අනේ කාලේ වනේ වාසේ

අනේ කාලේ වනේ වාසේ

අනේ කාලේ වනේ වාසේ

මුතු බෙල්ලන් විසි කරනව
ගොළු බෙල්ලගෙ මුතු හොයනව
සඳුන් හරය ගිනි තියනව
උරුලෑවන් ගෙන ඉඹිනව

කිරි අම්මල මරන් කනව
එතෙර කිරට කෙළ හළනව
රන් බිජුවට වහල් වෙනව
කිකිළි මරා බිජු ගන්නව

බල්ලො එක්ක නිදියනවා
මැක්කො එක්ක නැගිටිනවා
සොක්කන් ලොක්කන් වෙනවා
රථ රෝදය කැරකෙනවා

ඉස්ස නිස්ස යයි කියනව
මැස්ස මලට දොස් කියනව
නිස්සො පස්ස දොරට යනව
පුස්සො නිස්සො වී ඉන්නව

දකුණත වමතින් කපනව
වමතින් සිය ගෙල සිඳිනව
එළදෙන්නුත් දුවන් එනව
පැටවුන්ගෙන් කිරි උරනව

යක්කු තොවිල් කවි කියනව
යක්ෂණියන් බෙර ගහනව
කට්ටඩියන් පරල වෙනව
ඇට කටු ගොඩ ඉතුරු වෙනව

ඉර ගිනි අරගෙන දැවෙනව
පපුව පැලී හඳ මැරෙනව
තරු කුමරියො ඉකි බිඳිනව
සිඳු වියරුව ගොඩ ගලනව

දෙය්යා කියල අද කියනව
හෙට පර බල්ලක් ‍කරනව
ගහපු පදේ වෙනස් වෙනව
බෙරේ පැලිල දොස් කියනව


(උපුටා ගත් කොටසක් සිහිතයි)
 
  • Like
Reactions: krizta

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියමෙටම කියලා තියෙනවා... අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වේ කිව්වලු... එලකිරි ශම්මි අක්කේ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Pissu hedenawane,
    Berayak gagaha kiyanna hitenawa me kawiya...patta :yes:


    :lol::lol::lol: ලොල් මී හරක් අයියාටත් හිතෙන දේවල්:lol::P

    අනේ කාලේ වනේ වාසේ

    මුතු බෙල්ලන් විසි කරනව
    ගොළු බෙල්ලගෙ මුතු හොයනව
    සඳුන් හරය ගිනි තියනව
    උරුලෑවන් ගෙන ඉඹිනව

    කිරි අම්මල මරන් කනව
    එතෙර කිරට කෙළ හළනව
    රන් බිජුවට වහල් වෙනව
    කිකිළි මරා බිජු ගන්නව

    බල්ලො එක්ක නිදියනවා
    මැක්කො එක්ක නැගිටිනවා
    සොක්කන් ලොක්කන් වෙනවා

    රථ රෝදය කැරකෙනවා

    ඉස්ස නිස්ස යයි කියනව
    මැස්ස මලට දොස් කියනව
    නිස්සො පස්ස දොරට යනව
    පුස්සො නිස්සො වී ඉන්නව

    දකුණත වමතින් කපනව
    වමතින් සිය ගෙල සිඳිනව
    එළදෙන්නුත් දුවන් එනව
    පැටවුන්ගෙන් කිරි උරනව

    යක්කු තොවිල් කවි කියනව
    යක්ෂණියන් බෙර ගහනව
    කට්ටඩියන් පරල වෙනව
    ඇට කටු ගොඩ ඉතුරු වෙනව

    ඉර ගිනි අරගෙන දැවෙනව
    පපුව පැලී හඳ මැරෙනව
    තරු කුමරියො ඉකි බිඳිනව
    සිඳු වියරුව ගොඩ ගලනව

    දෙය්යා කියල අද කියනව
    හෙට පර බල්ලක් ‍කරනව
    ගහපු පදේ වෙනස් වෙනව
    බෙරේ පැලිල දොස් කියනව


    (උපුටා ගත් කොටසක් සිහිතයි)




    නියමයි ශම්මි අක්කී ඇත්ත ඇති සැටියෙන්...

    "දෙය්යා කියල අද කියනව
    හෙට පර බල්ලක් ‍කරනව
    "

    ජනතාවගේ පරමාධිපත්‍යත් දැන් ඕන ඕන විදියට පාවිච්චි කරනවා ..එහෙව් රටක මොන ඡන්දද...?
    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කීවලු :rolleyes:

    වෙන්න තියන දේ අපිත් නිහඩව බලා ඉමු. බොරුවට ආයුෂ නෑ කියනවනේ වරදක් කලා නම් පසුව හෝ කල කල දේට ඵල දේවි..(වරදක් සැබෑවටම කලානම් පමණි ) :yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක්නෙ ශම්මි ......
    හොඳට ලියල තියෙනවා
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත තිත්තයි
    නමුත් ඇත්ත සත්‍යයි
    රිදෙනවා කරන්න දෙයක් නැහැ
    නංගි නොබියව ඇත්ත දාලා තියෙනවා
    ස්තුතියි
     
    මං වගේම මෝඩයෙක්;6591684 said:
    පද ගැළපීම බින්දුවයි. එළිසමය අවමයි. හරිම කැතයි.
    මෝඩයා කියල මරන්නයැ:rofl:

    ඇත්ත තිත්තයි
    නමුත් ඇත්ත සත්‍යයි
    රිදෙනවා කරන්න දෙයක් නැහැ
    නංගි නොබියව ඇත්ත දාලා තියෙනවා
    ස්තුතියි
    ස්තුතියි ඔයාට!:)