ආණ්ඩුව විකෘති ඡන්ද ප්‍රතිඵලය මත සිට මගේ ජ&#353

yehank

Member
Oct 14, 2006
163
3
0
ආණ්ඩුව විකෘති ඡන්ද ප්‍රතිඵලය මත සිට මගේ ජ&#353

ආණ්ඩුව ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය විකෘතිකරලා ඒ මත සිට තම ජීවිතයට තර්ජනය එල්ල කරමින් සිටින බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ විශ්‍රාමික හමුදා නිලධාරියකු ලෙස තමාට හිමිව තිබූ ආරක්ෂාව පව ආණ්ඩුව මේවන විට ඉවත්කර ගෙන ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "මේ වන විට මගේ ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබෙනවා. ඊයේ ඉදලා යුද හමුදාවේ 1000ක් සහ පොලීසියේ 100ක් විතර ඇවිත් මා නවාතැන්ගත් හෝටලය ‍වටේට දාලා තියනවා. මගේ ආරක්ෂාවට සිටි මිලිටරි පොලිස් 12ක් මාංචු දාමා දණගස්වා, හිංසා සිදුකර රැගෙන ගියා. දැන් මට උපදෙස් ලැබිල තියනවා මගේ ආරක්ෂාවට සිටින ඉතිරි සෙබළුන් 70 දෙනා සහ වෙඩි නොවදින වාහන සහ අනෙකුත් වාහන සියල්ල ලබා දෙන ලෙස.

පියවරෙන් පියවරට මගේ ආරක්ෂාව අඩුකරලා මගේ ජීවිතයට තර්ජනයක් ඇති කිරීමට ආණ්ඩුව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉන්නවා. ඒක රටේ මහජනතාව දැනගතයුතුයි. ආණ්ඩුව ඡන්ද ප්‍රතිඵලය විකෘතිකරලා ඒ මත ඉදගෙන මගේ ජීවිතයට තර්ජනය කරන්න හදනවා. මට ආරක්ෂාව හිමි වුණේ ඡන්දය නිසා නොවෙයි. හමුදාවෙන් විශ්‍රාම ගියාම මට ආරක්ෂාව තිබුණා. මට ආරක්ෂාව හිමිවුණේ මට තිබෙන ත්‍රස්තවාදී තර්ජන නිසයි. එම නිසා රජය මේ ගන්නා පියවර සියල්ල ඝාතන සැලැස්මක් බව ඉතා පැහැදිලියි. " යැයි ප්‍රකාශ කළේය.
687474702s7777772r6p616r6o6174727574682r636s6q2s73696r2s696q616765732s70686s746s732s4461696p792s323031302s6n616r756172795s2s32382s7366303132382r6n7067