රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස

yehank

Member
Oct 14, 2006
163
3
0
රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස

වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය ඉඩියමින් පන්නයේ පාලනයක් වෙත තල්ලුවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදි අදහස් දැක්වූ දිසානායක මහතා, "මහින්ද රාජපක්ෂ පාලනය ඉඩියමින් පාලනය ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. එහි පෙර නිමිති සහ ක්‍රියාකලාපයන් තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. මීට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාට තර්ජනය කරමින්, ලංකා පුවත්පත ගිනි තියන බවට ප්‍රකාශයක් කළා ඒ අනුව අපට සැක කරන්න පුළුවන් එතුමාගේ උපදෙස් හා නියෝග මත තමයි මේ ලංකා පත්තරයට සීල් තියලා තියෙන්නේ. " යැයි ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍යවේදීන්ට තමන්ගේ නිදහසේ කටයුතු කරන්න අවස්ථාව සලසා දියයුතුයි. නමුත් රාජපක්ෂ පාලනය පත්තරවලට මුද්‍රාතබමින්, පත්තර තහනම් කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉඩියමින් පන්නයේ පාලනයක් වෙතයි මේ තල්ලු වෙමින් තිබෙන්නේ. මේ ගමන ඉතාමත් අහිතකර ගමනක්, මේ ගමන පරාජයට පත් කළයුතුයි. ඒ සදහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අගයන සියලු දෙනා ඒකාබද්ධ වියයුතුයි කියා අප සිතනවා." යැයි ද පැවසීය.


anuralanka01.jpg




anuralanka03.jpg


anuralanka02.jpg


source:http://www.lankatruth.com/sin/index...-44-03&catid=35:2008-10-13-08-30-14&Itemid=63