට නියම අරුථක් ලැබෙනවනම්........ :dull:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇතතටම ඇග කිලි පොලා යන නිර්මාණයක් මචන්
    උඹෙ අනික් ත්‍රෙඩ් එකේ තියෙන එකත් නියමෙටම ලියල තියෙනව මට කියවල ඉවරඋනාම ඉන්නෙ computer එක ඉස්සරහද කියලවත් මතක නැති උනා
    උඹල දෙන්නට එක්වෙන්න ලැබේවා තියන බාධක දුරුවේවා කියල ප්‍රාර්ථනා කරනව

    අනේ මන්ද බං. අපි දෙන්නට කවදාවත් බාධක කියල දෙයක් තිබ්බෙ නෑ. ඒකම තමයි උන එකම බාධාව :(
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    niyamai macho thanz 4 da sharing +reped

    :)

    ලස්සන නිර්මාණයක් මචෝ. ඇත්තටම ආදරේ හරි පුදුමයි මචෝ... මම දන්න විදියට එළකිරි එකේ ගොඩක් දෙනෙක්ට ඔය තත්වෙ මචන්.(මටත් :() ඇත්තටම ආදරේට නියම අරුථක් ලැබෙනවනම්........ :dull:

    ඔයාටත් කවදහරි ඔයාට හිමි ආදරේ ලැබෙයි. දුක් වෙන්නෙපා. දෙවියෝ ඔයා වෙනුවෙන් හිමි කාරියෙක් මේ ලෝකෙ මවල ඇති :)