රනිල් දේශපාලනයේදී මහත්මයෙකි.

Treveen

Member
Aug 4, 2009
225
21
0
රනිල් දේශපාලනයේදී මහත්මයෙකි.

:frown::nerd::dull::yes:
රනිල්ට දේශපාලනය ගැලපේන්නේ නැතයැයි පැවසීම වැරදිය. රනිල් දේශපාලනයේදී මහත්මයෙකි. ඔහු විපක්ෂනායක කම දරමින් මේ රටේ ජනතාවට ජාත්‍යන්තර ආරක්ෂනයක් ලබාදේ. ඒ කාර්‍යයට ජවිපෙ හෝ රජය ගැලපෙන්නේ නැත. ජේ.අර් ගෙන් දේශපාලනය හැදෑරූ අයෙකු හැර එම කාර්‍යයේ නිරතවීම ඔනෑම අයෙකු ඇන ගන්නා තැනකි. ඔහු මෙම ජනාධිපතිවරයා යටතේ අගමැතිකමටද සුදුසු අයෙකි.

ලංකාවේ අධ්‍යපනය ලැබුවත් මොහුට හරියට සිංහල හෝ දෙමළ බැහැ. එවැනි පන්තියක අයෙකු හැර
ජවිපෙ හෝ රජයේ අනෙක් මැති ඇමතිවරු ගැලපෙන්නේ ද නැත. ඉංග්‍රීසි හොදට පුලුවන් නිසා හිතන්නේද ඒවිදිහටය. පොඩි කාලේ ඇසුරු කලේ ඔක්කොම දේශපාලනික ස්ථරයේ ප්‍රභූන්ය. සමාන්‍ය මිනස්සුත් එක්ක ගැටිලා ඔහුට පුරැද්දක් නැහැ. ඒ හින්දා මෙතුමා පොඩි මිනිසුන්ට හදවතින්ම අනුකම්පයි. එහෙත් පොළවේ පය ගහන්න දන්නේ නැත. එනිසාම සාමාන්‍ය ජනතාව මෙයාට කැමති නැත.

එනිසා තමයි මොහු ජනාධිපතිවරණයේදී මහත්මයෙක් වගේ පරාජය පිලිගත්තේ. එය දේශපානලනයේ පරිනත පුද්ගලයෙකුට හැර සිදුකල නොහැක්කකි. නුවර පැත්ත කරුනාකර නිවැරදි වන්න.