දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙ&#3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙ&#3

    :yes::yes: දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙරහැර ය. :yes::yes:




    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස හා පක්ෂ කාර්යාලය සෝදිසි කරන්නට වරෙන්තුවක් ඉල්ලා අධිකරණයට ගිය පොලීසියට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. එහෙත් උත්සහය උන් අත්හරී ද යන්න තවම ප්‍රශ්නයකි. ප්‍රධාන පෙලේ නායකයින් සිරකරන්නට සැළසුමක මේ සළකුණු විය හැකි ය.


    ඊයේ කරු ජයසූරිය මහතාගේ බිරිදගේ නිවසක් ද එසේ සෝදිසියට ලක්විය.


    ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා ආ ගිය අතක් නැත. ඔහු රජය අපහසු තාවයට පත් කරන්නට වුවමනාවෙන් හැංගී ඇතැයි කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ය. ආණ්ඩුව තමන් විසින්ම අපහසුතාවයට පත් කරගනිමින් ඉන්නා පරිසරයක ඒ සදහා තව කෙනෙකු ඉදිරිපත් විය යුත්තේ මන්දැයි මට නම් නොතේරේ.


    ජේෂ්ඨ පොලීස් අධිකාරී නිමල් ලෙව්කේ මහතාගේ මාරුවීම අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    බොරු ප්‍රචාර නැවැත්වීම සදහා පුවත් පත් සාකච්ඡා පැවැත්වීම සදහා විපක්ෂය කළ ඉල්ලීම සළකා බලා ඊට අවසර දීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    මැතිවරණයට පෙර දිනය වන අදත් රාජ්‍ය‍ මාධ්‍ය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පසු වෙයි. ඒ රාජ්‍ය මාධ්‍ය හීලෑ කිරීමට බැරිතැන පත් කළ බලධාරියා ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නැවත කැදවා ගත් පසුබිමක ය. මේවා සිදුවන්නේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම මහා නායක හිමිවරු රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය හෙළා දැක ප්‍රකාශ නිකුත් කළ පසුබිමක ය.


    රජයේ නිලධාරීන් හිරිකිතයක් නැතිවම තමන්‍ යටතේ වැඩ කරන අයට බලපෑම් කරමින් සිටියි හමුදා නිලධාරීන් හමුදා ඇදුමෙන්ම දේශපාලනය කරමින් සිටී.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති ශ්‍රි ලංකා භික්ෂු සංග‍මයේ හිටපු ප්‍රධාන ලේකම් ආයුධ සගවා ගෙන සිටියේ යැයි කියම්න් අත්අඩංගුවට ගන්නා නමුත් එ හිමියන් සරත් ෆොන්සේකාට සහයෝගය දෙනවා යැයි කියනවා මිසක ශ්‍රීලනිප භික්ෂු සංගමයේ හිටපු ලේකම් බව ද කියන්නට අමතක වෙයි මේ දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමෙන් අනතුරුව ය මල්වතු නායක හිමියන්ට බෙන්ස් රථයක් පිරිනමන්නට ගොස් කරගන්නට බැරිව පැමිණිමෙන් අනතුරුව ය


    වංචාව හා දූෂණය සිදු කළ අය දැන් ඒවායින් රැකීම සදහා ද ඒවා ඉදිරියටත් කිරීම සදහා ද අවශ්‍ය අවසන් සටනට සූදානම් වෙමින් තිබේ.


    ප්‍රජාතන්ත්‍රවාදය හොදට ම අසාධ්‍ය වෙලා ය. හෙට ශල්‍ය කර්මය වැරදුනොත් මිහිදන් කරනු ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත.


    එක්කෝ ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දෙනු ඇත. නැත්නම් එය වළදැමීම සදහා අවසන් ඇණයත් ගැසීමට දායක වනු ඇත


    විශ්වාසනීය වෙනසක් කළේ නැත්නම් ඔබට හිමිවන්නට නියමිත අසුභ අනාගතයකි.




    මේ අප ලියන අවසන් බ්ලොග් සටහන් කීපය විය හැකි ය. දිගින් දිගට ලිවීම තේරුමක් නැති නිසා පමණක් නොවේ. වෙනසක් වූයේ නැත්නම් නොලිව්වාට ඔබට තේරුම් යන්නට ඕනෑ තරම් සාක්කි ඇස් පනා පිට ලැබෙනු ඇති බැවිනි. වෙනසක් සිදුවන්නේ නම් අප අනිද්දාත් ඔබ හමුවන්නෙමු. අලුතින් බලයට පත්වෙන්නන් වැරදි පාරේ ගියොත් උන්ට අනතුරු අගවන්නට අප සිටිය යුතු බැවිනි.


    Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan252/
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg
     
    ඊයේ මටත් කියන් හිතුන දෙයක්.
    "දිගින් දිගට ලිවීම තේරුමක් නැති නිසා පමණක් නොවේ. වෙනසක් වූයේ නැත්නම් නොලිව්වාට ඔබට තේරුම් යන්නට ඕනෑ තරම් සාක්කි ඇස් පනා පිට ලැබෙනු ඇති බැවිනි."
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම දෙශපාලනය නෙමෙයි මේ කතා කරන්නේ මචන්........මට තවම චන්දෙත් නෑ...ඒත් මම ගොඩාක් දෙවල් හොයල බැලුවා....මිනිස්සු කතා කරන දේවල් අහ0 හිටියා....ඔය හැම දෙකින්ම පෙනිච්ච දෙවල් තමයි

    1. සරත් ෆොන්සේකා මහත්මයා පැරදුනොත් පැරදෙන්නේ එයාගේ කට නිසා
    2.ජනාධිපතිතුමා පැරදුනොත් පැරදෙන්නේ මේ දවස් වල එයාගේ ගෝලයො පෙන්නන චන්ඩිකම් නිසා
     
    මම දෙශපාලනය නෙමෙයි මේ කතා කරන්නේ මචන්........මට තවම චන්දෙත් නෑ...ඒත් මම ගොඩාක් දෙවල් හොයල බැලුවා....මිනිස්සු කතා කරන දේවල් අහ0 හිටියා....ඔය හැම දෙකින්ම පෙනිච්ච දෙවල් තමයි

    1. සරත් ෆොන්සේකා මහත්මයා පැරදුනොත් පැරදෙන්නේ එයාගේ කට නිසා(වෙන පැහැදිලි වරදක් නැත)
    2.ජනාධිපතිතුමා පැරදුනොත් පැරදෙන්නේ මේ දවස් වල එයාගේ (අනුදැනුම මත)ගෝලයො පෙන්නන චන්ඩිකම් (නොපනත්කම්)නිසා
    ඔබන්න හිතෙනවා රෙප් දෙකක්:D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔබන්න හිතෙනවා රෙප් දෙකක්:D



    මම කිව්වේ මිනිස්සු කතා වෙන දේවල් නේ...හරි, වැරැද්ද ගැන මට හරි අයිඩියා එකක් නෑ:no:......ඒත් මම ප්‍රාර්ථනා කරනව අපේ රට ජපානේ,චීනේ වගේ රටක් බවට පත් කරන්න පුලුවන් නායකයෙක් හෙට චන්දෙන් පත් වෙන්න කියල...

    රෙප් ඔබනව කියන්නේ -රෙප් දෙන එකද මචො???:D
     



    මම කිව්වේ මිනිස්සු කතා වෙන දේවල් නේ...හරි, වැරැද්ද ගැන මට හරි අයිඩියා එකක් නෑ:no:......ඒත් මම ප්‍රාර්ථනා කරනව අපේ රට ජපානේ,චීනේ වගේ රටක් බවට පත් කරන්න පුලුවන් නායකයෙක් හෙට චන්දෙන් පත් වෙන්න කියල...

    රෙප් ඔබනව කියන්නේ -රෙප් දෙන එකද මචො???:D
    ඔව් ඒක තමයි වෙන්න ඕන.:D
    රෙප් දෙන්න තමයි බැලුවේ.ඒත් අදට බාධාවක් තියනවා.හෙට සලකන්නම්.:yes: