62 වන නිදහසට පෙරවදනක්................

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    62 වන නිදහසට පෙරවදනක්................

    flags-srilanka.gif

    62 වන නිදහස සමරන අද දවසේ අපගේ මව්බිම ගැන ඔබ සියලුදෙනා දන්නා කරුණු කිහිපයක් කැටිකර මෙම ලිපිය සකසන ලදී.

    අතීතයේ ග්‍රීකයින් තැප්‍රොබේන්, අරාබීන් සෙරන්ඩිබ් ද පෘතුගීසීන්ගෙන් පසු සිලෝන් ලෙසද හැදින්වූ අපරට 1972 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වේ.

    ඉන්දියන් සාගරයෙන් වටවී ඇති අපගේ සුන්දර දිවයින 6°54′N 79°54′E යන අක්ෂාංශ දේෂාංශ අතර පිහිටා ඇත. උණුසුම් කාළගුණයෙන් හා මෝසම් වර්ෂාවෙන් සමන්විත අපරට පෙරදිග මුතු ඇටය ලෙස හැදින්වේ.

    මුළු ප්‍රමාණය-65,610 km2
    අගනුවර-ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    ජනගහනය-20,238,000
    ජනගහන ඝනත්වය-308.4/km2
    ජාතික වෘක්ෂය-නා ගස
    ජාතික පුෂ්පය-නිල් මහනෙල්
    ජාතික සත්වයා-වළි කුකුළා
    ජාතික ක්‍රීඩාව-වොලිබෝල්

    ජල පෝෂක ප්‍රදේශ-980 km2
    වෙරළ තීරය-1,340 km
    උසම ස්ථානය-පිදුරුතලාගල 2,524 m

    ජනගහන වර්ධන වේගය-0.904%
    උපත් අනුපාතය-16.26/1000
    මරණ අනුපාතය-6.13/1000
    නාගරික ජනගහනය-15%
    ආයු අපේක්ෂාව-අ.වු 75.14
    සාක්ශරතාවය-90.7%

    ප්‍රාග්ධනය-ඩොලර් බිලියන 96.83
    ආර්ථික වර්ධනය-6.9
    වානිජ්‍ය බැංකු පොළී-16.5%

    ජාතික වාර්ශික විදුලි පරිබෝජනය-බිලියන 9.901kWh
    ජාතික බොරතෙල් පරිබෝජනය-බැරල් 89,000 දිනකට

    දුරකතන ග්‍රාහකයින්-මිලියන 15
    අන්තර්ජාල ග්‍රාහකයින්-මිලියන 2

    දුම්රිය මාර්ග-1,449 km
    මහා මාර්ග-97,286 km

    srilanka.jpg

    අපට වසර 25000ක් පමණ ඉතිහාසයක් ඇත. රාමායණයේ පරිදි කුවේර නම් දෙවියා වෙත විෂ්වකර්ම දෙවියා ලංකාපුරය තනාදී ඇත. පසුව රාවණා රජු මෙය පාලනය කර ඇත. මෙම ගොත්‍රිකයන්ගෙන් පසු ක්‍රි.පූ.543 දී විජය කුමාරයා රට පාලනය කරඇත. ඉන්දියාවේ අශෝක රජු විසින් ලංකාවට බුදුදහම ගෙන එන ලදී. දේවානම්පියතිස්ස රජු ප්‍රථම බෞද්ධ රජු විය. පසු කාලීනව ඉන්දියානු සොළී බලපෑම් වලටද යටත් වෙමින් හා ඒවායින් මිදෙමින් රට පැවතිනි.

    1505 දී පෘතුගීසි නැවි ලොරෙන්සෝද අල්මේදා අහබුලෙස දිවයිනට පැමිණුනි. ඒ වනවිට රාජධානි 3ක් පැවතිණි.
    රුහුණු, මායා, පිහිටි.
    පෘතුගීසි, ලන්දේසි බලපෑම් මඟින් දේශපාලනමය, සංස්කෘතිමය,සමාජීයමය විවිධ වෙනස්කම් රටේ සිදුවිය.
    1796 දී ඉංග්‍රීසීන්ගේ ආගමනය සමඟ බිඳවැටීම ආරම්ඟවිය. 1815දී ලංකාව ඉංග්‍රීසී අධිරාජ්යයේ යටත් විජිතයක් බවට පත්විය.
    ඉංග්‍රීසීන් තේ, පොල්, රබර්, කුරුදු, කෝපි වැනි බෝග හදුන්වාදීමෙන් රටේ ආර්ථිකමය වෙනස්කම් රැසක් සිදුවිය.
    ඉංග්‍රීසීන්ට විරුද්ධව සිදුවූ කැරලි දරුණු ලෙස මර්ධනයද සිදුවිය.

    2වන ලෝක යුද්ධයෙන් පසුව නිදහස පිළිබද නැවත හැඟීමක් ජනතාවට ඇතිවිය.
    1947 ඔක්තෝම්බර් 14වන දින ප්‍රථම සිංහල අගමැති ලෙස ඩී.එස්. සේනානායක පත්විය.
    1948 පෙබරවාරි 4වන දින මහනුවර මඟුල් මඩුවේදී අපරට නිදහස ලැබීය.

    DS.jpg

    1983 සිට නැවතත් රටට නපුරු කාලයක් උදාවිය. එය උතුරු නැගෙනහිර බෙදුම්වාදයේ ආරම්භයයි. මහා විශාල ජීවිත හානියක්, ආර්ථිකමය හානියක් රටට උදාකළ කුරිරු යුද්ධය 2009 මැයි 19වනදා අවසන්විය..

    3982855681_8b12965863.jpg

    බෞද්ධ ආගම ප්‍රධාන ආගම වන අතර හිංදු, ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර් වැනි ආගමද සහජීවනයෙන් ජීවත්වේ.
    සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හා වෙසක් උත්සවය රටේ ප්‍රධාන අංගවේ.

    ආනයන අපනයන ආර්ථිකමය රටක් වන ලංකාව අද වනවිට විශාල දියුණුවක් ලබාඇත.
    ආර්ථික වර්ධන වේගය 11% වන අතර එය දෙවැනි වන්නේ චීනයට පමණි.
    ලොව සුන්දරම රටවල් අතරද ප්‍රථම ස්ථානය අපරට වේ.

    links.jpg

    62වන නිදහස සමරන මෙම අවස්ථාවේ රටේ පුරවැසියන් ලෙස සියලු භේද පසෙකලා එකාවන්ව රටට සේවය කිරීමට සිතාගමු.....

    මෙයට එලකිරි පවුලේ සාමාජික migaramk
    image.php

    Animated-Flag-Sri-Lanka.gif

    ඔබගේ නිදහස් පණිවුඩයත් මෙහි සඳහන් කරන්න.
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.

    කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.

    R300.jpg

    R04.jpg

    R02.jpg

    R03.jpg
     
    • Like
    Reactions: prasadana2

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    :lol::lol::lol: පව් අන්කල් තාම අඩනව.......
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    1948 ලද නිදහස සමරමුද?

    03-Freedom-.jpg

    නැත.. 1815 දීද නොනැසි.... ආත්මාභිමානය සමරමු !

    if like my thread, give me a reputation :love:
     
    • Like
    Reactions: MalMalli
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    1948 ලද නිදහස සමරමුද?

    03-Freedom-.jpg

    නැත.. 1815 දීද නොනැසි.... ආත්මාභිමානය සමරමු !

    if like my thread, give me a reputation :love:

    හොරකම් කරපු කිරුළක්
    බලෙන් පැළඳගෙන ඉන්න මැරයෙක් යටතෙ
    මොන අභිමානයක්ද?

    :D
     
    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.

    කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.

    R300.jpg

    R04.jpg

    R02.jpg

    R03.jpg

    mekath kanna epa ... meka lankava gana thread ekak ... uba ta kiyanna vachana naaaa