එච්.ඒ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
එච්.ඒ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු, රංගදරයකු, රංග කලා ආචාර්යවරයකු සහ සංගීතඥයකු වූ එච්.ඒ. පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවූ බව වාර්තාවේ.
මිය යන විට ඒ මහතා, ටෙලිකොම් ආයතනයේ සේවය කරමින් සිටි අතර, ටවර් හෝල් සහ තරුණ සේවා නාට්‍ය පාසල්වල ආචාර්යය වරයයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. හිට්ලර්, වරෙන්තුව වේදිකා නාට්‍යවලට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ සංගීතයෙන්ද දායකත්වය දැක්වූ ඒ මහතා බොහෝ රසිකයන් අතර ජනප්‍රියව සිටියේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ ඩයස් මාමා ලෙසිනි.

1950 මැයි මස 10 වැනි දින මොලොව එළිය දුටු ඒ මහතා මිය යන විට 59 වන වියෙයි පසු විය.
 
  • Like
Reactions: shammee

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    something a bit strange. Other than derana news site, none of the other major news sites are reporting this news.
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    something a bit strange. Other than derana news site, none of the other major news sites are reporting this news.

    අයියෝ... මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක්.... එයා පහුගිය කාලේ ලෙඩ වෙලා තමා හිටියේ :(


    ඔහුට නිවන් සුව පතනවා
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    1590784246HA.jpg

    එච්.ඒ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

    February 5, 2010 08:10 am
    ප්‍රවීන රංගන ශිල්පී එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු පිළිකා රෝගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක පමණ සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

    1950 මැයි මස 10 වන දින කොළඹ දී උපත ලද එච්.ඒ පෙරේරා මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. වේදිකා‍ , ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිත ගණනාවක්ම රඟ දක්වනු ලැබීය.

    සුමිත්‍රා පීරිස්ගේ "සාගර ජලය මදි හැඬුවා" ඔබ හින්දා චිත්‍රපටයේ එච්.ඒ පෙරේරා මහතා රඟ පෑ චරිතය විශාල ජනාදරයට පාත්‍ර වූ චරිතයකි. ඊට අමතරව දූ දරුවෝ සහ නෑදෑයෝ යන ටෙලි නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂකයිනගේ ආදරයට පාත්‍රවිය.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මිනිසුන් සනහා නිහඩවම සේවයක් කර නිහඩ වූ කලාකරුවෙක්.....

    ඔහුට නිවන් සුව පතමු !
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපිට හිටිය තවත් දක්ෂ චරිතාංඟ රංඟ ශිල්පියෙක් අපේ කලා කෙතට අහිමි වූ මොහොතක්..

    ඔබට නිවන් සුව පතමි....