ජාතික කොඩියට ගරු කරන්න
යම් රටක ස්‌වාධීනත්වය සහ එම රටේ ජීවත් වන ජනතාවගේ එක්‌සත් බවේ සංකේතය නිරූපණයේදී ජාතික කොඩියට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. "ජාතික කොඩියට ගරු කරන්න, ඉන් ඔබ ද ඔද වැඩී යනු ඇත" ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩය වේ. සෑම ශ්‍රී ලාංකිකයකුගේ හදවතට මේ පණිවුඩය යායුතු වේ. ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු හා සිතුම් පැතුම් පිළිබිඹු කරන සංකේතය වන ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.
අද අප සමරනුයේ 62 වැනි නිදහස් දිනයයි. දශක තුනකට පසුව සියලු ශ්‍රී ලාංකිකයන් එක්‌ව සිත්සේ වචනයේ පරිසමාප්තයෙන් නිදහසේ සරමනු ලබන නිදහස් දිනයක් ලෙස අද සමරන 62 වැනි නිදහස් දින හැඳින්විය හැක. අධිරාජ්‍යවාදී ආක්‍රමණයෙන් පසු මෙරට නැවතත් අරාජික තත්ත්වයට ඇද දමනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසුව දිවයිනේ සතර දිග් භාගයේම ශ්‍රී ලංකා ජාතික ධජය සාඩම්බරයෙන් ලෙළ දෙන පළමු අවස්‌ථාව මෙය වේ.
එලෙස ලෙල දෙන ජාතික කොඩිය දකින සෑම ශ්‍රී ලාංකිකුගේම දෙඋර සෘජුවී, හදවත් ජාතිමාමකත්වයෙන් පුබුදුවී සියලු සිතුම් පැතුම් මව්බිම දෙසට යොමුවීම නිරායාසයෙන්ම සිදුවිය යුතුය. එලෙස ජනිත වන හැඟීම් ඇත්තෝ භාග්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝ වෙති.
අද භාවිත ජාතික කොඩිය 1978 සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසකි.
ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථා
ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථාවන් දෙකකි. එනම් ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හිදී සහ සියලුම රාජ්‍ය උත්සවලදීය.
ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන අවස්‌ථාවන් අනුව එය භාවිත කළ යුතු ආකාර පිළිබඳ මීළඟට සලකා බලමු.

elakiri machan