ඇත්ත ලියන එක නැවැත්වීමත්... පන්හිඳ වැන්දඹු කිරීමත් අවාසනාවකට වගේ ජිවිතයට වරින්වර විවිධ වේශයෙන් ගලා එන දුක්ඛ දෝමනස්සයන් හා ගලපා ගැනීම සඳහා ක්ෂනිකව ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් පාවා දීම් කල කලාකරුවෝ සාහිත්‍යධරයෝ හිටපු හා අදටත් ඉන්න සමාජයක ඇතුල් පැත්ත මෙසේ එලි දැක්වීම හා දැනුවත් කිරීම පිලිබඳ ඔබට මගේ ආචාරය...
කලාකරුවන්ගේ නිදහස් සිතුවිලි දහරාවට බලෙන් වැට කඩොලු බඳින තාක් කල් හා ඔවුන්ව ජීවත් කරන්නට හා රැක ගන්නට රාජ්‍ය අනුග්‍රහය මත ගොඩ නැගුනු නිසි ක්‍රියා මාර්ගයක්, පිලිවෙතක් හෝ වැඩපිලිවෙලක් නැති තාක් කල් ඔය ක්‍රියාදාමය ඔය විදිහටම සැමදා සිදුවෙන බව ඒකාන්තයි..
ගොඩක් කාලෙකට පස්සේ අපුරු නිර්මානයකින් කල එලි බැසීම ගැන සතුටුයි..
යතාර්ථය හා බැඳුනු කාලෝචිත නිර්මානයක්..දිගටම ලියන්න..ඔබට ජය..