හමුදාව ගෝඨාකරණය වෙයි - රාජ්‍ය විරෝධී චෝදන&#353

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
හමුදාව ගෝඨාකරණය වෙයි - රාජ්‍ය විරෝධී චෝදන&#353

http://lankatruth.com/sin/index.php...-28-44&catid=34:2008-10-13-08-28-51&Itemid=27
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 14 ක්‌ ඊයේ (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය විශ්‍රාම යවා තිබේ. රාජ්‍ය විරෝධී සැලසුමකට සහයෝගය ලබා දීම මෙම හමුදා නිලධාරීන්ට එල්ලවී ඇති චෝදනාවයි.
මෙලෙස අනිවාර්ය විශ්‍රාම යෑවූ නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරුන් පස්‌දෙනෙක්‌, බ්‍රිගේඩියර්වරු පස්‌දෙනෙක්‌, කර්නල් හා ලුතිනන් කර්නල්වරු දෙදෙනකු හා කපිතන්වරු දෙදෙනෙක්‌ ද වෙති.

ශ්‍රී ලංකාවේ හමුදා ඉතිහාසය තුළ එකවර මෙපමණ හමුදා නිලධාරීන් සංඛ්‍යාවක්‌ අනිවාර්ය නිවාඩු යෑවූ මුල් අවස්‌ථාව මෙය වේ. 1962 පැවැති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී හමුදා නිලධාරීන් කීපදෙනකු අනිවාර්ය නිවාඩු යවා තිබුණි.

මොවුන් අනිවාර්ය නිවාඩු යෑවූ බව දන්වන ලිපි ඊයේ සවස යවා තිබුණි. මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ මේජර් ජෙනරාල් ඩී. ලියනගේ, මේජර් ජෙනරාල් රාජිත සිල්වා, මේජර් ජෙනරාල් ජයනාත් පෙරේ¨රා, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර් ඩී. ඩී. ඩයස්‌, බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන, බ්‍රිගේඩියර් මොහොට්‌ටි, බ්‍රිගේඩියර් හැන්නදිගේ, මේජර් ජෙනරාල් සූරියබණ්‌ඩාර, බ්‍රිගේඩියර් කුමාරපෙරුම, කර්නල් තිලක්‌ උභයවර්ධන, ලුතිනන් කර්නල් ජයසූරිය, කපිතාන් රණවීර සහ කපිතාන් ක්‍රිෂාන්ත යන අය වෙති.