මොලේ තියෙන රටවැසියන්ට

Sakibura

Member
Sep 20, 2009
226
10
0
මොලේ තියෙන රටවැසියන්ට

මොලේ තියෙන රටවැසියන්ට ජෙනරාල්ට ඡුන්දය නොදෙන්ඩ රනිල්ගේ ජිටීවී සාකච්ඡාව ප‍්‍රමාණවත් Written by Nalani Perera Monday, 25 January 2010 21:10 Top Lanka News ජනවාරි 25
රනිල් පසුගිය සතියේ ජීටීවී රූපවාහිනීය මගින් දෙමළ ඩයස්පෝරාවට කී අදහස්ටික අවබෝධකරගත හැකි මොළේ තියෙන ශ‍්‍රී ලාංකිකයින් ජෙනරල් ෆොන්සේකාට ඡන්දය දෙන්නෙ නෑ. ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යළි දිනවිය යුතු මන්ද යනුවෙන් අදහස් දක්වමින් ලිපියක් සපයන බටහිර කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී නාලිනී පෙරේරා සදහන් කරයි.
රනිල් කියන්නෙ පුදුමාකාර දෙබිඩි චරිතයක් තියෙන දේශපාලනඥයෙක්. පරංගි ලංකාව ආක‍්‍රමණය කරපු කාලෙ සිංහල සිංහාසනය පෘතුගාලේ දොන් ජුවාන් රජ්ජුරුවන්ට පාවාදුන් ධර්මපාල හෙවත් දොන් ජුවන් රනිල් හා සමානයි සමහර කියනව. පාවාදීමෙන් ඔහු දොන් ජුවන්ට සමාන නමුත් දොන් ජුවන් දෙබිඩි චරිතයක් නොවෙයි.රනිල් සිංහලයන් ගොඩට ඇවිල්ල එක දෙයක් කියනව. දෙමළ ජනයා අතරට ගිහින් තව එකක් කියනව. ඔහුට කිසිම බියක් ලජ්ජාවක් නෑ ද්විත්ව චරිතය රගපාන්ඩ. මොන පාවාදීම කළත් අපි එජාප යන බැම්මට බැදුනු පුද්ගලයින් තමා වටා යයි ඔහු සිතනව. ඒ වගේම සිංහලයන් මෝඩයන්ය යන හැගීම ඔහු තුළ තදින්ම පවතිනව නාලිනීගේ ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.

ඇය මෙසේ ද සදහන් කරයි. ජිටීවී සාකච්ඡාව තනිකරම දෙමළ ඩයස්පෝරාවේ උවමනාවක්. එහි ඞී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ ජනපද ව්‍යපාර පවා නිග‍්‍රහයට ලක්කරනව. සිංහල ජාතිය අපගේ දේශය නිග‍්‍රහ කරන මෙවැනි සම්මුඛ සාකච්ඡා වලට යාම පවා අපරාධයක්. රනිල් ජීටීවී සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඇල්ටීටීඊය පරාජය කිරිමේදී අපගේ ආරක්ෂක හමුදාව අනුගමණය කරපු යුද්ධ උපායන් පවා ගැරහිමට ලක්කරනව. රනිල් විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාව මැතිවරණයට ඉදිරිපත් කරන්ඩ එකග වෙලා තියෙන්නෙ මන්දැයි මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනව. රනිල්ගෙ ජීටීඒ සාකච්ඡාව අහන මෙළේ තියෙන රටවැසියෙක් ජෙනරාල්ට ඡන්දය දෙන්නෙ නෑ. ජෙනරාල්ට ඡන්දය දීම යනු රට පාවාදීමක්ය කියනඑක එම සාකච්ඡාව අහන මොළේ තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනව.