මැතිවරණය ගැන ජවිපෙ අතීරණයක

Jan 29, 2010
33
6
0
මැතිවරණය ගැන ජවිපෙ අතීරණයක

එළඹෙන මහ මැතිවරණයට තම පක්‍ෂය තරග කරන ආකාරය ගැන අවසාන තීරණයක් ගත නොහැකි වීමේ අර්බුදයකට ජවිපෙ මුහුණ දී ඇතැයි වාර්තා වේ. තනිව තරග කිරීමෙන් අත්වන පරාජය අවම කර ගැනීම සඳහා එජාපය හා එක්ව තරග කළ යුතු යැයි ජවිපෙ ඇතැම් නායකයන් කියා සිටිය ද පසුගියදා එක්සත් ජාතික පක්‍ෂය විසින් තම දිස්ත‍්‍රික් නායකයන් සමග කළ සාකච්ඡුා වලදී ඔවුන් පෙන්වා දී ඇත්තේ ඉදිරි මැතිවරණය තමන්ට අවාසි සහගත බැවින් තම අපේක්‍ෂක ලැයිස්තු වලට ජවිපෙ නම් ඇතුළත් කර ගැනීමෙන් ඒ තත්වය තවත් බරපතල විය හැකි බවය. අපේක්‍ෂක ලැයිස්තු වලට ඇතුළත් වීම සඳහා එජාපය තුළම දැඩි තරගයක් පවතින බව ද තමන්ට ඉදිරි මැතිවරණයෙන් හිමිවනු ඇත්තේ අල්ප මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවක් බව ද පෙන්වා දුන් එජාප නායකයන්ගේ මතය වූයේ තම පක්‍ෂය ගම් මට්ටමින් ද මේ වන විට දුර්වලව ඇති බැවින් ජවිපෙ අපේක්‍ෂකයන්ට තම මනාප කොල්ලකෑමට ඉඩ දිය යුතු නැති බවය.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මම මෙ බෑලුවෙ අතුලගෙ MR බිතිකාව හොද වෙලාද කියල........ බලද්දි මෙ ඩුප්ලිකෙට් අතුල කෙනෙක් නෙ.......:rolleyes: